Artwork for pat pat lk temp top banner 1
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

3/5

The Bakery At The Lake

Kimbulawala Junction, Sri Jayawardenepura Kotte


Nice place to have some delicious short eats or dinner, lunch at a beautiful lake location



ලඟ තියෙන දේ අගය අඩුයි කියන්න වගේ..
ඔ්පන් කරලා අවුරුද්දකටත් විතර පස්සෙ ඔන්න පහුගිය දවසක මායි, යාළුවයි කතාවුනා ‘වැව මැද බේකරියට’ යන්න. ඒකත් පොඩි වැඩක් ගැන චැට් එකක් දාන්නත් එක්ක. 

ඒ කතාවෙලා.. ඔතන කොහොමත් ලස්සන තියෙන්නෙ හැන්දෑවට නිසා, හවස 6 ටයිම් එක අල්ලලා තමයි ගැලපුනේ ස්ථානයට.

ගැලපිලා හිටං පුංචි පාලම දිගේ, පිවිසුම ලඟට..

ඇත්තටම හරිම ලස්සන වගේම, සුපිරි සුවපහසුවට හදපු ලක්ෂරි ප්ලේස් එකක් ඒක. කෑම කන්න තියෙන්නෙ තනිකරම එළිමහන් භෝජනාගාරයෙ. ඒ කිව්වෙ, මැද කිචන් එක වටේට පිහිටපු වැරෙන්ඩාවෙ. සුවපහසු පුටු මේස දාලා.. සර්විස් එකට වෙනමම සේවකයො..

සත්තයි වැඩේ නම් නොම්මර එකයි ඈ..

කොහොමහරි එච්චර ලස්සන ප්ලේස් එකේ ඉතින් අපිත් ගිහිල්ලා, වාඩිවෙලා.. ටික වෙලාවක් වටපිට සුන්දරත්වයත් අත්විඳලයි ඔ්ඩරේ දැම්මෙ. ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකයි (රු. 960), සීෆුඩ් මොන්ගෝලියන් එකයි (රු. 440), ඩෙසට් එකට ඉක්ලෙයාර් (රු. 300) සහ, චීස් කේක් (රු. 350). එතකොට.. බොන්න ගත්තෙ ලයිම් ජූස් (රු. 180). 

ඔ්ඩරේ දාලා නම් ඉතින් ඒ හැටි වෙලාවක් බලාගෙන ඉන්න වුනේ නෑ. විනාඩි 5ට 6ට, කෑම ටික මේසෙට.

ආවට පස්සෙ මම රයිස් එකට, යාළුවා ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකට.

කටක් කෑවා..

ෂැහ්.. ඔක්කොමත් හරි මොන්ගෝලියන් එකේ සැරනෙ. මල් හතයි කියන්න, ලංකාවෙ අපිටම හරියන්න.. ඊටත් ඉස්සො, දැල්ලො, මාළු.. එක තොගේට. සත්තයි කන කන කටක් ගානෙ මොකෙක්ම හරි සීෆුඩෙක්. අනික රයිස් එකටත් පදමටම වගේ සෝස් අඩුම කුඩුම, කැරට්, ලීස්ක් සියල්ලම දාලා.. 

හැබැයි ඒ අතරට මම රස බැලුවනෙ යාළුවගෙ චිප්ස් එකෙනුත්. අනේ.. ඒකෙ චිප්ස් ටික නම් ෆ්‍රයි වෙලා මදි හොඳටම. සමහර ඒවගෙ මැද්ද අමුයිත් වගේ. අනිත් කාරණය තමයි මාළු! මං හිතන්නෙ තලපත් වෙන්න ඔ්න. ඒත් ටික කාලයක් ෆ්‍රීසරේ තිබිලා නිසා අර ෆ්‍රෙෂ් රස ගිහිල්ලා. හැබැයි බැටර් එකට ඇති හැටියට ගම්මිරිස්, ලුණු අඩුම කුඩුම දාලා නිසා රස නෑ කියන්නමත් බෑ.

ම්.. ඒ කාලා ඉතින් අතරින් පතර බීපු ලයිම් ජූස් එකෙත් දෙහි නම් ඔන්න ඇති වෙන්න! ඒ විතරක් නෙවෙයි අඩු සීනි, ලුණු පදමට..

ආහ්.. අනිත් එක! ඉක්ලෙයාර්ස්.

උදේ හදපුවා වෙන්න ඔ්න මොකද බන් එක ටිකක් හයියයි. ම්.. ඒ හැරුනාම මැද්දට පුරවලා තිබ්බ චොකලට් ක්‍රීම්.. ඒවයෙ චොක්ලට් රසත් මදි. ටොපින්ග් එකත් ඉතින් එච්චරම කොලිටි නෑ අප්පා..

කණගාටුවට කාරණාව වුනේ ඉක්ලෙයාර් එක අවුල් ගියා වගේම චීස් කේක් එකත් අප්සෙට් වුන එකනෙ. චීස් කෙසේ වෙතත් ඒකෙ ඇති හැටියට ක්‍රීම් චීස්, විපින්ග් ක්‍රීම් නම් තිබ්බා. අනික ටොපින්ග් එක.. තනිකරම බෙරි සිරප්…

හ්ම්.. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment