Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

The Bearded Chef

Delivery only


A home-based biriyani maker.



මේ දවස්වල අපේ වැඩි අවධානය කෑමබීම අපේ ළඟට ම ඩිලිවරි කරන තැන් ගැන. හේතුව ඉතින් දන්නව නේ. ආයෙත් ඉහළ යාගෙන එන කොරෝනා අවදානමට අමතරව ගිනි ගහන පෑවිල්ලයි හිටපු ගමන් වැටෙන වැස්සයි හින්ද එළියට බහින්න කොහොමත් කම්මැලියි. ඉතින් මේත් ඒ වගේ ඩිලිවරි බේස්ඩ් ෆුඩ් සර්විස් එකක්. නම ද බියර්ඩඩ් චෙෆ්!

හොඳ ම වැඩේ කියන්නෙ, මෙයාලගේ මෙනු එක සම්පූර්ණයෙන් ම හැදිලා තියෙන්නේ බිරියානිවලින්. චිකන් නං එහෙමයි, බීෆ් නං එහෙමයි, මට්න් නං එහෙමයි. ඒ විතරක් යැ, පෝෂන් එක එසේ මෙසේ එකක් නෙවෙයි. පෝෂන් එකක් එන්නේ අට දෙනෙකුට ඇති වෙන්න!

ඕඩර් කරන විදිහ

මේ රැවුල්කාර චෙෆ් ගැන අපි දැනගත්තේ ඉන්ස්ටග්‍රෑම් එකෙන්. ඕගොල්ලන්ටත් පුළුවන් ඒ ඉන්ස්ටග්‍රෑම් පේජ් එකට මැසේජ් කරලා හරි, 0772132223 නොම්මරේට වට්සැප් කරලා හරි ඕඩර් එකක් ප්ලේස් කරන්න. ඔයාගේ නමයි ලිපිනයයි ඕඩර් එක ඕන දවසයි මෙන්ෂන් කරන්න මතක ඇතිව. ඔයා ඉන්නේ කොළඹ අවට නං ඒගොල්ලො ළඟට ම ගෙනත් දෙනවා කෑම ටික. නුගේගොඩට ගෙන්නගන්න අපිට ගිය ඩිලිවරි ෆී එක රු. 350යි.

ආ.. තව දෙයක්. ඕඩර්ස් බාර ගන්නේ අඟහරුවාදා, බදාදා, සෙනසුරාදා, ඉරිදා විතරයි. ඒ වගේ ම කෑම ටික අවශ්‍ය වෙලාවට පැය 24කට කලින්වත් ඕඩර් එක ප්ලේස් කරන්න ඕනේ.

බිරියානි

අපිත් ඔන්න චිකන් බිරියානි එකක් (රු. 5000) ඕඩර් කරලා බලන් හිටියා ගෙනත් දෙනකන්. මෙන්න බොලේ එනවා උස්සගන්නත් බැරි තරං යෝද පෙට්ටියක දාපු තඩි බිරියානි එකක්. සවාන් එකකටත් වඩා ලොකුයි. ඒ එක්ක ම තවත් මොකද්ද පාර්සලයක්. දිග ඇරලා බැලින්නං ඒකෙ රයිටා, මැලේ අච්චාරු, චිකන් සෝස් වෙන වෙන ම පොඩි පොඩි භාජනවල. ඒ මදිවට වටලප්පමකුත්!

ඔන්න ඉතින් අපි ඕපන් කළා අර යෝද පෙට්ටිය. බිරියානි බතට මික්ස් කරපු චිකන් පලු ගොඩක් එක්ක ලොකු අල කෑලි ගොඩක් බැබළි බැබළි. තව මසාලා ෆ්‍රයිඩ් චිකන් තොගේකුත් ඊට උඩින් අතුරලා. ඉතින් අපි පිඟන් එහෙම ලං කරගෙන කන්න පටන්ගත්තා කොනක ඉඳන්.

හොඳට සීසන් කරලා උයපු බාස්මතී බත කටට සුමුදුයි වගේ ම කුළුබඩුවල රසපදමින් අනූනයි. මදි නොකියන්න ලෝබ නැතිව හොඳ සොෆ්ට් චිකන් කෑලි ගොඩක් දාල නිසා අට දෙනෙකුට නෙවෙයි දහ දෙනෙකුට විතර කන්න පුළුවන්. ඒ වගේ ම හොඳට තැම්බුණු ලොකු ලොකු අල කෑලිත් බිරියානි බත රස කරන්න උදව් වුණා. මේ ඔක්කොම එක්ක හොඳ පදමට ෆ්‍රයි කරපු මසාලා ෆ්‍රයිඩ් චිකන් ටික මික්ස් වුණාම තව කුමන කතා ද? ඒ මදිවට බතට කජුත් මිශ්‍ර කරල තිබුණ නේ!

රයිටා එක ගැන කිව්වොත් ඒක සෑහෙන ක්‍රීමි. හොඳ උකු ගතියට තිබුණා. චිකන් සෝස් එකේ ලොකු විශේෂත්වයක් නැති නිසා ඒක තව ටිකක් ස්පයිසි  වුණා නං අපි කැමතියි. මැලේ අච්චාරු පෝෂන් එක ලොකුවට තිබුණට ටිකක් විතර දියාරුයි. ඒත් රස නම් අවුලක් නෑ කියන්න පුළුවන්. මීට අමතරව පොඩි අඩුවක් විදිහට අපිට පෙනුණේ බිත්තරයක් දෙකක් නැති එක තමයි. මොකද සාම්ප්‍රදායික බිරියානි බතට බිත්තරයක් අනිවාර්යයි නේ.

අතුරුපස

දැන් එන්නේ වටලප්පම ගාවට. උඩින් කජු කෑලි ගොඩක් එහෙම ඉහලා ප්ලාස්ටික් පෙට්ටියක ආපු වටලප්පම දුටුමතින් ම ෆ්‍රෙෂ් බව පේනවා. රසත් නරක නෑ. හුඟක් තදත් නැතිව, කටේ තියනකොට ම දිය වෙලා යන්නෙත් නැතිව, නියම පදමට හදල තිබුණා. ඕනවට වැඩිය පැණි රසත් නැති නිසා අපි මේ වටලප්පමට කැමතියි. ඇතුළෙත් කජු කෑල්ලක් දෙකක් තිබුණා නං තවත් මරු.

අවසන් වශයෙන්

සමස්තයක් විදිහට බැලුවම රැවුල්කාර චෙෆ්ගේ කෑම නියමයි. සර්විස් එකත් සුහදයි. ඉතින් ලන්ච් එකකට එහෙම කට්ටියක් සෙට් වෙන්න හිතාගෙන ඉන්නව නං ඔන්න ට්‍රයි කරල බලන්න හොඳ ම ඔප්ෂන් එකක් මේක!

Address

Delivery only

Contacts

Instagram

Report Inaccuracy

Cuisine

Indian

Price Range

More than Rs.5000

Dish Types

Biriyani


Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments