Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Thalis

155, Park Road, Colombo 5


Thalis has kept to themselves over the years, so they're easy to miss if you're around Park road. They serve up some wonderful North and South Indian food fare, and are well worth a visit.



ඉන්දියානු ක්‍රමේට හදපු වෙජිටේරියන් කෑම වේලකට කියාපු තැනක් විදිහට ප්‍රසිද්ධ පාක් රෝඩ් එකේ තියන තාලීස් රෙස්ටොරන්ට් එකට අපි පහුගිය දවසක ගොඩ වුණා. 

තැන

ලොකු පිරිසකට අසුන් ගන්න පුළුවන් විදිහට හොඳට ඉඩකඩ තියන, පිරිසිදු, පිළිවෙළ තැනක්. පාක් රෝඩ් එක අයිනෙම තියන නිසා හොයාගන්න අපහසු නෑ. පාකිංවලට එහෙමත් එළියේ ඉඩකඩ තියනවා.

ඇතුල් වුණ ගමන් වම් පැත්තෙ තියන ෂෝකේස් එකේ එක එක ජාතියෙ ඉන්දියන් රසකැවිලි තියනවා. ටේක් අවේ ගන්නවා නම් එතන තියන කවුන්ටර් එකෙන් ඕඩර් කරන්න පුළුවන්. 

කෑම 

උතුරු ඉන්දියානු වගේම දකුණු ඉන්දියානු ආහාරපානත් මේ අයගෙ මෙනු එකේ තියනවා. තාලීස් ගිහින් තාලි නොකා පුළුවන්යෑ. අපි ඕඩර් කළා නෝත් ඉන්දියන් තාලි එකයි (රු. 750), ගාලික් නාන් එකයි (රු. 275), පනීර් බටර් මසාලා එකයි (රු. 825).

නෝත් ඉන්දියන් තාලි එකට එන්නේ බිරියානි බතක්. බත හොඳට තැම්බිලා තිබුණ නිසා සුමුදුවට හැපුණා. පදමට සීසනිං එහෙමත් කරලා නිසා මසාලා රස ගාණට. තව බැදපු මිරිස් කරලක් එක්ක සුදු බත් පොඩ්ඩකුත් දීල තිබුණා. තාලි එක එක්ක ආපු සුප් එක නම් නිවිලා. ඊට අමතරව මේකට රස චපාති එකක්, කරීස් හතරක් එක්ක ලුණුදෙහි චුට්ටක් ආවා. කරි ටික නං කලින් හදල තියපුවා බව තේරෙනවා. හැබැයි රස හොඳයි. ඒ එක්කම මීකිරිවලින් හදන මෝරු සහ පායාසම් එහෙමත් තාලි එකේ තිබුණා. පායාසම් එකේ ගිතෙල් රස නම් ටිකක් වැඩියි.

පනීර් බටර් මසාලා කරියයි ගාලික් නානුයි එකතුව තාලි එකට වඩා අවංකවම අපේ හිතට ඇල්ලුවා. පනීර් බටර් මසාලා එක පෙනුමෙන් වගේම රසෙනුත් ඉහළයි. හොඳට තම්බල ෆ්‍රයි කරලා තිබුණ පනීර් කෑලි ටික කටට සොෆ්ට් ගතියයි. තුනපහ මසාලා පවුඩර් එහෙම හොඳට දාලා කටට සැරට, ක්‍රීමි ගතියට හදල තිබුණා. ඒ නිසාම මේක කෑවම වෙන මුකුත් කන්න බැරි තරමට බඩ සම්පූර්ණෙන් පිරෙනවා.

ගාලික් නාන් එක කෑලි තුනකට කපලයි ආවෙ. මේකට හොඳට සුදු ලූනු දාල රසට හදල තිබුණා. ටිකක් වියළි ගතියයි වුණත් මසාලා කරිය එක්ක ගලපගත්තම රස ඉස්තරම්.  

බීම

බීම විදිහට එයාල ළඟ පලතුරු බීම, සිසිල් බීම වගේ එක එක ජාති තියනවා. අපි ඕඩර් කළේ අන්නාසි ජූස් එකයි (රු. 425), ලයිම් විත් සෝඩා එකයි (රු. 350). අන්නාසි ජූස් එක හොඳ රිෆ්‍රෙෂිං බීමක්. හොඳට කූල් කරලා තිබුණා. ලුණු ඇඹුල් එහෙමත් පදමට. ඒත් සීනි තමයි ටිකක් වැඩි.

මේ තියෙන්නේ ලයිම් විත් සෝඩා එක. අයිසුයි සෝඩයි ආවෙ වෙනම. මේකෙ තිබුණ අවුල තමයි ලයිම්වලට ෂුගර් සිරප් එකක් එහෙම පිටින්ම හලලා තිබුණ එක. අයිසුයි සෝඩයි දාගෙන මික්ස් කරගත්තට පස්සෙත් වැඩිපුර ආවෙ ෂුගර් සිරප් එකේ පැණි රස. ඒකෙන් අර ලයිම් සෝඩාවලින් එන ස්මූත් ඇඹුල්-ගෑස් ගතිය වැහිලා ගිහින් තිබ්බා.  

සර්විස් එක

මේගොල්ලන්ගෙ සේවාව නම් උපරිමයි. ස්ටාෆ් එක හරිම සුහදයි. කෑම තෝරගන්නත් ඒ අය උදව් වෙනවා. අපේ කෑම බීම ටික විනාඩි 10-15ක් ඇතුළත මේසෙට ආවා. 

අවසන් වශයෙන්

මෙතන මිල ගණන් සාමාන්‍ය වෙජිටේරියන් ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට වඩා සැරයි. ඒත් කෑමබීම හොඳ තත්ත්වයක තියන නිසා නියම ඉන්දියන් කෑම එක්ස්පීරියන්ස් එකකට මරු තැනක් කියන්න පුළුවන්.


TIP

Swap dessert for a little tumbler of filter coffee. It's hard not to like the sweet and fragrant brew.

Address

155, Park Road, Colombo 5

Directions

On Park Road, go straight past Jack Tree and Off the Hook, towards Havelock Town. The restaurant will be on your right.

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Indian South Indian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Vegetarian

Ratings Breakdown

Overall Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
N
1

1/5

0

NalinaSelvanathan

Very poor service and taste isn’t satisfactory.

V
1

3/5

0

VegJumbo

The taste and quality is on a down hill run lately. Used to be really good when it started off…

N
2

3/5

0

Nusra Cader

Overpriced for bad quality food. The sambhar was just watery dhal with a lot of chilli. The poori had atta in it and was extremely unpleasant. The onion rrava dhosai was barely crispy. This is. A mockery of Indian food.

N
1

1/5

0

NalinaSelvanathan

Very poor service and taste isn’t satisfactory.

V
1

3/5

0

VegJumbo

The taste and quality is on a down hill run lately. Used to be really good when it started off…

N
2

3/5

0

Nusra Cader

Overpriced for bad quality food. The sambhar was just watery dhal with a lot of chilli. The poori had atta in it and was extremely unpleasant. The onion rrava dhosai was barely crispy. This is. A mockery of Indian food.

See 14 Comments