Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

5/5

TACOCAT

11 Wijerama Mawatha, Colombo 07 00700


Wordplay and visuals aren't the only clever things at TACOCAT.



ඉටෑලියන්, චයිනීස්, ජැපනීස්, ඇරබික් කෑම බීම ගන්න තැන් කොළඹ වැහි වැහැලා තිබුණත්, මෙක්සිකන් කෑම ගන්න තැනක් මේ මෑතක් වෙනකන් තිබුණේ නැහැනේ. හැබැයි ඔන්න ගිය අවුරුද්දේ මැදක් හරියේ වගේ ඉඳලා ටෙක්ස්-මෙක්ස් ටයිප් එකේ කෑම ගන්න පුළුවන් තැන් කීපයක් ම ආරම්භ වුණා. ටාකෝ බෙල්, ලෙට්ස් ටාකෝ; ඒ අතරින් දෙපළක්. ඔන්න ඔය සෙට් එකට ම එකතු වෙන තවත් තැනක් ගැන කියන්නයි මේ හදන්නේ. මේකේ නම ටාකෝකැට්.

තැන

දන්නවනේ අර බ්ලැක් කැට් කැෆේ එක? ඔය කොළඹ හතේ විජේරාම පාරේ තියෙන්නේ. මේ ටාකෝකැට් එක තියෙන්නෙත් ඒ බිල්ඩින් එකේ ම වම් පැත්තේ තියෙන කොරිඩෝර් එකේ තියෙන කාමරේක. මෙතැන සාමාන්‍යයෙන් දහ දොළහකට එක සැරේ වාඩි වෙන්න පුළුවන් විදියට ඉඩ හදලා තියෙනවා. කොළඹ මැද්දේ කියලා නෑ, හරි ම නිස්කලංක ගතියක් තියෙන්නේ.

කෑම බීම

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ කට්ටිය ළඟ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ ටාකොස්. ඒ හැරුණා ම බුරීඩෝ සහ නියුඩි බෝව්ල්ස් එහෙමත් ගන්න ඇහැකි.

ඕඩර් කරන්නේ මෙහෙමයි. මෙතන ටාකොස් ජාති තුනක් තියෙනවා. ඒ චිකන්, බීෆ් සහ වෙජ්. ඔය තුනෙන් ගන්න එක තීරණය කළාට පස්සේ, ඉතුරු හරිය එළවළුවලින් පුරවගන්න පුළුවන්. ඊටපස්සේ ස්වීට් චිලි, ගාලික් බටර් සහ නයි මිරිස් සෝස් අතරින් එකක් හෝ තුනම වුණත් එකතු කරගන්න හැකියාව තියෙනවා.

ඕනේ ම ටාකොස් තුනක් රු.999ක් වගේ වෙනවා. හැබැයි තනි ටාකෝ එක ගන්නවනම් එකක් රු.400යි. ඊළඟට බුරීඩෝත් ඕනේ ම එකක් රු.999යි. බීමට කියල නම් විශේෂයක් නැහැ. කෝක්, ස්ප්‍රයිට් ජාති තමයි.

චිකන් ටාකෝ එක අපට නියමෙට ම අල්ලලා ගියා. ඕනේ කරන කුළුබඩු ජාති සේරම දාපු රස කරි චිකන් එකක් තමයි මේක. හැබැයි තඩි කෑලි නෙවෙයි හොඳේ. නැත්තන් ටාකොස් කන්නත් අමාරු වෙනවනේ. හෙන ම පොඩියට කපපු කෑලි තියෙන චිකන් කරියක් මේක.

අපි එකතු කරගත්ත ගෝවා, තක්කාලි, චීස්, සලාද කොළ, පාස්ලි, හැලපේනියෝ වගේ දේවල්වලින් මේක තවත් රසවත් වුණා. මොකද මේ කට්ටිය එකතු කරන එළවළු සේරම හරි ම ෆ්‍රෙෂ්. අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපි මේකට අන්නාසි ටිකකුත් එක්කාසු කරගත්තනෙ. ඒකෙන් එන ඇසිඩික් එක්ක මික්ස් වෙන පැණි රස ටාකෝ එකට දුන්නේ අමුතුම කික් එකක්. පොඩියට වගේ ඇඹුල් රසක් ආවේ මේ ටාකෝ එකේ තිබුණු නයි මිරිස් සෝස් එකෙන්.

