324, Galle Road, Colombo 04
Open 7.00AM to 10.00PM
Taste of Asia is a very affordable favourite on Galle Road for hoppers and Jaffna food.
අන්න කඩ. පිස්සු හැදෙනව ඈ…
වැඩේ කියන්නෙ දෛවයේ සරදමක් ලෙසින් මේ සුපිරි ප්ලේස් එක පිහිටල තියෙන්නෙ අර බඩකඩිත්තු ටොම් යම් එකට කඩ දෙකක් මෙහා පැත්තෙ කියන්නකො.
මොනව කරන්නද ඉතින් නේ!
ඒ ගැන වැඩිපුර කතා කරන්න ගියොත් ආයෙත් කේන්ති යන නිසා කෙළින්ම මේ ගැන කතා කරමු. මේ... ඒසියන් කිචන් එක බම්බ, වැල්ලවත්ත අතර තියෙන සුපිරිම, අපේ ටයිප් කඩක්. මෙතන ආප්ප, රොටි, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේම පිට්ටු, තෝසෙ, ඉඳි ආප්ප වගේ කෑමත්, රයිස් ඇන්ඩ් කරි, බිරියානි එතකොට ෂෝටීට්ස් වර්ගත්, මිරිස් මාළු, කිරි මාළු, චිකන්, ක්‍රැබ්, මට්න් වගේ කරි වර්ගත් හොඳ හැටි තියෙනව. විශේෂම කාරණය වෙන්නෙ ඒ හැම එකක්ම පංකාදු පහට රස තියෙන්න ටොප් කොලිටියකින් මේසෙට එන එක.
කොහොම කොහොමින් හරි අර ටොම් යම් සිද්ධියට පස්සෙ දවසෙ තමයි මට මෙතන සෙට් වුණේ. ඒකත් මම අරයත් එක්ක පොඩි රවුමක් ගහන්න ගිහින් සැවෝයි පැත්තට කිට්ටු කරපු වෙලාවෙ. දන්නැද්ද ඉතින්, ගිනි මද්දහනෙ ඇවිද්දාම තිබහයි බඩගින්නයි දෙකම නහුතෙට නගිනවනෙ. මුලදිම වගේ මම ඔතනට ගොඩ වෙන්න අකමැත්තෙන් හිටියෙ. විශේෂයෙන්ම කලින් දවසෙ සිද්ධියත් එක්ක නිසා. පස්සෙ යාළුගෙ කීමට ගොඩ වුණා. ඒත හරි පරිස්සටයි කෑම තේරුවෙත්. මොකද එකම ලයින් එකේ කඩනෙ.
දෙන්න එක්ක කතා වෙලා මුලින් මොකක් හරි පොඩි දෙයක් එක්ක බීම එකක් ගන්නයි කල්පනා කළේ. ඒත් බත්, ව්‍යංජන ටික දැක්කාම හිතුණා… ඔන්න ඔහෙ ඕන දෙයක් වෙච්චාවෙ කියල රයිස් ඇන්ඩ් කරිම කන්න.
“ඒහ්! එක්කො මං බත්ම කනවා”
“ඒකනෙ කියන්නේ… අපි බත් කමූ…”
“එහෙනම් මම චිකන් රතුබත් එකක් (රු. 275) ගන්නව. මට්න් කරියකුත් (රු. 750) එක්ක” මම කෑම තේරුවා.
“මම ගන්නව බිරියානි එකක් (රු. 440)” අරයත් වැඩේට සෙට්.
“මට… මාළු කෑම එකක් (රු. 275) හොඳයි අයියෙ” ඒ... එයැයිගෙ යාළුවා.
සෙනික ඕඩරේ දාපු අපි වතුර වීදුරුවක් එහෙම අරගෙන මැද්දෙන්ම තිබ්බ ලොකු මේසෙක වාඩි වුණේ අතපය දිග ඇරලා කන්න හිතාගෙන. ඔන්න ඒ අතරට සේවිකාවකුත් ඇවිල්ල මේසෙ එහෙම පිහිදල දීලා… කූල් වතුර බෝතලයකුත් තිය...ල ෆුස් සර්විස් එක ඈ. වැඩේ කියන්නෙ ඒ අනික් පැත්තට බත් තුනම මේසෙ උඩ කියන්නකො. ඒකත් එක්ක උණු උණු මට්න් කරියත්.
