4/5

The Brown Bean Coffee (Dharmapala Mw.)

116, Dharmapala Mawatha, Colombo 07


The Brown Bean Coffee has opened their 3rd permanent outlet down Anagarika Dharmapala Mawatha, right in front of Colombo Public Library.


මේ දවස්වල වැහි කුණාටු පාත් වෙන්නෙ හිටිගමන්. ඒ වෙලාවට කෝපි බිබී සීතලේ ගේ අස්සට වෙලා ඉන්න එක තරම් වෙන සැපක් නෑ ඉතින්. කොහොමත් වෙනද වගේ කෝපි බොන්න කෝපි කඩ හොයාගෙන එළියට බහින එක අවදානම් නෙ දැන්. ඒ නිසා ගෙදරට වෙලා ඉන්න ගමන් කියවන්න පහුගිය කාලෙ අපි ගොඩ වුණ කෝපි කඩයක් ගැන කියන්නයි යන්නෙ මේ.

තැන

කොළඹ කෝපි කඩ වැහි වැහැලා. හැබැයි හොඳ කෝපි තියෙන්නෙ එහෙමත් තැනක තමයි. ඒ අතරින් බ්‍රවුන් බීන් කොෆී කියන්නෙ රස කෝපි වගේ ම රස කෑම එහෙමත් තියන තැනක්. මේක තියෙන්නෙ කොළඹ 7 ධර්මපාල මාවතේ. හරියට ම පබ්ලික් ලයිබ්‍රරි එක ඉස්සරහ.

මෙතන ඇතුළේ වැඩි ඉඩකඩක් නැති නිසා ම ඒගොල්ලො එළියෙත් සීට්ස් ඇරෙන්ජ් කරල තියනවා. නමට ම හරි යන්න කඩෙත් හැම තැන ම කෝපි පාටයි. පිරිසිදු, පිළිවෙළ, හරිම උණුසුම්, ආස හිතෙන පුංචි තැනක්.

කෑම

කවුන්ටර් එකට උඩින් බිත්තියෙ ගහපු ලොකු ම ලොකු බෝඩ් එකක මේගොල්ලන්ගෙ මෙනු එක ලියල තියනවා. ඊට එහායින් තියන ෂෝකේස් එකෙත් කෑම ඩිස්ප්ලේ කරලා තියනවා.

අපි ගත්තා රෝස්පාන් එග් සැන්ඩ්විච් එකයි (රු. 180), ස්පයිසි චිකන් සබ්මැරීන් එකයි (රු. 500). රෝස්පාන් එග් සැන්ඩ්විච් එක උණු උණුවෙ ආවෙ. ඇතුළට බැදපු බිත්තරයක් එක්ක චීස්, පොල් සම්බෝල පුරවලා ටෝස්ට් කරලා. සැන්ඩ්විච් එක කටට සුමුදුයි. පොල් සම්බෝලේ සැරයි, චීස් රහයි, බිත්තරෙයි එකතු වෙලා මේක රස සැන්ඩ්විච් එකක් වෙලා තිබුණා.

මේ තියෙන්නෙ ස්පයිසි චිකන් සබ්මැරීන් එක. සලාද කොළ, ගෝවා, මාළු මිරිස්, අමුමිරිස්, කැරට්, ලූනු එක්ක චිකන් මහ තොගයක් ස්ටෆ් කරලා. බන් එක හොඳ ෆ්‍රෙෂ් ගතියයි. ඒ වගේ ම සොෆ්ට්. චිකන් ටික සැරයි. තව චීස් පොඩ්ඩක් ආව නං නියමයි. හැබැයි මේක ගාණේ හැටියට පාඩු නෑ කියල කියන්න පුළුවන්.

බීම

කෝපි ජාති ගොඩක් මෙතන තියනවා. ඊට අමතරව ෆෘට් ජූස් එහෙමත්. අපි ගත්තා මොකා චොක්ලට් මැරතන් එකයි (රු. 550), මික්ස්ඩ් ෆෘට් ජූස් එකයි (රු. 300). මොකා චොක්ලට් මැරතන් එකේ කෝපි රස එක්ක හරි හරියට චොක්ලට් රහ බ්ලෙන්ඩ් වෙලා. ග්‍රේට් කරපු චොක්ලට් ටිකක් උඩින් ඉහල ලස්සන කරලත් තිබුණා. ඒ විතරක් යැ, මේක හොඳ කිරි රසයි. මික්ස්ඩ් ෆෘට් ජූස් එක ලා රෝස පාටයි! ඒ වගේ ම හොඳට ම උකුයි. අඹ, අන්නාසි වගේ තව පලතුරු ගොඩක රස මික්ස් වෙලා. සීනිත් ගාණට දාලා හොඳ කූල් පිට තිබුණා.

සර්විස් එක

ස්ටාෆ් එකේ අය සුහදයි. ඒ වගේ ම සර්විස් එක ඉක්මන්. හැම දේ ම දෙන්නෙ එවෙලම හදලා. ඒත් වැඩි වෙලාවක් ගන්නෙත් නෑ.

අවසන් වශයෙන්

උදේ කෝපි තිබහට වගේ ම පොඩි බඩගින්නටත්, හැන්දෑවේ කෝපි තිබහට වගේ ම පොඩි බඩගින්නටත්, මේ පැත්තට ගොඩ වෙලා බැලුවට පාඩු නෑ. මහ ලොකු වියදමකුත් නෑනෙ.



Latest