Artwork for Top Banner 1 - McSpicy Offer
Artwork for Top Banner 2 - McSpicy Offer

4/5

Tea Avenue

16 Sellamuttu Avenue, Colombo 3


A smaller cousin to their Barnes Place branch, Tea Avenue Marine Drive has the same relaxed ambience, making it a great place for meeting friends and for working along Marine Drive. The tea and food, however, were a tad underwhelming



ගෑනු ළමයින්ගෙ වැඩ කියන්නේ... ඇඳුම් ගන්නව මාරුකරනව, ගන්නව මාරුකරනව. ඇත්තටම එපා වෙනව අප්ප එක වෙලාවකට. හිතන්නකො වෙන කවුරුහරි කැතයි කිව්ව පළියට ඇඳුම් මාරු කරනවද අපි නම්, ඈ…

අන්තිමට මොනව කරන්නද ඉතින්, ඉරිද උදෙන්මත් ආයෙ කොල්ලුපිටියට. හිනායන වැඩේ කියන්නෙ එහෙම ගිහින් බලද්දි කලින් දවසෙ බලපු එක නෑ කියන්නකො. මට නේද... බඩ පැලෙන්න හිනා හොඳේ. කොටින්ම කියතොත් මම හිනාවෙලා ම එයාට කේන්තිත් ගිහින්.

‘කින්ඩි දැම්මලු’!

“අනේ මෙහ්, ඔන්න ඔය ගත්ත එක අරගෙන එන්න. මොනව හරි කන්න යං. මං මේ උදේට කන්නෙත් නැතුව ආවා. මෙයා මෙහේ රෙද්දක් අල්ලගෙන දඟලනව”

කොහොමහරි වහෙන් ඔරෝ පාරක් දාලා වැඩේ ෂේප් කරගත්ත. කරගෙන කෙලින්ම ගියේ ළඟම තියෙන හොඳම තැනට. නැත්නම් ඉතින් ඒකටත් බොරේනෙ.

‘ටී ඇවිනියු’

හරිම නිදහස්, සී විව් එකක් එහෙම තියෙන සුවපහසු කැෆේ එකක්. සේවක මඩුල්ලත් ෆුල් වෙල්කම් එකක් දීලා තමයි කවුරු ආවත් ඇතුළට ගන්නෙ. වැඩේ කියන්නෙ ඉතින් ඕවා අපිට හුරු නෑනෙ. එක පාරට ම ඇතුළට යද්දි කට්ටිය දීපු ගුඩ් මෝර්නින් එකට, මට නිකම් හැඟුණෙ මගෙ බර්ත්ඩේ එක වත්ද කියල.

“ගුඩ් මෝනින්, ගුඩ් මෝනින්.

අපිට…”

“මට බීෆ් ලසඤ්ඤා එකක් (රු. 990). ඒකයි චොකලට් මිල්ක් ෂේක් එකකුයි (රු. 550) ඕන” ඔය පැන්නෙ මැද්දට, ගෙම්බෙක් වගේ. හයියෝ... මම මේ මෙනුව බලන්න හැදුව අලුත් කෑමක් මොකක් හරි ගන්න. අනේ මංද ඉතින්!

කමක් නෑ, කමක් නෑ. පොඩි එකාගෙ ආසාවනෙ කියල මම,

“ආ.. එයාට එව්ව දෙන්නකො. මට සිග්නේචර් චිකන් බර්ගර් එකක් (රු. 1550) දෙන්න. ඕකේ”

“ඕකේ සර්.”

පණ්ඩිතයට ඇඬන්නත් එක්ක කියල දැම්ම ස්පෙෂල් ම ඕඩරයක්. දාලා හෙමින් සැරේ පටන් ගත්ත ටෝක් කිරිල්ල. ඇයි ඉතින් හිත හදන්න එපැයි, ගත්ත එක හොඳයි ම කියල.

අර, කිව්වත් වගේ හැබැයි... හිත ළාවට ගොඩ ගියා කියන්නකො. මගේ ටෝක්ස්වලට නම් නෙවෙයි, මේසෙට ආපු කෑම ටිකට. ඒකත් මුලින්ම කෑවෙ, මගේ බර්ගර් එකට ආපු වෙජස් දෙක තුනක්.

ෂැහ්! උණු උණුවෙ, හොඳ ලුණු ගම්මිරිස් පදමට... ඇත්තටම රසයි හොඳේ. ඒකෙ ගාගෙන කන්න ආපු ග්‍රෙවි එකක් තිබ්බ, ඒකත් මාර ම ගති. හොඳ කිරි රසක් එක්ක, පොඩි ස්පයිසි ගතියකුයි.. අවංකයෙන් ම ෆ්‍රයිඩ් වෙජ් එකේ රස ඩබල් වුණා කිව්වොත් හරි.

වෙජ් එක නෙවෙයි බලන්න එපැයි බර්ගර් එකේ හැඩ. ඒක නම් බැලූ බැල්මටම ආයෙ ‘සිග්නේචර්’. හිතන්නකො බනිස් පලු දෙක ළාවට බටර් ගාලා කර කරල, ඒ උඩට චීස් පෙත්තයි, ලූනු, සුදුලූනු, ගම්මිරිස්, මිරිස්, මොන මොනවහරි ස්පයිසස් ජාති ටිකකුත් එක්ක හීනියට ගාපු චිකන් තොගයක් දාලා හදපු පැටි එකත් පදමට ගැඹුරු තෙලේ බැදල... එතකොට ඊට උඩින් දාපු හාෆ් බොයිල් බුල්සායි එක! ඒ විතරක් නම් බැරියැ, මොනවදෝ පොඩි වඩේ තුනක් වගේ බැදපු වළලු තුනකුත් තිබ්බ. කියල වැඩක් නෑ යාළු ඒ බර්ගර් එකනම්. චිකන් පැටි එක එහෙම තනිකර ම අපේ රහට හරියන්න හදල තියෙන්නෙ. අනික අර බුල්සායි එකෙනුත් අමුතුම ගතියක් එනවනෙ. ඔක්කොමත් හරි, හොඳ තියුණු ඇසකින් බැලුවොත් ඇත්තටම ඒ බර්ගර් එකේ පෝෂණ ගුණයත් නිකම් බැලන්ස් වගේ.

අන්න ඒකට බීෆ් ලසඤ්ඤා එක. ඒකත් හොඳයි. හැබැයි බර්ගර් එක කාලා ඒක කද්දි නිකම් ලුණු මදි වගේ. එහෙම නැතුව වෙන අවුලක් නම් නෑ. මොකද බීෆ් එක්ක මොසරැල්ල චීසුත් දාලා තිබ්බනෙ නිකම් මදි නොකියන්න. තට්ටු තුනකට චීසුයි, පෑන් රොටියි...

අනික හීනියට ගාපු බීෆ්, ලූනු, සුදුලූනු, මිරිස්, ගම්මිරිස්, ලුණු ඇඹුල් වගේම ස්පයිසස් එක්කත් හොඳ හැටි තෙලට අරගෙනනෙ මැද්දට දාලා තියෙන්නෙ. ඊටත් උඩින් ෆ්‍රෙෂ් තක්කාලි සෝස් එහෙමත් දාලා නිසා ඉටෑලියන් රසත් හොඳ හැටියට ම ආයෙ.

ඔක්කොමත් හරි, ඒ ටික කාලා මිල්ක් ෂේක් එකෙන් උගුරක් බොද්දිනෙ රස නහර පිනායන්නෙ. කුක්ට පිංසිද්ධ වෙන්න සුපිරි ම චොක්ලට් මිල්ක්ෂේක් එකක් කාලෙකට පස්සෙ. ඇත්තටම ගාණෙ හැටියට පාඩු ම නෑ. හොඳ ඝනට වගේම චොක්ලට් රසෙනුත් අනූන වෙන්න තියෙනව ඒක. උඩින් ෆ්‍රෙෂ් ක්‍රීම් තොගයකුත් තියල නිසා…

අපේ එක්කෙනා එහෙම, ඔය බිව්වෙ බසබසගාලා.

හප්පේ.. ඒ ටික කාලා ඉවර වෙද්දි නම් එයාගෙ හිතත් හැදිල. ආපු චාන්ස් එකනෙ කියල මමත් ඒ ගැම්මටම ඇද්ද ගෙදර. මොකද හදිස්සියෙවත් තව රවුම් ගහන්න ගිහිල්ල ආයෙ ‘ගවුම් උණ’ ගතිය ඇල්ලුවොත්...

කපෝතියිනේ!

Address

16 Sellamuttu Avenue, Colombo 3

Contacts

Report Inaccuracy

Open until 12:00 AM

Dish Types

Cakes Coffee Tea Iced Tea

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
4
Ambience Rating
4
User Reviews
P
2

4/5

0

Pramodth Sahabandu

There Waffles are really good, Try their off menu Charcoal Chicken Waffles.

Avatar for Sheybae
5

5/5

0

Sheybae

As always the service was really good and the food was just amazing ❤️ Tea Avenue is definitely an all time favorite. That Ferrero Lavish though! Love it!!!!

P
2

4/5

0

Pramodth Sahabandu

There Waffles are really good, Try their off menu Charcoal Chicken Waffles.

Avatar for Sheybae
5

5/5

0

Sheybae

As always the service was really good and the food was just amazing ❤️ Tea Avenue is definitely an all time favorite. That Ferrero Lavish though! Love it!!!!

See 3 Comments