Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

3/5

Tavern 29 (Ganga Addara) Rooftop Bar

11 Deveni Rajasinghe Mawatha, Kandy


At a great view of a riverbank to chill with some delicious food



‘ගලහ’ හංදියෙන් බැස්ස විතරයි. ඔය පරණ යාළුවෙකුත් හම්බවුණේ තැපැල් කන්තෝරුව ඉස්සරහදිම. ඉතින්... ආගිය තොරතුරු ටිකක් එහෙමත් කතාකරලා... ඊට පස්සෙ ඇහුවෙ අර සුපුරුදු දේ ම තමයි.

“මොකෝ බං කරන්නෙ ඉතිං. උබ බිසී ද මේ වෙලාවෙ? මං බැලුවෙ ඇතුළට ගිහින් වැඩ ටිකත් ඉවරකරගෙන... පොඩ්ඩක් ලයින් වෙන්න කියල නුවර පැත්තට”

“හෑ... උබ සිරාවට ම ද කියන්නෙ? එකෙන් ම එකෙන් ම. මං එන්නං. මට මේ... ලියුම් වගයක් දාන්න තියෙනවා. ඊට පස්සෙ ඔෆිස් එකට ගිහින් පොඩි වැඩ ටිකක් ඉවර කරගන්න තියෙනවා... කොහොමත් පැයෙන් වගේ ෆ්‍රී”

“එහෙමද? එළ එළ. ඒනං ගිහින් සනික වැඩ ටික බැලන්ස් කරගනින්කො. මාත් හැකි උපරිමෙන්, කලින් එන්නං. කෝකටත් මට උබේ නොම්බරේ දියංකො කෝල් එකක් දෙන්න”

කියල, විසික්වුණා දෙන්න දෙපැත්තට. කොහොමහරි එතකොටත් වෙලාව දෙළහට විතර ඇති. වැඩේ කියන්නෙ ඉතින් රජයේ ආයතනනෙ, පැයේ වැඩේට ඕං බෝනස් කියල තව වැඩිපුර පැය බාගයකුත්..

ඒකෙන්,

එළියට බහිද්දි වෙලාව දෙකයි.

කමක් නැහ්, ලද දෙයින් සතුටු වෙන්න කියල හිටං... ඈත එන වැස්සටත් හෝව් කියන්න වගේ ගැහුව යාළුවට සනික කෝල් එකක්. ගහල, වීල් එකකුත් දාගෙන දෙන්න හරි හරියට නුවර ටවුම පැත්තටම.

“මං කියන්නං තැනක්. යමංකො යමංකො” කියල තමයි යාළුව පටන් ගත්තෙ. හැබැයි ගිහිල්ල බැලින්නම් එතන වහල. ඒක දෙකට වහල පහට අරින තැනක්ලු.

“දැං මොකෝ බං කරන්නෙ?”

“අවුලක් ගන්න එපා. ඔතන ම එහා පැත්තෙ අනික් තැන. දාන්න අයියෙ වීල් එක ඉස්සරහින් වමට”

කියල ගිහින් නැවැත්තුව අමුතු ප්ලේස් එකක. නවත්තල බැහැල කරලා... මේකා යනව නිකම් ගෙදර වගේ. මටත් ඉතින් මොකෝ කියල, ගියා පිටිපස්සෙන්ම.

යාළු..!

ඒක නම්... ගොඩවෙච්ච තැන ම පිස්සු කොර කිව්වලු. එහෙන් මෙහෙන් කැරකිලා කැරකිලා ගිහිල්ල මේකත් ගොඩවුණා සුපිරිම තැනකට. කෙළින්ම ගං ඉවුරෙ, රූෆ්ටොප් එකට වෙන්න. සුප්ප විව් එකයි... හැඩවැඩ පුටු මේස ටිකයි... ඩිම් ලයිට්, ෆුල් ස්මයිල් සේවාවයි... නොම්මර එකයි ඈ...

අනික ගියපු තැන ම සේවක මිත්‍රයත් අපේ ළඟ. මෙනුවත් ආවා... අපිත් තේරුව ඉතින්,

කිව්වට යාළුව තමයි වැඩි හරියක් ම. මොකද එයාන ඒ ප්‍රදේශයට අදාළ නිලධාරිය.

“අපිට ගේන්න අයියේ… ගඟ අද්දර ස්පෙෂල් රයිස් එකයි... (රු. 990) කට්ල්ෆිෂ් ඩෙවිල් එකයි (රු. 700), බොලොග්නිස් එකක් (රු. 600) වගේ... කෑමට!

එතකොට බොන්න ජින් කාලයි (100ml රු. 580), මොජිටෝ එකකුයි (රු. 770) ඈ” දැම්ම ඕඩරේ.

දාලා අනික් පැත්තටනෙ, බොන්න බොන්න හොඳට බොන්න කියන්න වගේ අහසත්... ඇල්ලුව වැස්සක්... රූස්ස එකෙත් හොඳ එකෙන්. වෙලාවට වැඩි වෙලා නොගිහින් පිඟන් කෝප්ප අඩුමකුඩුම ටිකත් එක්ක ජිනුයි, කට්ල්ෆිෂ් එකයි ආවෙ.

