Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Thai House Colombo

Delivery only


Thai House Colombo brings Thai flavours to your doorstep from their home kitchen.



ඉඳල හිටලා පොඩි වෙනසකටත් එක්ක කියලා අපි දවසක් දවල් කෑමට තායි කෑම වේලක් ඕඩර් කළා ඔෆිස් එකට ම. ඒ තායි හවුස් කලම්බෝ එකෙන්. අහගන්නකො විස්තරේ.

ඕඩර් කරන විදිහ 

මේගොල්ලො ඉන්නේ දෙහිවල. බදාදා ඇර අනික් හැම දාම දවල් 12 ඉඳන් රෑ 10 වෙනකන් කෑම ගෙන්නගන්න පුළුවන්. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ ම 0772808786 අංකයෙනුත් ඕඩර් එක ප්ලේස් කරන්න පුළුවන්. මෙනු එක එහෙමත් එයාලගෙ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකේ දාල තියනවා.

කෑම 

තායි හවුස් මෙනු එකේ ඇපටයිසර්, සැලඩ්, සුප්, බත්, නූඩ්ල්ස් අනංමනං ජාති ගොඩයි. අපේ ඕඩර් එක වුණේ තායි ෆිෂ් කේක් (රු. 750), චිකන් ටොම් යම් සුප් (රු. 650), පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් විත් ප්‍රෝන්ස් ඇන්ඩ් කැෂු නට්ස් (රු. 800) සහ චිකන් රෙඩ් කරි (රු. 700).

මුලින් ම අපි රස බැලුවෙ හොඳ පෙනුමට ලොකුවට හදල තිබුණ ෆිෂ් කේක්. රස බැලුව කිව්වට මොකද ඇත්තට ම මේකෙන් කිසි ම රසක් ආවෙ නැති තරං. ස්පොන්ජ් එකකට තෙල් දාල වගේ ගතියක් තමා තිබ්බෙ. පෝෂන් එකක කෑලි පහක් තිබුණා. අපරාදෙ කියන්න බෑ මේකට ආපු සෝස් එක නං මාර රසයි. ඒකෙ පොඟව ගත්තම නං ෆිෂ් කේක් එක පොඩ්ඩක් ශේප්.

ඊළඟට සුප් එක. මදි නොකියන්න චිකන්, ඉස්සො තොගයක් ම දාලා. පෙනුමෙනුත් සැරයි ඇත්තටමත් කටට සැරයි. ස්පයිසස් එහෙම සෑහෙන හොඳට මික්ස් වෙලා. හැබැයි වතුර ගතිය ටිකක් වැඩියි කියල අපිට හිතුණා. තව පෝඩ්ඩක් උකු වුණා නං මරු.

අපේ ෆ්‍රයිඩ් රයිස් එක තමයි මේ තියෙන්නේ. පේනවනේ සරු පාට. ඉස්සො, කජු, මුද්දරප්පලම් ගොඩ ගහලා. දෙහි පෙත්තකුත් පැත්තකින්. අන්නාසි කෑලි නං ඒ තරං තිබුණෙ නැතුවට මොකද බත් ටික හොඳට තැම්බිලා කටට සොෆ්ට් ගතියට තිබුණා.

තරු පහයි කියල කියන්න පුළුවන් එකකට තිබ්බේ චිකන් රෙඩ් කරිය. මේක ක්‍රීමි කියන්නේ උපරිම ම උකු ගතියයි. චිකන් කෑලි ටික හොඳට කටට සුමුදුයි. සැර ගතිය පදමට එන්න හොඳට කුළුබඩු පාවිච්චි කරලා හදල තිබුණා. කාලෙකින් කාපු හොඳ ම චිකන් කරියක් කියන්න පුළුවන් බය නැතුව.

සර්විස් එක

ෆෝන් එක හරහා තායි හවුස් එකෙන් සුහද සේවාවක් ලැබුණා කියන්න පුළුවන්. ඒ වගේ ම කියපු වෙලාවට ම කෑම ටිකත් ආවා.

අවසාන වශයෙන් 

තායි කෑම රස බලන්න ආසාවක් ආවොත් කෑම ගෙන්නගෙන බැලුවට පාඩු නැති හොඳ තැනක් විදිහට මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවනි. කෑම කොලිටිය බැලුවම ගණන් එහෙමත් සාධාරණයි නේ.


TIP

Try the Thai Red Curry.

Open until 11:00 PM

Cuisine

Thai

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment