Ganethenna, Mahanthegama Rd
Open until 10:00 PM
Calm place to have a Sri Lankan style breakfast buffet and a great high tea.
තවත් එක් කෙටි කතාවක්!
හරි ලේසියි හොඳේ.
ඔන්න මායි යාළුවයි යනව නුවර. දන්නැද්ද ඉතින් අපෙත් තියෙනවනෙ ඔය පොඩි පොඩි ජල්තරස් වැඩ. අන්න ඒකකට ඈ.. කොහොමහරි පාන්දරින්ම ඇද්ද නිසා 7 වෙද්දිම වගේ දෙන්නට අම්බානක බඩගිනියි. ම්ම්… බැලුව බැලුව කඩයකුත්, හිතට සෙට්වෙන එකක් හමුවෙන්නෙත් නෑ.
“මොකෝ බං කරන්නෙ. ඔන්න ඔහෙ ඕන මගුලක් කියල ඊලඟට හමුවෙන එකෙන් නවත්තමුද?”
“ඔව් ඔව් බං, නවත්තමු. නැත්නං මේක හරියන්නෑ”
කියල..
කටගන්න හම්බවුනේනෑ, මෙන්න වංගුව නවන තැනම තඩි හෝටලයක්. ඊටත් ඒක ඕපන් කියන්නකො. කොහොමහරි එතකොට වෙලාව 8ට කිට්ටුයි හැබැයි බුෆේ එක (රු. 400) රෙඩි. ගත් ගැම්මට වාහනේ පාකින් එකට දාපු අපි සනික බැහැලා හෝටලේට ගොඩවුනේ බුෆේ එක බලාගෙනමයි. හැබැයි ඉතින් එහෙමයි කියල, එහෙම්ම ඇතුලට යන්නත් බෑ. මොකද සුහද සේවක මිත්රයෙක්ගෙ අපූරු පිළිගැනීමනෙ ඉස් ඉස්සෙල්ලාම කියල. ගුඩ් මෝනින් පාරක් දාලා, මේසයක් පෙන්නල වාඩි කරවල.. ෂැහ් බලන්න එපැයි සර්විස් එක!
ඒත් ඉතින් අවුල වුනේ අපි කෑම බෙදාගන්න ගියාම තමයි. මොකද ඒ වෙද්දි බත් ටික ඇවිල්ල නෑ බුෆේ එකට.
“සර් විනාඩි 5න් බත් එනව. එතකම් අපි ඉඳිආප්ප කමු” වචනෙ බලන්න යාළු. කන්න හිතක් නැතත්, කන්න හිතෙනවනෙ. පස්සෙ ඉතින් දෙන්න හෙමින් සැරේ බෙදාගත්ත ඉඳි ආප්ප. ඉඳි ආප්පයි, පරිප්පුයි, චිකනුයි, වම්බටුයි, අල හොදියි. ඒ විතරක් නෙවෙයි වෙනමම ගේන්න කිව්ව බුල්සායි එකකුයි, චිකන් සමෝසා (රු. 50) 2කුයිත්. කටගැස්මට හරි තියෙන්නෙ නැතෑ කියල.
ඊට පස්සෙ තමයි වැඩේට බැස්සෙ. ආයෙ ඉතින් හාල් පිටි ඉඳි ආප්ප හොඳේ. කට දෙක කද්දි නිකම්.. පිස්සු වාගෙ. මොකද ඒවටම හරියන්න චිකන් හොද්දයි, පරිප්පුවයිත් තිබ්බනෙ. අවංකයෙන්ම කියනව නම් යාළු චිකන් හොද්දෙ රස.. මාරම මාරයි. හිතා ගන්න බෑ හැබැයි ඒකට මොනව හෝ දාලා තියෙනව රස ඉස්මතු වෙන්න. මොකද අමුතු බටර් ගතියක් වගේ තිබ්බ. එතකොට සැරත් ගාණට වගේ. හොද්දෙත් මදි නොකියන්න තුනපහ, ලුණු ඇඹුල් රස තියෙනව. ඒ විතරක් නම් බැරියැ, චිකන් කෑල්ලටත් ඒ පදම අල්ලල, කන්න කන්න රසයිනෙ.
