3/5

Tea Avenue (Pepiliyana)

41, Dehiwala Road, Pepiliyana, Pepiliyana Rd, Boralesgamuwa


The new branch of the popular Tea Avenue


කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ තිබුණ Tea Avenue එක පැපිලියානට ගෙනිහිල්ලා කියලා අපට ආරංචිය ලැබිලා දැන් ටිකක් කල්. ඉතින් ඒ පැත්තට ගිය අපේ එක්ස්පීරියන්ස් එක තමයි මේ. 

වාතාවරණය

ඕනේ ම Tea Avenue එකක දකින්න, අත් විඳින්න ලැබෙන සුවපහසු, නිස්කලංක වාතාවරණය මෙතනත් ඒ විදියට ම තියෙනවා. කෝපි කෝප්පයක් තොළ ගාන්න වගේ ම ඔෆිස් එකේ වැඩක් කරගන්න, පොතක් පතක් කියවන්න වුණත් මෙතැන හොඳයි. 

කෑම බීම

අපි මුලින් ම රස බැලුවේ මේ Charcoal Waffle with Fried Chicken & Cheese Sauce (රු. 1200). ෆ්‍රයිඩ් චිකන් ටික නම් රසට තිබුණට වොෆල් එක එච්චර හරි නැහැ. පොඩි රබරි ගතියක් තිබුණා. ලේසියකට පිහියෙන් කපන්නත් අමාරුයි. 

හැබැයි කිව්වත් වගේ ෆ්‍රයිඩ් චිකන් ටික සිරා. නියම ස්පයිසි රස එන්න සීසනින් හොඳට දාලා. ඒ වගේ ම ගොඩක් ක්‍රිස්පි. චීස් සෝස් එකත් එක්ක ගැළපෙද්දී තවත් රසයි. 

මේ තියෙන්නේ Signature Beef Burger (රු. 1400) එක. මේකේ පැටී එක හොඳට සයිස්. ඒ හැරුණා ම බුල්සයි ස්ටයිල් එකේ බිත්තරයයි, ලේටියුස්, ලූණු එහෙම දාලා තිබුණා. බොහොම සර ගම්මිරිස් රසක් තමයි මේ බීෆ් පැටී එකෙන් ආවේ. ඒක ලොකු අවුලක් නැහැ, ඒත් සමහර වෙලාවලදී බීෆ් රස එන්නේ නැති තරමට ගම්මිරිස් රස දැනුණා අපට. 

Churros (රු. 450) එකත් ටිකක් අවුල්. හරියට බැදිලා තිබුණේ නැහැ. තැනින් තැන අමු පිටිත් හම්බුණා. හැබැයි චොකලට් සෝස් එක ගොඩක් රසයි.

හප්පේ! මේ Red Velvet Cheese Cake (රු. 750) එකේ පැණි රස හොඳටම වැඩියිනේ. කේක් ලේයර් දෙක ෆ්ලෆී ගතියට තිබුණට ඉතුරු ටිකේ තනිකරම තිබුණේ විපින් ක්‍රීම්. චීස් රසක්වත් නැහැ. 

රු. 1390කට ගත්ත Cheesecake Lavish එකේ රස කොච්චර හොඳ වුණත් ඒ ගාණට නම් වටිනාකමක් දෙන්නේ නැහැ කියලයි අපේ අදහස. මොකද අපට පෙනුණ විදියට බ්ලූබෙරි චීස්කේක් අයිස්ක්‍රීම් එක කිරි එක්ක බ්ලෙන්ඩ් කරලයි මේක හදන්නේ. 

මොනවා නැතත් හැමදාම වගේ Cafe Mocha (රු. 720) එක යස අගේට තිබුණා. චොකලට් රසයි, කෝපි රසයි නියම ගානට බැලන්ස්.

සර්විස් එක 

Tea Avenue එකේ ස්ටාෆ් එක බොහොම උණුසුම් විදියට අපිව පිළිගත්තා වගේ ම, විනාඩි 20ක් යන්නත් කලින් කෑම බීම ටික මේසෙට ගෙනැල්ලා දෙන්න සමත් වුණා. 

අවසාන වශයෙන් 

කැෆේ ස්ටයිල් එකේ රෙස්ටෝරන්ට් පැපිලියාන අවට නැති තරම්. ඒ පැත්තෙන් බැලුවොත් නම් Tea Avenue එකට ලොකු වටිනාකමක් ලැබෙනවා. හැබැයි කෑමයි, බීමයිත් ඒ තත්ත්වෙට ගේන්න පුළුවන් නම් ලොකු දෙයක්. මොකද ගණන් හිලව් පැත්තෙනුත් තරමක් ඉහළයිනේ. 



Latest