Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

4/5

Tea Avenue

16 Sellamuttu Avenue, Colombo 3


A smaller cousin to their Barnes Place branch, Tea Avenue Marine Drive has the same relaxed ambience, making it a great place for meeting friends and for working along Marine Drive. The tea and food, however, were a tad underwhelming



ඔන්න එදා අප්‍රේල් 13 වෙනිදා. අලුත් අවුරුද්දට තව එක දවසයි. ඉතින් කොළඹ තියෙන කඩවල්, ඔෆිස් වැහෙන්නේ බලාගෙන ඉද්දී. මොකද අන්තිම මොහොතේ හරි අලුත් අවුරුද්දට ලකලෑස්ති වෙන්න එපැයි. කොටින් ම කිව්වොත් 13 වෙනිදා හවස් වේගෙන එද්දී, අපේ චන්දන කියන විදියට කොළඹ පාරවල්වල තියෙන්නේ ‘පෝස්ට් ඇපොකැලිප්ස්’ වගේ පෙනුමක්. ඒ තරමට පාළුයි.

ඔය වගේ වෙලාවක තමයි අපි දෙන්නෙක් රෑ කෑමකට කියලා ගෙදරින් එළියට බැස්සේ. පොඩි වැස්සකුත් එන්න ලෑස්තියක් තියෙන නිසා, කෝපි උගුරක් බීමේ ආසාව මට සෑහෙන්න තිබුණා.

කොහොමින් කොහොමහරි අවුරුදු කටේ ඇරලා තියෙන කෝපි කඩවල් ගැන හොයලා බලද්දී තමයි අපට “ටී ඇවෙනියු” එක මීටර් වුණේ. ටී ඇවෙනියු කියන්නේ කොළඹ පැත්තේ තියෙන ජනප්‍රිය ම කැෆේ අතරින් එකක් බව හැමෝම දන්නවා ඇතිනේ. හැබැයි දැන් ඉස්සර වගේ ටී ඇවෙනියු එකේ කෑම රස බලන්න බාන්ස් ප්ලේස් එකට දුවන්න ඕනේ නැහැ. මොකද දැන් කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් එකෙත් මේ කට්ටියගේ බ්‍රාන්ච් එකක් තියෙනවනේ.

තැන

කිව්වත් වගේ මේක තියෙන්නේ කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ. හරියට ම කිව්වොත් සෙල්ලමුත්තු ඇවෙනියු එක මැරීන් ඩ්‍රයිව් එකට ඕපන් වෙන තැනමයි. බාන්ස් ප්ලේස් එකේ තරමට නැතත්, මෙතැනත් ඉඩකඩ හොඳට තියෙනවා. සාමාන්‍යයෙන් එක සැරේ විසිතිස් දෙනෙක්ට කෑම ගන්න පුළුවන් තරමට වගේ. පාරෙන් එහාපැත්තෙ තියෙන මුහුදේ වීව් එක බලබල කෝපි කෝප්පයක් තොළ ගාන්න නියම තැනක් මේක.

කෑම බීම

බාන්ස් ප්ලේස් එකේ මෙනුව ම තමයි මෙතැනත් තියෙන්නේ. සැන්විච්, පැස්ටා, වොෆල්, බර්ගර් වගේ කෑම එක්ක, බීමට තියෙන්නේ කෝපි, තේ, මිල්ක්ෂේක්, සහ ලැවිෂ්.

ඔය අතරින් අපි තෝරගත්තේ “ක්‍රීමි ප්‍රෝන් පැස්ටා” (රු.990) එකකුයි, “BBQ චිකන් සැන්විච්” (රු.740) එකකුයි. බීම මෙනුවෙන් “කැෆේ මෝකා” (රු.600) එකකුයි, “ෆරේරෝ ලැවිෂ්” (රු.950) එකකුයි ඕඩර් කළා.

ෂහ්! ක්‍රීමි ප්‍රෝන් පැස්ටා එක නම් පංකාදු පහයි. පුදුම චීස් තොගයක්නේ තිබුණේ. ඒ විතරක්යැ දුම් ගහන සයිස් එකට උණුයි. පැස්ටා එකේ යටට යන්න යන්න උණු චීස්, ඔලිව් ඔයිල් රස ඇති පදමට හොයාගන්න පුළුවන්. වැඩේ කියන්නේ ප්‍රෝන් කිව්වට මේකේ තිබුණේ ශ්‍රිම්ප්. පොතු හැරපු ශ්‍රිම්ප් දහදොළහක් වගේ මේ පැස්ටා එකේ දැකගන්න ලැබුණා. ඕනේ නම් මේක පෙන්නේ පැස්ටාවලිනුත් ගන්න ඇහැකි. අපි ඕඩර් කළේ ස්පැගටි එක. සේරම හොඳයි වුණත්, රු.990කට දෙන්න තරම් මේකේ තියෙන අරුමේ මොකක්ද කියලයි අපට හිතාගන්න බැරි.