ඉතින් බල බල ඉඳිලි තියෙයියැ. දෙන්න හැරෙන තැපෑලෙන්..

‘චියර්ස්’

දැල්ලො කෑලි දෙකක් එක පාරට ම!

“ඒ... ඩෙවිල් නේ ඉල්ලුවෙ?”

“ඔව් ඇයි මොකෝ?”

“නෑ මං මේ බැලුවෙ බැටර්ඩ් කට්ල්ෆිෂ් ඩෙවිල් දාලා මොකද කියල. පට්ටනෙ බං. අඩේ... එහෙවත් නෑ මෙහෙම දෙන්නෙ. ඩෙවිල් ඉල්ලුවාම නිකම් තම්බල හරි බැදල හරි නෙ බං අඩුම කුඩුම දාලා එන්නෙ”

“එහෙම තමයි බං මේ. නුවරනෙ”

මං ඉතින් මුකුත් කියන්න ගියේ නෑ. හැබැයි අවංකවම පංකාදු කට්ල්ෆිෂ් එක ඈ. හැරත් එක තොගයක් ඒකෙ. කනව කනවා... ඉවරයක් නෑ. ඒවයෙ සයිස් එකත්, එක කටකට එකක් ඇතිවෙන්න වගේ. අනික මාලුමිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස්, තක්කාලි, ලූනු අඩුමකුඩුම එක්ක සෝස් පදමත් නූලට තියෙන්නම හදලනෙ. සැරත් ටොප් එකට නිසා... බයිට් එකට නම් කියාපු ම.

ඔය අතරෙ මේසෙට ආපු ගඟ අද්දර ස්පෙෂල් එක දැකල තමයි මට ‘ඉක්’ ගෑවුණේ. කිව්වට විශ්වාස කරන්න... ඒක චොප්සි රයිස් එකක්! බැදපු මාළු, ඉස්සො, දැල්ලො, පෝර්ක්, බීෆ්, චිකන්, සොසේජස්... එතකොට බුල්සායි, කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා... කිරි අප්පේ... කොහෙන් කන්නද කියල හිතාගන්න බෑ. ඊටත් කීරි සම්බ හාලෙ බතත් එක්ක සුවඳයි, රසයි... නොම්මර එකයි. අනිත් එක ඒකට මහ ගොඩක් සෝස් අනම් මනම් දාලත් නෑනෙ. ඒ නිසා කන්න කන්න ආසයි. 

හැබැයි ඉතින්... ඒ රයිස් එකේ තිබ්බ වැදගැම්ම එහෙම්මම පජාත කළානෙ බොලොග්නිස් එක. හයියෝ... එක්කො දන්නෙ නැත්නම් දන්නෑ කියන්නෝනි හදන්න. යාළු නිකම් නූඩ්ල්ස් හොඳේ. අර මහත එක. ඒක තම්බල, චිකන්, ලූනු, තක්කාලි අඩුම කුඩුම දාපු මොකක්දෝ කලවමක් ඊට උඩින් දාලා. ඒකට උඩින් මොසරැල්ල චීස් ටිකක්ද කොහෙදත් මෙල්ට් කරල දාලා... කන්න තියා කටේ තියන්න බෑ. අන්තිමට යාළුවට කිව්ව ඒක ටේකවේ දාගෙන ගිහිල්ල, ගෙදර ගිහින් ලූනු, මිරිස් ටිකක් එක්ක තෙලට දාලා ගන්න කියල. මගෙ හිතේ ඒක රස වෙන්න ඇති මීට වැඩිය.

හැරත් ඒකටම කියාපු මොජිටෝ එක. අනේ... දෙහියි, ස්ප්‍රයිටුයි විතරයි. රම් මූඩියක්වත් දාලා නැද්ද මන්දා, පෙනුමට හැඩට තිබ්බට. අන්තිමට ඒකට ජින් දාගෙන පදම හදාගත්තෙ. මදැයි ආසාවට බොන්න අරගෙන!

කොහොමහරි ඉතින් කට්ල්ෆිෂ් එකයි, රයිස් එකයි නිසා නම් වැඩේ නැගල ගියා. ඊටත් දෙන්නට හොඳ පදමට වැදිලත් එක්කනෙ. කරටි සාක්කුවෙ දාගෙන බැස්සෙ ඕං... තව පොඩ්ඩ එහෙට මෙහෙට වුණා නම්,

රූෆ් ටොප් එකේ සිට...

ක්ලිෆ් ජම්ප් එක...

මහවැලියට!


Similar Places

User Reviews
N
1

2/5

1

Naveen Jayamanne

Friendly staff but horrible rooms and food is also not that great for the price

N
1

2/5

1

Naveen Jayamanne

Friendly staff but horrible rooms and food is also not that great for the price

See 2 Comments