පිස්සු හැදෙනව ඈ සුවඳටම! දෙන්නම් ජම්බෝ කියල, මම ගත්ත රතු බත් එක ළඟට. අරගෙන දාගත්ත මට්න් හැඳි 3, 4කුත්. දාගෙන ඔන්න බැස්ස ගේමට ඈ…
පංකාදු පහයි යාළු. ඇස්වහක් කටවක් නෑ… කොකියට නම් සාස්තරේ පිහිටල තියෙනව උපතින්ම. වට්කක්කා එකක් හදල තිබ්බ, තවමත් මතකයි කියන්නකො ඒකෙ රස. අර බැදපු පොල් එහෙම දාලා, මිරිස් තුනපහත් අඩු නැතුව… ෂප්පේ! එතකොට පරිප්පු එකත් ලෙසටම. මේන් කියල අඩුවක් නෑ… වෙලාවකට හිතෙනව මැටි ඇතිලිවල උයනව වත්ද කියල. ඇයි අප්පේ… ගමේ රහටමනෙ! පොල් සම්බෝලෙත් හොඳ පදමට. හැබැයි ඒකට නම් තව උම්බලකඩ ටිකකුයි දෙහි ටිකකුයි වැටෙන්න ඕන.
ඔක්කොමත් හරි චිකන් එකටනෙ පිස්සු හැදෙන්නෙ. මිරිස් තුනපහ වගේම නැවුම් ගතියෙනුත් අනූන චිකන් කෑල්ල. හොද්දත් එලෙසමයි. හොඳ හැටි පදම් වෙලා, මිරිස් තුනපහ ඇතුළටම අල්ල… ඇත්තටම පුදුම රසක් ඈ…
කිව්වට විශ්වාස කරන්න යාළු, මට්න් එක…! හප්පොච්චියෝ... මට අපරාදෙ කියල හිතුණ බත් ගත්තෙ. ඇත්තටම ඒ කරියත් එක්ක පෝරණු පාන් හරි ගෝදම්බ රොටි හරි තිබ්බ නම්, තාම කනව ඈ… තාම කනව.
ඔය අතරට මම බිරියානි එකෙනුත් පොඩ්ඩක් අරගෙන රස බැලුවා. ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නොම්මර එකයි! බාස්මති හාල පදමට තැම්බිලා බිරියානි, මසාලා එක්ක රසට රසේ මික්ස් වෙලා… මින්චි සම්බෝල, බටු මෝජු, සලාදත් එක්ක…
ඒ විතරක් නම් බැරියැ ඒකට ආපු චිකන් කෑල්ල, සැහ්! තඩි සයිස් වගේම තමයි නයිස් රස පදම ඈ… ඊටත් ක්‍රිස්පි ගතිය නිසා තවත් මරු.
අර නිකම් ආසාවට වගේ මම අරයගෙ යාළුවගෙන් මාළු කෑල්ලක් ඉල්ලගෙන රස බැලුවා. කෙළවල්ලො කියන්නකො. බැදපු තුනපහයි, ගම්මිරිස් රසයි උඩ එන්න හොද්ද හදලා…
මට මතක් වුණේම,
ආප්ප, බිත්තර ආප්ප... දෙයියො!
තව මුකුතු කියන්න ඕන නෑනෙ, නේ…
බය නැතුව ගොඩ වෙන්න ඔන්න කඩ!
අතේ තියෙන ගාණට, හිතේ හැටියට, බඩ පැලෙන්න, හිත පිරෙන්න ඈ...
Address
Directions
It's near the Wellawatte bridge and Savoy, right opposite St Peter's College.
Contacts
Report Inaccuracy
Open 7.00AM to 10.00PM
Cuisine
Price Range
Dish Types
Rice And Curry Beef Chicken Crab Dosa Iced Coffee Hoppers
Ratings Breakdown
you should've tried the milk hoppers (paal appam), easily the best in Colombo (Renuka Hotel does a damn good job too). The sticky sweet reduced coconut milk centre of the hopper works really well with the super spicy heat of Jaffna food.
their chicken dry fry (chicken poriyal) is excellent.
The fenugreek curry is also one of the better ones in Colombo (Cinnamons chutneys is the best).
They also do a decent odiyal cool (Jaffna seafood stew thickened with palmyrah root flour). Need to order a fair bit in advance and also min order is 10 portions. Odiyal kool is an amazing dish, pity its dying in the Jaffna restaurant scene (Renuka hotel is the only place I know that serves this on their a la carte menu).
Terrible service! Had to wait for a long time to get the attention of the service staff. No menu , their curries are not labelled. When asked from the staff they take no interest in helping out. The food tastes good.But sadly,cursed with their staff.
You guys should review their world trade center outlet. They have a good variety of food.
I love their Fresh Doughnuts in the evenings. Wow factor !
5/5
Acesticks
Nice & Clean Environment, Value for money !