BBQ චිකන් සැන්විච් එකත් ශේප්. මේකේ බන් එක එහෙම අපට හොඳට අල්ලලා ගියා. මොකද ඒක ගොඩක් ක්‍රිස්පි විදියට තියෙන එකක්. පිට ලේයර් එක හැපෙන්නේ කරස් සද්දෙන්. ඇතුළේ තියෙන බාබෙකියු චිකන් ටිකත් අවුලක් නැහැ. ඒත් පොඩ්ඩක් විතර ඩ්‍රයි ගතියයි. අනික නියම බාබෙකියු රසක් ආවෙත් නැහැ. නිකන් ස්මෝක්ඩ් චිකන්වලට සෝස් දැවටුවා ම එන ජාතියේ රසක් තිබුණේ.

අපි ගත්ත කැෆේ මෝකා එකත් නියමයි. ෂප්පේ! මේකේ තිබුණු චොකලට් රස. ඒ අස්සෙන් එන හෙන ස්ට්‍රොන්ග් කොෆී අරෝමා එකකුත් තිබුණා. කිරි, කෝපි, චොකලට් රසවල් ගානට බැලන්ස් වෙලා. හැබැයි මීට වඩා පොඩ්ඩක් ෆ්‍රොතී ගතියක් තිබුණා නම් තමයි තවත් හොඳ.

ටී ඇවෙනියු එකේ ෆරේරෝ ලැවිෂ් එකට ගහන්න පුළුවන් බීමක් නම් තවම අපට කොහෙන්වත් හොයාගන්න බැරි වුණා. රස විතරක් නම් බැරියැ. බලන්න එපායැ මේකේ හැඩ. මේ බීම එක තනිකරම හැදෙන්නේ ෆරේරෝ රෝචර් චොකලට්වලින්. ඊට උඩින් දානවා විපින්ග් ක්‍රීම් තට්ටුවක්. ඊටපස්සේ ආයේ ෆරේරෝ රෝචර් චොකලට් බෝලයක්. ඕවා සේරම වැහෙන්න චොකලට් සෝස් තොගයක්! ඇත්ත ම කිව්වොත් කෑම නොකා මේක විතරක් බිව්වත් ඇති. බඩ පිරෙනවා හොඳට. චොකලට් කිව්වොත් ඕනේ දේකට හා කියන එක්කෙනෙක්ට දෙන්න ම ඕනේ බීම එකක් තමයි මේ.

සර්විස් එක

මෙතැන බාගයක් සෙල්ෆ් සර්විස්. ඒ කියන්නේ කවුන්ටරෙන් බිල් එක දාගන්න එකයි, බීම ටික කලෙක්ට් කරගන්න ටිකයි කරගන්න ඕනේ අපිමයි. කෑම බීම ටික ස්ටාෆ් එකේ අය මේසෙට ගෙනල්ලා දෙනවා. ලොකු හිනා කතා නැතත්, මෙතැන සර්විස් එක ගොඩක් ෆාස්ට්.

අවසාන වශයෙන්

ටී ඇවෙනියු කියන්නේ ඕනේ ම කෙනෙක් අනිවාර්යෙන් ම එක සැරයක් හෝ ගිහින් බලන්න ඕනේ කැෆේ එකක්. ඇත්ත ම කිව්වොත් මේ කට්ටියගේ ෆරේරෝ ලැවිෂ් එක විතරක් හරි රස බලලා එන්න ආවත් කමක් නැහැ. කොහෙන්ද අප්පේ නැත්තන් ඒ වගේ රස බීමක් හොයාගන්නේ?     

Address

16 Sellamuttu Avenue, Colombo 3

Contacts

Report Inaccuracy

Open until 01:00 AM

Dish Types

Cakes Coffee Tea Iced Tea

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
4
Ambience Rating
4
User Reviews
P
2

4/5

0

Pramodth Sahabandu

There Waffles are really good, Try their off menu Charcoal Chicken Waffles.

Avatar for Sheybae
5

5/5

0

Sheybae

As always the service was really good and the food was just amazing ❤️ Tea Avenue is definitely an all time favorite. That Ferrero Lavish though! Love it!!!!

P
2

4/5

0

Pramodth Sahabandu

There Waffles are really good, Try their off menu Charcoal Chicken Waffles.

Avatar for Sheybae
5

5/5

0

Sheybae

As always the service was really good and the food was just amazing ❤️ Tea Avenue is definitely an all time favorite. That Ferrero Lavish though! Love it!!!!

See 3 Comments