වැඩේ කියන්නෙ පරිප්පුවෙත් අර චිකන් එකේ වගේම හොඳ ඝන ගතියක් තියෙනවනෙ. ඒ නිසාම කිරි රසයි, තුනපහ රසයිත් හොඳ හැටි ඉස්මතු වෙලා. අල වලින් නම් මම ගත්තෙ හොදි විතරයි. හැබැයි හොඳ කිරි රසට තිබ්බ. ඔක්කොමත් හරි වම්බටු එකනෙ, ලුණු, මිරිස් පදම නූලට ගලපල, තෙලට පොඩ්ඩක් දාලා අරගෙන, හොදි ගතියත් චුට්ටක් තියෙන්න හින්දල.. ෂැහ් ටොප් ආ..
ඔය අතරෙ මම නිකමට වගේ එයාලගෙ සමෝසා කෑල්ලකුත් කඩාගෙන ඉඳි ආප්ප එක්කම ගැලපුව. කිරි අප්පේ.. ඒකෙ රස! චිකන් සමෝසා එක යාළු. මහ ගොඩක් නැතත් චිකනුත් ටිකක් තියෙනව. ඊටත් ඒක මික්ෂර් එකනෙ. අල, කැරට්, ලීක්ස් වගේ එළවළු ටිකක් එක්ක ලූණු, මිරිස්, ගම්මිරිස් අඩුපාඩු ගලපල ලුණු, රසකාරක පදමත් ලෙසටම තියෙන්න, අනික බැදල තියෙන්නෙත් හොඳ ෆ්රෙෂ් තෙල් එකක වගේනෙ. ඉතින් රස තියෙනව පංකාදු පහට.
කොහොමහරි අපි කාලා ඉවර වෙනකොට තමයි අර සේවක මිත්රය ඇවිල්ල තේ බීමක් ගැන අදහසක් ඔලුවට දැම්මෙ. වෙන දෙයක් නිසා නෙවෙයි එයාල ලඟ බ්ලූ ෆීල්ඩ් වතුයායෙන් එන සුපිරිම තේ තියෙන නිසා. ඉතින් ඔන්න මායි යාළුවයි තීරණය කලා, කෑමත් හොඳට තිබ්බ එකේ තේ එකකුත් බීලා බලන්න.දෙන්න ඕඩරේ දැම්ම විතරයි, මැනේජර් මහත්තයද කොහෙද ආවා අපේ ලඟට…
“මට.. ටී (රු. 100) එකක්”
“මට ප්ලේන් ටී (රු. 50) හොඳයි”
දෙන්න ඕඩරේ දැම්ම විතරයි, මැනේජර් මහත්තයද කොහෙද ආවා අපේ ලඟට… දුන්න තේ ගැන ලෙක්චර් එකක් ආයෙ සාම්පලුත් එක්කම. හැබැයි කිව්වට විශ්වාස කරන්න, ඒ ලෙක්චර් එකේ බොරු කියල නෑ කියන්නකො. කිව්වත් වගේ මගේ ටී එක බොන්න පුලුවන් සීනි නොදා හොඳේ. ඒ විතරක් නෙවෙයි යාළුවගෙ ප්ලේන් ටී එක! සප්පේ.. එලෙසමයි ආයෙ.
ඉතින් බොරු මොකටෙයි, ඕං ඔයාලත් නුවර ගියොත් හෙම බය නැතුව ගොඩ වෙන්න..
කටට රහට කෑම ටිකක් කාලා, සුප්ප ටී එකකුත් බොන්න පිළිමතලාවෙ ටී මැන්සන් එකට, හොඳේ!
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Noodles Eggs Seafood Pasta Vegetarian Biriyani Fried Rice Chicken Fried Chicken Fish Cuttlefish Iced Coffee Fruit Juice
Ratings Breakdown
One of the best place to eat delicious authentic Sri Lankan…
Great place to have a delicious Sri Lankan buffet…
Delete Comment
ඉර්ශාඩ්
මෙතන හරක් මස් එක්ක බත් නැද්ද?