Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

4/5

Thawalama

8A, Sri Saranankara mawatha, Pamankada, Dehiwala


A great place to grab some good rice and curry, along with a killer fish curry.



දවසෙ අවුලක්ද මන්දා උදේ ඇහැරෙන කොටම අම්මගෙන් කුණු බැණුම්, කලින්දා බීලා ආවට. කොහොම හරි ඒක ෂේප් කරගෙන වැඩට යන්න ලෑස්ති වෙන්න කියල ගත්ත, ටැංකියෙ වතුර නෑ මූණ හෝදන්න. වැඩේ කියන්නෙ ඒකත්, ලිඳ ලඟට ගිහින් බැලන්ස් කරගෙන දඩිබිඩියට බස් එකට නැගල ඔෆිස් එකට එනකොට, වැඩ කරන්න ඉන්ටනෙට් නෑ කියන්නකො. මට නේද… ෂික්! කියවුනේ.

‘දැන් ඉතින් දවසම මස්තබාල්දුයිනෙ. ඊටත් මේ මඟුල කීයට හැදෙයිද දන්නෑ’

කරන්න දෙයක් නැතිම තැන එහෙට මෙහෙට බැලන්ස් කරලා.. තිබ්බ පොඩි පොඩි වැඩ ටිකක් ඉවර කරපු මම විශ්විගෙ පැත්තට ලයින් කලේ, එයා ලඟවත් විසඳුමක් තියද බලන්න මේ ප්‍රශ්නෙට. ඒත් කොහෙද, ඒ යද්දි විශ්විත් දස අතේ කල්පනා කරනව මොකද කරන්නේ කියල.

“ඒ බං”

“ඕ බං”

“අර ලමිදුවවත් ආවනං රිවිවකට හරි යන්න තිබ්බ නේ. බඩගිනි වීඩියෝ එකක්වත් කරන්න. ඒකාත් නෑනෙ තාම. නිකමට කෝල් එකක් ගහංකො එනවද නැද්දවත් බලන්න”

මගේ කීමටම ෆෝන් එක අතට ගත්ත විශ්වි, ගැහුවා ලමිදුට කෝල් එකක්. ගහල විස්තරේ කිව්ව වෙන්න ඕන. කොහොම හරි අවසාන පිළිතුර වුනේ ‘ඒකා එන ගමන් බං. ආපු ගමන් යන්න පුලුවන්’ කියල.

‘අයියනාග දෙවි පිහිටයි. අනේ ඉක්මනටම එන්න ලැබෙච්චාවෙ’ හදවතින්ම ප්‍රාර්ථනා කරපු මම ඔන්න ආයෙත් ගිහිල්ල වාඩි වුනා ලැප ඉස්සරහින්. වාඩි වෙලා ඉතින්.. ඒ ෆෝල්ඩරේට යනව මේ ෆෝල්ඩරේට යනව. වැඩක් නෑනෙ, මොනව කරන්නද අපියි කියලත් ඕං!

වෙලාවෙන් වෙලාව 12ට විතර තමයි ලමිදු ආවෙ. හැබැයි ආපු ගමන් මනුස්සය යන්න රෙඩි. හෙවිල්ලක් බැල්ලක් මොකටෙයි කියල විශ්විත් දැම්මා පික්මියක්, කෙලින්ම සරණංකර පාරට.

“කොහෙටෙයි බං දැං යන්නෙ”

“යන්නේ… තවලම කියල බත් කඩේකට, සරණංකර පාරෙ. ඒකෙ අපේ රිවිව් එකකුත් නෑ බං. ඒකයි”

“එළ එළ”

බත් නම් කොහේ වුනත් මොකැයි කියල ඔන්න මාත්.. පික්මි එකේ.

උපරිම විනාඩි 10ක් වගේ යන්න ඇති. පික්මිය කෙලින්ම නතර වුනේ පොල් අතු, පන්, මැටි වලින් හැඩ වුනු අපූරු ප්ලේස් එකක් ලඟ.

“අඩෙහ්! සුප්ප ප්ලේස් එකක්නෙ. ලී මේස දාලා, මැටි ඇතිලියෙ බුෆේ, පන් වටට්ටියෙ නෙළුම් කොළේ… පිස්සු හැදෙනව ඈ. මේහ්! ඒක නෙවෙයි අද නම් මමයි කෑම ඕඩර් කරන්නෙ හොඳේ”

‘වෙනදත් මමම තමයි. හිහ්!’ පොඩි හිනාවක් දාලා.. මම පටන් ගත්ත වැඩේ.

