Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Tea Breeze

B18 Perahera Mawatha, Colombo 3

Worth a visit for the location alone, but the menu is uninspiring.

අපි අවුරුද්දක් පුර ටී බ්‍රීස්z අවන්හල පහු කරගෙන ගියත් ඒක කවදාවත් ඇරලා තිබුණේ නෑ. දැන් ඒක විවෘත කරලා. මැක්වුඩ්ස් ටී බාර් එකක් විවෘත කරලා. (ඩිල්මා සහ හෙළදිව් ටී බාර් වලටත් ගිහින් බලන්න.)

ටී බ්‍රීස්z පිහිටා ඇත්තේ කදිම තැනක වුණත් එහි කෑම ලැයිස්තුවේවත්, සැරසිලිවලවත් හිත ඇදී යන කිසිවක් නැහැ. එයාලගේ තේ නම් හොඳයි, ඒත් වෙන කිසිම දෙයක ආකර්ෂණීය ගතියක් නැහැ.

ටී බ්‍රීස්z තියෙන්නේ බේරේ වැවේ ඉඳලා අරලිය ගහ මන්දිරය පැත්තට යන පෙරහැර මාවතේ. ඒක කදිම පිහිටීමක්, විශේෂයෙන්ම බේරෙ වැව දැන් සුන්දර දර්ශනයක් වගේම එය තව දුරටත් ඉස්සර වගේ ගඳ ගහන්නේ නැති නිසා. ඒක හොඳ නගරාශ්‍රිත පිහිටීමක්. ලස්සන තැනක්.

ඒක පුංචි තැනක් වුණත් එයාල හොඳට එතැන ඉඩ කළමනාකරණය කරගෙන තියෙනවා. පහළ තට්ටුවේ තෑගි භාණ්ඩ සාප්පුවක් තියෙනවා, ඒ වගේම ඉඳගන්නට ඉඩ සලසලා තියෙනවා. උඩු මහලට තමයි හොඳම දර්ශනීය බව පෙනෙන්නේ. තරප්පු පෙළ නම් ටිකක් විතර අනතුරුදායකයි. පෙරෙස්සමෙන් යන්න ඔනේ. හැම මේසයකම අශෝක් ෆෙරේගේ පොතක් තියල තියෙනවා. බිත්ති අලංකාර කරලා තියෙන්නේ ග්‍රීන් පාත් කලා පොළෙන් ගත්ත චිත්‍ර වලින්. ඒවා එච්චරම හොඳ මට්ටමේ නැති බවත් කියන්න ඔනේ. ග්‍රීන් පාත් එකේ මීට වඩා හොඳ චිත්‍ර විකුණනවනම් හොඳයි. එහෙම නැත්තං මෙයාල සාමාන්‍ය චිත්‍ර ගොඩාක් ගන්නේ නැතිව හොඳ ඒවා කිහිපයක් ගත්තනම් හොඳයි.

හොඳයි, චිත්‍ර ගැන අමතක කරමු. බේරේ වැව සිසාරා යන දර්ශනය ඇත්තටම දැකුම්කළුයි.

කෑම බීම

මෙතන තේ කදිමයි, නියම තේ රසම තියෙනවා. හයි ටී එකක් රුපියල් 600යි. ඒකත් එක්ක ජෑම්වත් බටර්වත් පිළිගැන්නුවේ නැහැ. (එයාලා කිව්වේ ජෑම්, බටර් තාම ගෙනල්ලා නෑ කියලයි.) තේ එකනම් එච්චරම හිත ඇදගන්නා එකක් නෙවෙයි. එයාලගේ ටී මිල්ක් ෂේක් එකනම් තව ටිකක් පැණි රස වැඩි උනානම් හොඳයි. අපි ආපු වෙලාවෙ කෑම බීම ඒ තරම්ම හොඳ නැහැ.

මෙතන මෙනූ කාඩ් පත දැක්කහමත් හිතෙන්නේ නීරස බවක්. ඩිල්මා ටී ලවුන්ජ් එකේ මෙනූ එක හරියට කලා කෘතියක් වගේ. මෙනූ එකේ සංකල්පයයි, මුද්‍රණයයි ඉතාම ඉහළයි. ඊට අමතරව ඔවුන්ට තව ටික දවසකින් මත්පැන් බලපත්‍රයත් ලැබෙනවා. ටී බ්‍රීස්z කියන්නේ තේ වලටයි, ටී මිල්ක් ෂේක් වලටයි අතුරුපස වගේ තියෙන කටගැස්ම වලටයි හොඳ තැනක්. සිත ඇදීයන තරම් පුදුම සහගත දේවල් මෙතන නැහැ.

සේවාව

විවෘත කළ අලුත නිසාදෝ සේවාවනම් ඉතා ඉහළයි. උදෙන්ම ගියොත් තමයි හොඳ. හැබැයි බටර් ගේන්නත් ඉස්සර වෙලා නම් යන්න එපා.

නිගමනය

පිහිටලා තියෙන විශේෂ ස්ථානය නිසාම ගිහිල්ලා බලන්න වටිනවා. ඒත් මෙනූ එකනම් එච්චර හිත ඇදගන්නා එකක් නෙවෙයි.

ඉඟි

උඩු මහලට ගිහින් බලන්න, ඒත් තරප්පු පෙළ පාවිච්චි කරන්නේ පරෙස්සමෙන්.

TIP

Check out the upstairs, but watch your step.

Address

B18 Perahera Mawatha, Colombo 3

Contacts

Report Inaccuracy

Open 11 AM to 8:30 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Tea

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
5

Similar Places

User Reviews
M
1

2/5

0

Minnxx

The location is nice. Drinks and the waffle were okay. We tried a earls grey and a lemon iced tea with less sugar. Those 2 mini pizzas were terrible felt like eating an awrful biscuit. It ruined the whole thing. :(

N
1

5/5

0

Natty

This is actually one of my favourite places, it's quiet enough for a lazy cup of tea (with one of their books!) , a business meeting, a brainstorm session, or just to hang out, and I love the sandwiches. The Roast beef is wafer thin, the Paté quite flavoursome and the Tea Tantelizers superb. I've tried most of the menu and apart from the new cupcakes, I've loved everything else. Their Apple Crumble is one of the best I've had. And believe me, I'm a fussy eater. I agree about the stairs, but apart from that Yamu I think you should visit and review again now that they're better operational :)

Avatar for Maru
1

3/5

0

Maru

nice place to sit and do something without being bothered…till when is the question at stake…not occupied most of the time…menu wasn't that inspiring…:) don't try apple tea !

See 11 Comments