බීෆ් ටාකෝ එකත් මරු. මේකෙත් කරි රස නියමෙට ම එන බීෆ් එකක් තිබුණා. අපි ඒකටත් තියෙන තරම් සේරම එළවළු දාලා තමයි ගත්තේ. මොකද එතකොට හොඳ ෆිලින් මීල් එකක් වෙනවනේ. ස්වීට් චිලි සෝස් එකෙන් එන ස්පයිසි ගතියයි, ලා පැණි රසයි එකතු වෙලා එනකොට පංකාදු පහට කන්න ඇහැකි.

වෙජ් ටාකෝ එකේ කරිය විදියට තියෙන්නේ බීන් කරියක්. මේකෙත් රස පොඩ්ඩක් විතර චිකන් ටාකෝ එකේ වගේ. එක ම වෙනස වුණේ සැර අඩු එක. ඒ වෙනුවට ගාලික් බටර් සෝස් එකෙන් එන ලා ගාලික් රස හොඳට ම දැනුනා. වෙජිටේරියන් අයට රස කරකර කන්න කියාපු ටාකෝ එක.

මේ කට්ටිය අර ටාකෝ බෙල් එකේ වගේ ගනකම ටාකෝ ෂෙල් එක පාවිච්චි කරන්නේ නැහැ. ඔතෙන්ටික් මෙක්සිකන් ටාකෝවල වගේ tortilla රොටිය තමයි යොදාගන්නේ.

අපි බීෆ් බුරීඩෝ එකකුත් ගත්තා. මේකේ එක ම වෙනස වුණේ අර කලින් කිව්ව බීෆ් කරිය, එළවළුත් එක්ක රතු හාලේ බත් ටිකක් එක්කාසු වෙලා තියෙන එක. පත රොටියක් නිසා ඔය ජාති දෙක තුන ම හොඳට පුරවල ගන්න ඇහැකි.

සර්විස් එක

අපි යද්දී කවුන්ටරේ වැඩට හිටියේ එක්කෙනෙක් විතරයි. හැබැයි පටපට ගාලා කෑම ඕඩර් එක දාලා දුන්නේ විනාඩි 5ක් යන්නත් කලින්. කෑම බීමවල විස්තර, ඕඩර් කරන විදිය වගේ ම, රෙකමදාරු ඕනේ නම් ඒවා කියල දෙන්නත් එයා ලෑස්තියි.

අවසාන වශයෙන්

මෙක්සිකන් කෑමකට ලංකාවේ ට්විස්ට් එකක් ගලපන්න සමත් වෙලා තියෙන තැනක් තමයි මේ ටාකෝකැට් එක. ගෙවන ගාණට හොඳ ම විදියට ටාකොස් කන්න පුළුවන් තැනක් විදියට අනිවාර්යෙන් ම මේක නම් කරන්න ඇහැකි. ඔය ටෙක්ස්-මෙක්ස් පාරක් දාන ගමන් හොඳ කෝපි කෝප්පයක් බොන්න හිතුණොත්, බ්ලැක් කැට් එක පැත්තටත් යන්න බැරියැ.


TIP

Try the "call the priest" sauce. It's a diluted nai miris sauce that leaves the flavor without (quite) burning the tongue

Address

11 Wijerama Mawatha, Colombo 07 00700

Directions

Tacocat is located on the premises of Black Cat Cafe, it's a pop up for now and might move to a new place soon, we'll keep you posted

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Dish Types

Vegetarian Chicken Wraps

Cuisine

Mexican Vegan

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
5
Similar Places

User Reviews
W
2

5/5

0

warunamk

Absolutely loved it. Easily the best Mexican I have had in SL.
One should definitely try "call the priest" sauce….

W
2

5/5

0

warunamk

Absolutely loved it. Easily the best Mexican I have had in SL.
One should definitely try "call the priest" sauce….

See 4 Comments