ඉස්සෙල්ලම මගේ එක. සුදුබත් මාළු (රු. 200). ඊට පස්සෙ විශ්විට රතුබත් චිකන් එකක් (රු. 200). ඊටත් පස්සෙ තමයි ලමිදුගෙ ෆ්‍රයිඩ් රයිස් එක (රු. 280). හැබැයි ඒ අතරට වැඩිපුර චිකන් ඩෙවිල් පෝෂන් එකකුත් (රු. 150) අපි ගත්තා. අරගෙන… ඊජීබී. 3කුත් එක්කමයි මේසෙට ගිහින් වාඩි වුනේ.

එතනින් එහාට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ගත්ත ගමන් මම කෑවෙ මාළු කෑල්ලක්. කෑවත් හරි, ඇරෝ කිව්වලු. නොම්මර එකයි මිරිස් මාළු කරිය. ආයෙ මදි නොකියන්න මිරිස් තුනපහ, ලුණු ඇඹුල්, ගොරක සුදුළූණු අඩු පාඩු ටික. ඊටත් සැර එහෙමත්.. බත් කන්න විතරක් නෙවෙයි පාන් බාගයකට වගකියන්න වුනත් පංකාදුයි. වැඩේ කියන්නෙ ඒකටම හරියන පරිප්පු කරියකුත් සෙට් වුනානෙ බත් එකට. හොඳ පදමට කිරි එහෙම දාලා හින්දල කරල.

බත් එකේ කටගැස්ම වුනේ තෙල් දාපු වම්බටු ටික. ඇත්තටම ඒකත් හොඳ සැරට හදල තිබ්බ. හැබැයි බටු ටික පොඩ්ඩක් බැදිල තිබ්බ නම් තවත් මරු. ඔය අතරට කොළ මැල්ලුම එහෙමත් බත් එකට ගෙනාවෙ ලොකු ගමේ රහක්. මොකද රස පදමට පොල් දාලා, ලාවට මැලෙවෙන්නනෙ හදල තිබ්බෙ.

මගේ බත් එක කන අතරට මම පොඩ්ඩක් අත දාලා විශ්විගෙ බත් එකේ තිබ්බ කුකුල් කකුලෙනුත් කෑල්ලක් අරගෙන රස බැලුවා. කියල වැඩක් නෑ යාළු. ඒකත් මාළු වගේමයි. මිරිස් තුන පහේ ඉඳන් සියළු අඩුම කුඩුම ලෙසටම දාලා. ඒ විතරක් නෙවෙයි, වට්ටක්කා මාලුවක් තිබ්බ ආයෙ හේනෙ උයල වගේ. පොඩියට කපල, බැදපු පොල්, අබ එහෙම එකතු කරලා.. මතක් වෙද්දිත් කටට කෙල උනන ගාණයි.

නිකමට ලමිදුගෙ ෆ්‍රයිඩ් රයිස් එකෙනුත් පොඩ්ඩක් රස බැලුවෙ මම, ඔය අතරටමයි. මොකද මට හිතුණා ඒකත් තැනේ හැටියට උපරිමයෙන්ම ඇති කියල.

කිව්වත් වගේ ඉතින් පුන්නි සම්බා හාලෙන් හදලා තිබ්බ කියන්නේ... සුපිරි ආයෙ. හොඳ හැටියට කැරට්, ලීක්ස් එකතු කරලා, ලොකු ඩෙවල් චිකන් පලුවකුත් උඩින් තියලා, චිලි පේස්ට් ටිකක් එක්ක අනා ගත්ත කියන්නෙ, ගමකට වගකිව්ව හැකි ගේමක් නැතුව.

අනික ඉතින් ඔය සේරම ජින්ජ් බියරුත් එක්කමනෙ. එ්කෙන් ගැම්ම ඩබල් ත්‍රිබල්. හැබැයි පාඩුවකුත් වුනා.

ෆ්‍රිජ් එකේ තිබ්බ වටලප්පම්… මිස් වුනා, හ්ම්ම්…!


TIP

Try Seafood Rice & Curry

Artwork for Frimi Shoutout banner

Address

8A, Sri Saranankara mawatha, Pamankada, Dehiwala

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment