4/5

Tap Bar (Grand Oriental Hotel)

02, York Street, Colombo 01

  • Open until 11:00 PM


A decent yet cheap bar at the basement of Grand Oriental Hotel



තව ටිකක් වෙලා එතන හිටිය නම් අපිව එලවනවා. ආෆ්ටර් පාර්ටි එකේ වයින් ටිකත් ඉවරවේගන ආවට කට්ටියගෙ කතාව ඉවර නැති හින්දා අපි හිතුවා ළගපාත තැනකට සෙට්වෙලා කතාව කන්ටිනිව් කරන්න.

තැනක් බලබලා යෝක් ස්ට්‍රීට් එක පැත්තට ඇවිදං යද්දි තමයි අපට ටැප්බාර් එක මුණගැහුණේ. පාර අයිනෙන් තියෙන පටු පඩිපෙළක් දිගේ පහළට බැස්ස අපි ඇතුල් වුණේ අඩඅඳුරේ පාට පාට ලයිට්වලින් ළාවට එළිය වුණු ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටෙල් එකේ බාර් එකකට.

කෑම බීම

බොන්න වී ඇන්ඩ් ඒ එකක් ඕඩර් කරපු අපි, කට්ටියගෙ වැඩි ඡන්දෙන් බයිට් එකට ඕඩර් කළේ ෆෙන්ච් ෆ්‍රයිස් (රු.214.92) එකයි, ඩෙවිල් පෝක් (රු.875) එකයි හොට් බටර් කට්ල්ෆිෂ් (රු.800) එකයි. වැඩි සෙනගත් හිටියෙ නැති හින්දද කොහෙද බොන ජාති ටික වගේම බයිට් ටිකත් ඉක්මනට මේසෙට ආවා.

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක ඉතිං මොනව වරදින්නද කියල හිතුවට, කටේ තියන්න බැරි ගානට ලුණු දාපු, පෙඟිච්ච ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හම්බවෙන වෙලාවලුත් තියෙනවනේ. හැබැයි මේක නම් ගානට ක්‍රිස්පි වෙන්න බැදිලා; ලුණුත් ගානට.

පෝක් ඩෙවිල් එකත් මරු. හොඳට ලුණු ගම්මිරිස් අල්ලපු පෝක් කෑලි ටික ගානට බැදිලා; සෝස් එකෙත් හැම දේම ගානට. වැඩිය තෙල් කෑලිත් නෑ. පෝක් කෑලි සෑහෙන ප්‍රමාණයක් තිබ්බට මොකද ඒ ටික වාෂ්ප වෙන්න නම් විනාඩියක්වත් ගියෙ නැද්ද කොහෙද.

ලංකාවේ බේබද්දන්ගෙ ජාතික ආහාරය වෙච්ච හොට් බටර් කට්ල්ෆිෂ් එකටත් උපරිම සාධාරණයක් කරලා තිබුණා. මේක මම කාල තියෙන ක්‍රිස්පි ම හොට් බටර් කට්ල්ෆිෂ්වලින් එකක්. දෙහි කෑල්ල මිරිකුවේ නැතත් කට්ල්ෆිෂ් එකේ බැටර් එකේ ම පොඩි ටැංජි රහකුත් තියෙනවා.

අවසාන වශයෙන්

අවුරුදු දෙසීකට කිට්ටු ඉතිහාසයක් තියෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටෙල්  එක ඒ කාලේ හැඳින්වුණේ පෙරදිග ලෝකයේ තිබුණු එකම අංගසම්පූර්ණ යුරෝපියන් හොටෙල් එක හැටියට.

කොච්චර පරණ  වුණත් මහලු නොවන කොළඹ කොටුවේ අයිකොනික් බිල්ඩිමේ යුරෝපියන් වයිබ් එක තාමත් සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහිං නෑ. පෝෂන් සයිස්වල හැටියට ගණනුත් අසාධාරණ නෑ. හැමදාම බීච්වල, රූප්ටොප්වල සෙට්වෙන එක එපාවෙලා වගේ නම් වෙනසකටත් එක්ක මෙතන සෙට්වෙලා බලන්න.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment