Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

The Barnesbury Express

B204/2, Food Court, Liberty Plaza, Colombo 03


The only place to buy mocktails in a food court.



කුරුඳුවත්ත පැත්තේ රවුමක් යන කෙනෙක්ට හොඳ කෑම බීම ටිකක රසවිඳින ගමන්, නිවීසැනසිල්ලේ වෙලාව ගෙවලා එන්න යන්න පුළුවන් තැනක් විදියට The Barnesbury හඳුන්වන්න පුළුවන්. හැබැයි දැන් Barnesbury එකේ කෑමවල රස විඳින්න කුරුඳුවත්තට ම යන්න ඕනේ නැහැ. මීට මාස කිහිපයකට උඩදී විවෘත කරපු ලිබර්ටි ෆුඩ් කෝර්ට් එකෙත් දැන් Barnesbury එකක් තියෙනවා.

ලිබර්ටි ෆුඩ් කෝර්ට් එකේ තියෙන Barnesbury Express එක, කොළඹ හරියේ තියෙන ෆුඩ් කෝර්ට් සංස්කෘතියට අලුතෙන් යමක් එකතු කරන්න සමත් වෙච්ච අවන්හලක් කියලයි අපේ හැඟීම නම්. සාමාන්‍යයෙන් හැම ෆුඩ් කෝර්ට් එකකම වගේ දකින්න තියෙන එකම විදිහේ ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරං සෙට් මෙනු වෙනුවට, තරමක් වෙනස් මෙනු එකක් Barnesbury Express එකේ දැකගන්න පුළුවන්.

කෑම බීම

Barnesbury Express එකට අපි ගොඩවැදුණේ සතියේ දවසක දවල් වරුවේ; දවල් කෑම වෙලාව නිසා, තරමක සෙනඟක් මේ අවට හිටියා. නාසිගුරං, ෆ්‍රයිඩ් රයිස් වගේ බත් වර්ග ඇරුනාම, පැස්ටා වගේම මොක්ටේල් වර්ගත් මෙයාලගේ මෙනු එකේ දැකගන්න තිබුණා. ලංකාවේ තියෙන ෆුඩ් කෝර්ට්වලින්, මොක්ටේල් ගන්න පුළුවන් එකම තැන විදියට Barnesbury Express හඳුන්වන්න පුළුවන්.

අපි ඕඩර් කළේ ක්‍රීමි මෂ්රූම් පැස්ටා (රු.500), මොන්ගෝලියන් චිකන් නාසිගුරං (රු..450), එක්ක බ්ලු බීච් හවායින් මොක්ටේල් (රු.350) එකයි, ඇපල් වර්ජින් මොක්ටේල් (රු.350) එකයි. කෑම බීම තෝරගනිද්දී මැනේජර් මහත්මයාගෙන් ලොකු සහයක් ලැබෙන බව නම් කියන්න ම ඕනේ.

ක්‍රීමි මෂ්රූම් පැස්ටා එක ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමටම හොඳ රසක් ඒකෙ තිබුණා. පැස්ටා එකත් ගානට තම්බලා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ක්‍රීමි විදියට හදපු මෂ්රූම් සෝස් එකක් මතුපිටින් අතුරපු මේ පැස්ටා එක නම් සුපිරි.

ලොකුවට අටුවාටීකා ලියන්න දෙයක් නැතත්, Barnesbury Express එකේ මොන්ගෝලියන් චිකන් නාසිගුරං එකත් ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. හොඳ රසට හදපු චිකන් කෑලි ගොඩක් මිශ්‍ර කරපු  මේ බත් එක උණුවෙන්ම පිළිගැන්වුණේ චිලී පේස්ට් එකකුයි, චෝප්සියකුයි එක්ක.

අපි ඕඩර් කරපු බ්ලු බීච් හවායින් මොක්ටේල් එක නම් දැක්ක ගමන් බොන්න හිතෙන මොක්ටේල් එකක්. ඒ වෙන මුකුත්ම නිසා නෙමෙයි, මේ මොක්ටේල් එකේ තියෙන ලස්සන නිල් පාට නිසා. ස්ප්‍රයිට්, ලයිම් ජූස් එකට කලවම් කරලා, ලෙමන් පෙති, අන්නාසි කෑලි, එක්ක මින්ට් කොළ ටිකක් කපලා දාලා හදන මේ මොක්ටේල් එකේ පෙනුම වගේම රසත් නියමයි. සීතලම සීතල ස්ප්‍රයිට් එකේ රහට මිශ්‍ර වෙච්ච ලා ඇඹුල් රහක් තමයි බ්ලු බීච් හවායින් මොක්ටේල් එකෙන් එන්නේ.

ඇපල් ජූස් එක්ක මිශ්‍ර වුණු ස්ප්‍රයිට් එකක රස තමයි ඇපල් වර්ජින් මෝක්ටේල් එකේ තියෙන්නේ. ලෙමන් පෙතිත්, මින්ට් කොළත් එකතු කරපු මේ මොක්ටේල් එකේ තියෙන කොළ පාටත් ඇහැට හරිම ප්‍රියජනකයි. හොඳ ස්පයිසි ගතියට හදල තිබුණ මොන්ගෝලියන් චිකන් නාසිගුරං එක කන ගමන්, බොන්න පුළුවන් හොඳ මොක්ටේල් එකක් තමයි Barnesbury Express එකේ ඇපල් වර්ජින් මොක්ටේල් එක.

සර්විස් එක

ෆුඩ් කෝර්ට් එකක තියෙන අවන්හලක් නිසා, Barnesbury Express එකේ තියෙන්නේ සෙල්ෆ් සර්විස්  බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒත් විනාඩි 5ත් 10ත් අතර වෙලාවකින් ඕඩර් කරපු කෑම බීම ටික කවුන්ටරය උඩින් තියන්න Barnesbury Express එකේ කට්ටිය සමත්.

අවසාන වශයෙන්

කලින් කිව්වා වගේම, ලංකාවේ මෙච්චර කල් තිබුණු සාමාන්‍ය ෆුඩ් කෝර්ට් සංස්කෘතියෙන් මිදිලා අලුතෙන් යමක් ඒකට එකතු කරන්න තැත්කරන අවන්හලක් විදිහට Barnesbury Express හඳුන්වන්න පුළුවන්. කුරුඳුවත්තේ තියෙන The  Barnesbury එකේ වගේ සාමකාමී ගතියක් මෙතන දකින්න නැතත්, ලිබර්ටි ෆුඩ් කෝර්ට් එක පැත්තේ ගිය වෙලාවක Barnesbury Express එකේ කෑම බීම ටිකක් රස විඳලා එන්න ඔයාලත් අමතක කරන්න එපා.

 


TIP

Do not forget to try their mocktails.

Address

B204/2, Food Court, Liberty Plaza, Colombo 03

Contacts

Report Inaccuracy

This place has closed down

Cuisine

Italian Mongolian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Rice Seafood Pasta Beverages

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment