Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

The Biryani Restaurant

33 Armour Street, Colombo 12


The Biriyani Restaurant is all the way in Armour Street, but worth a visit because their biriyani is amazing!



ආමර් ස්ට්‍රීට් එකේ අලුතින් පටන්ගත්ත බිරියානි කඩයක් ගැන අපට කීප සැරයක් ඊමේල් කරලා තිබුණත් යන්න වෙලාවක් හම්බවුණේ නෑ. මේ ඊයේ පෙරේදා දවසක අපේ මලින්ත දවල්ට කන්නෙ මොනවද කියල අහද්දි තමයි මට ආපහු මේ ගැන මතක් වුණේ. ඉතිං මං මලින්තත් අඬගහගෙන ගියා මරදාන පැත්තට, ද බිර්යානි රෙස්ටෝරන්ට් එක හොයාගෙන.

තැන

මේක තියෙන්නෙ මරදානේ ආමර් ස්ට්‍රීට් එකට හැරෙන තැන ම, 176 බස් යන පාරේ. කහපාට බිල්ඩිමේ තැඹිලි පාටට ලොකුවට බෝඩ් දාලා තියෙන නිසා හොයාගන්න අමාරු වෙන එකක් නෑ. මේකේ පහළ තට්ටුවේ තියෙන්නෙ පොඩි ටේක් අවේ කවුන්ටරයක් විතරයි. කෑම කන්න නම් පඩිපෙළෙන් උඩට නගින්න ඕන.

උඩ තට්ටුවේ සෑහෙන ඉඩ තියෙනවා. බිත්තිවල ඇඳපු චිත්‍ර කීපයක් ඇරුණාම ලොකු ඩෙකරේෂන් මුකුත් නෑ. ඒසී නැති වුණත් ෆෑන් එක දැම්මම ලොකු රස්නයක් නෑ. වහලෙත් ටිකක් උසයි නෙ.

කෑම

නමේ හැටියට ම බිරියානි තමයි මේකේ තියෙන ප්‍රධාන කෑම. ඊට අමතර ව ෆ්‍රයිඩ් රයිස් සහ තව සයිඩ් ඩිෂ් වර්ග කීපයකුත් තියනවා.

අපි ගත්තෙ හයිඩ්‍රාබාද් ඩම් කච්චි චිකන් බිරියානි (රු. 390) එකකුයි, කල්කටා මට්න් බිරියානි (රු. 680) එකකුයි. මේ දෙකත් එක්ක ම බිත්තර වගේ ම රයිතා සහ මින්චි සම්බෝලත් එනවා.

මෙයාලගේ බිරියානි නම් මරු. ඔය උඩින් බත් තිබුණට ඊට යටින් තනිකරම තියෙන්නෙ මස් තොගයක්! මසාලා එකේ බිරියානි රසත් නියමෙට තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අපට හම්බවෙන බාස්මතී හාලට වඩා දිග ම දිග බාස්මතී හාලකින් තමයි මෙයාලා බිරියානි හදන්නෙ. ඒකත් ඇලෙන්නෙ නැතුව හොඳට ඇට වෙන්වෙනවා. රයිතා එක පොඩ්ඩක් දියාරු වුණාට රස හොඳයි. මින්චි සම්බෝලෙත් හොඳයි.

හැබැයි හයිඩ්‍රාබාද්, කල්කටා කිවට මේ බිරියානි දෙක ම එක ම විදියයි. අපේ ඔෆිස් එකේ හාලික්ට ගෙනියන්න අපි ගත්ත බාබක්‍යු බිරියානි එකෙත් එන්නෙ මේ බත් එකමයි; තන්දූරි චිකන් කෑල්ලකුත් එක්ක.

ඩෙසර්ට් එකට ගුලබ් ජමුන් ගන්න හිතුවත් අපි ගිය දවසේ ඒවා තිබ්බේ නෑ. වටලප්පම් (රු. 120) එකේ ලොකු අවුලක් නොතිබුණත් කියන්න තරම් හොඳකුත් නෑ. අර සාමාන්‍ය කඩවල කප් එකේ දාලා විකුණන ඒව වගේ. පොඩ්ඩක් පැණිරසත් වැඩියි. ‍

සර්විස් එක

සර්විස් එක හොඳයි. විනාඩි 10ක් විතර ඇතුළත අපේ කෑම ටික මේසෙට ආවා. පහළ ටේක් අවේ කවුන්ටරේ කට්ටියත් දුවලා පැනලා වැඩකරනවා.

අවසාන වශයෙන්

මේක අපි කොළඹ දි කාපු හොඳම බිරියානිවලින් එකක්. අනිත් එක චිකන් බිරියානි එක රු390යි කියන්නෙ පට්ට ලාබයි. මේගොල්ලො අපට එවපු මේල් එකේ නම් කියල තියෙන්නෙ මේ කඩේ පටන්ගන්න කලින් අවුරුදු 5ක් විතර ඉන්දියාවෙ එක එක පැතිවල තියෙන බිරියානි වර්ග ගැන එයාලා හෙව්වා කියලා. ඩෙසර්ට් ටිකත් බිරියානි කොලිටියට ම ගන්න පුළුවන් නම් මරේ මරු!


TIP

Set aside an entire afternoon if you're going to visit. The traffic is insane, but well worth a taste of their biriyani. Get some watalappam too- they've improved since our last visit.

Address

33 Armour Street, Colombo 12

Directions

This is the yellow color building near 176 bus stand, just next to the main junction.

Contacts

E-Mail

Report Inaccuracy

Closed right now

Cuisine

Indian

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Biriyani Chicken Mutton

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
5
Ambience Rating
3

Similar Places

User Reviews
Avatar for Ilmzshr
2

3/5

0

Ilmzshr

I just wish there was delivery available 😍😭

Avatar for Malinthe
21

4/5

0

Malinthe

Loved the biryani here. The rice was pretty much perfect. Light and fragrant, feels like they've put a lot of thought and care into the product. Wish their desserts were the same. They were mass market products and were very unsatisfactory.

Avatar for Ilmzshr
2

3/5

0

Ilmzshr

I just wish there was delivery available 😍😭

Avatar for Malinthe
21

4/5

0

Malinthe

Loved the biryani here. The rice was pretty much perfect. Light and fragrant, feels like they've put a lot of thought and care into the product. Wish their desserts were the same. They were mass market products and were very unsatisfactory.

See 8 Comments