Artwork for U Pay Oct 2018

Takeout Lanka

No.116, Union Place, Colombo 02

Bangladesh's favourite Burger joint is now available in Sri Lanka. The burgers are tasty and all, but the heavy price tag is questionable.

ඉස්සර වගේ නෙවෙයි, දැන්දැන් ලංකාවට පිටරට ෆ්‍රැන්චයිස් රෙස්ටෝරන්ට් එන ගතිය වැඩියි. වෙනදා කොහෙත් දකින KFC, McDonald's, Domino's, Pizza Hutවලට විතරක් සීමා නොවී, දැන් TacoBell වගේ ඇමරිකානු ෆ්‍රැන්චයිස් රෙස්ටෝරන්ට් එහෙමත් දැන් විවෘත වෙනවනේ. ඔන්න දැන් බංගලාදේශේ රෙස්ටෝරන්ට් එකකුත් මෙහෙට ඇවිල්ලලු. ෆේස්බුක් එකේ මේක ගැන පෝස්ට් යනවා දැක්කත්,ඒක පිටරට රෙස්ටෝරන්ට් එකක්ය කියන කතාව මම දැනගත්තේ මෙතැනට ගොඩ වුණාට පස්සෙයි. දැනට මේක පටන්ගෙන සති දෙකක් වගේ.

තැන

මේක තියෙන්නේ යූනියන් ප්ලේස් එකේ. ඔය හිල්ටන් රෙසිඩන්සීස්වලට හැරිලා යන පාර එහෙම පහු කරගෙන කොම්පඤ්ඤවීදිය පැත්තට යද්දී පාර වම් අත පැත්තේ තියෙන ටේක්අවුට් ලංකා එක හරියට බලාගෙන නොගියොත් මඟ හැරෙන්න චාන්ස් එකක් තියෙනවා. මොකද පාර අද්දර ම නෙවෙයිනේ තියෙන්නේ. ඒ නිසා මේකට අල්ලපු වැටේ තියෙන ඩයලොග් බිල්ඩිම මතක තියාගෙන ගියා නම් හරි.

බර්ගර් ජොයින්ට් එකක් වුණත්, මේකේ තියෙන්නේ ෆැමිලි රෙස්ටෝරන්ට් එකක පෙනුම. ලොකු ඉඩකඩක් තියෙන නිසා එක සැරේ 30කට විතර අවුලක් නැතුව වාඩිවෙලා මේ කට්ටියගේ බර්ගර්වල රස බලන්න පුළුවන්. හොඳට ඒසී කරලා නිසා රස්නයක් ඇත්තෙත් නැහැ. රෙස්ටෝරන්ට් එකේ බිත්ති සැරසිලා තියෙන්නේ එයාලගේ මෙනුවේ තියෙන කෑම බීමවල පින්තූරවලින්. ඒවා දැක්ක ම නම් බඩගිනි නැති කෙනෙක්ට වුණත් කන්න හිතෙනවා.

කෑම බීම

මේ කට්ටිය ළඟ තියෙන්නේ චිකන් සහ බීෆ් බර්ගර් විතරයි. සාමාන්‍යයෙන් බර්ගර් කඩවල්වල බීමට තියෙන්නේ කෝක්, ස්ප්‍රයිට් වගේ ජාති විතරනේ. හැබැයි මේකේ මිල්ක්ෂේක් සහ ස්පෙෂල් ඩ්‍රින්ක් සෙට් එකකුත් තියෙනවා. ඔය අතරින් අපි කෑමට ගත්තේ බීෆ් චීස් ඩිලයිට් (රු.750) එකකුයි, බාබෙකියු චිකන් බර්ගර් විත් චීස් (රු.600) එකකුයි. බීම විදියට ස්නිකර් ෂේක් (රු.350) එකකුයි, ස්පෙෂල් ඩ්‍රින්ක් රේන්ජ් එකේ තියෙන බ්ලූ ලගූන් (රු.350) එකකුයි ඕඩර් කළා.

මේ බීෆ් චීස් ඩිලයිට් එක ටේක්අවුට් ලංකා මෙනුවේ චෙෆ්'ස් ස්පෙෂල් කාණ්ඩයේ තියෙන එකක්. ෂහ්! පින්තූරේ දැක්ක ම පේනවනේ මේකේ තියෙන පැටී එකේ සයිස් එක. මෙච්චර කාලෙකට ඔච්චර තඩි බීෆ් පැටී එකක් තියෙන බර්ගර් එකක් දැක්කම ද කොහෙද! මේකේ රසත් නියමයි. ඇතුළට දාලා තිබුණු සලාද කොළ, තක්කාලි පෙතිවලින් බර්ගර් එකට ඇවිල්ලා තිබුණේ හරි ම ෆ්‍රෙෂ් ගතියක්. හැබැයි මේ කට්ටියගේ ප්‍රොමෝෂනල් පින්තූරවල මේක දාලා තිබුණේ චීස් ඔබ්බවපු පැටී එකක් කියලයි. ඒ වුණාට මේකේ චීස් පෙත්ත ආවේ වෙනම. අවුලක් නෑ ඉතින්, කොහොම වුණත් රසයි.

බාබෙකියු චිකන් බර්ගර් එකත් ශේප් එකේ හොඳයි. චිකන් තොගයක් ම පුරවලා තිබුණා. හැබැයි ඒ චිකන්වල බාබෙකියු රස තදින් දැනුණේ නැහැ. මං හිතන්නේ මයෝනීස්වලට ඒ රස පොඩ්ඩක් කැපිලා ගිහින් වාගේ. හැබැයි හොඳ උණුවට තිබුණු නිසා අවුලක් නැහැ. මොකද බර්ගර් පිළිගැන්වෙන්නේ ඇලුමිනියම් ෆොයිල් කොළවල ඔතලානේ. ඒ නිසා බර්ගර්වල රස්නේ ගතිය ගොඩක් වෙලා යනකම් තියෙනවා.

ස්නිකර් ෂේක් එක නම් එච්චර හරි නෑ. ස්නිකර් රස ආවේ හරි ම ළාවට. චොකලට් රස දැනුනෙත් යන්තමට. ලිල් ඔර්බිට්ස් එකේ හැදෙන ස්නිකර් ෂේක් එකේ රස ළඟින්වත් මේක තියන්න බැහැ. උකු ගතියට තිබුණට රසක් ඇත්තේ ම නැති තරම්.

ස්නිකර් ෂේක් එක එහෙම වුණාට බලන්න එපායැ බ්ලූ ලගූන් එකේ රස! මේක නිකන් මොහිටෝ එකක් වගේ. හෙන ම ස්පාර්ක්ලින් ගතියක් තිබුණා. ලයිම් රසත් එකතු වෙද්දී තවත් මරු.  

අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ. අපි ඕඩර් කළා තඩි ෆ්‍රයිස් (රු.350) පිඟානකුත්. හරි ම ක්‍රිස්පි ගතියට තිබුණු මේ ෆ්‍රයිස්වලින් ආව ළා ස්පයිසි ගතිය නිසා තවත් රසට දැනුනා.

සර්විස් එක

ටේක්අවුට් ලංකා එකේ සර්විස් එක සෑහෙන්න හොඳයි. ස්ටාෆ් එකේ අය හරි ම මිත්‍රශීලී විදියට කතාබහ කරනවා. අපි මෙතැනට යද්දී තව කස්ටමර්ස්ලා හත් අටදෙනෙක් හිටියත්, කෑම ඕඩරේ අපේ මේසෙට එන්න ගත වුණේ විනාඩි 10ක් වගේ කාලයක්.

අවසාන වශයෙන්

තවම පටන්ගත්ත අලුත නිසා පොඩි පොඩි අවුල් තිබුණත්, ටේක්අවුට් ලංකා කියන්නේ හොඳ බර්ගර් එකක් රස විඳින්න යන්න පුළුවන් තැන් අතරින් එකක්. අනිත් පොඩි බර්ගර් කඩවල් එක්ක ගත්ත ම නම් ගාණ පොඩ්ඩක් වැඩියි තමයි. හැබැයි පිටරට ෆ්‍රැන්චයිස් ඕනේ එකක තත්ත්වය ඕකනේ.  

TIP

Get the Goa Lemon (drink) with the Beef Cheese Delight (burger). The flavour contrast is amazing.

Similar Places

User Reviews
I
1

5/5

0

Indikman

Have no Idea why the Yamu staff didn't like it, maybe they went expecting a burger spot as a fancy restaurant but for me, The place has plenty of space for a hangout with friends, and the bbq burger was way better than a mcdonalds / burger king or even fazlys. Also the prices are standard and you get to have special discounts if you are frequent. I recommend this place to try out for any burger lover.

Avatar for Roshane Dave
1

5/5

0

Roshane Dave

The Beef Cheese Delight was the bomb 👌🏻 It was definitely the most cheeslicious burger in town. Me and friend went in for dinner after a jog to Takeout Lanka and was so moved by the Beef Cheese Delight that we actually ordered another around. The shakes are quite mediocre and there’s nothing to be drooled over. However it’s the best place for burgers upto now 🙂

Avatar for Malinthe
21

2/5

-1

Malinthe YAMU STAFF

Got a few burgers and was not impressed. The BBQ chicken wasn't too bad but I had high hopes for the Beef Cheese Delight and it was a massive disappointment, especially for what you're paying. The cheese was mediocre and the actual patty was overcooked. Pretty sure it wasn't a one time thing as we got two burgers which were overcooked.

See 4 Comments