Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

The Burger

396/A1, High level road, Maharagama

Get it delivered on Pickme Food

Amazing fast food joint that dishes out some good burgers at an affordable price tag.



අනෝරා එකෙත් හොඳම එකෙන් වැස්ස. කර කියාගන්න දෙයක් නැතුව යාළුවයි මායි විජේරාම හංදියට කොටුවෙලා පැය බාගයකට එහා පැත්තෙ. ඒ මදිවට දෙන්නටම බඩගින්නකුත් අල්ලලා උපරිමයෙන්ම.

“ඒ, මොකෝ බං කරන්නෙ. මට නං දැන් ඉන්න බෑ බඩගින්න”

“ඒක තමයි බං මාත් බැලුවෙ. වැඩේ කියන්නෙ මේ වැස්සත් එක්ක මොනවත් කරන්න බෑනෙ.”

“එහෙම නෙවෙයි බං. මං කියනවට ඔය බුකියෙ ගහල බලපන්කො, ‘රෙස්ටුරන්ට්ස් නියර් මි’ කියල, ලොකේෂන් එකත් ඕන් කරල. එතකොට එනව හොඳහොඳ කඩ. අන්න ඒවයින් එකක් ලයින් කරලා යමං පික්මියක් දාගෙන. මොකෝ කියන්නෙ.”

“සිරාවට? එළනෙ බං. ඉඳාන්කො බලන්න”

කියලා බුකියට පිවිසුණු යාළුවා ඔන්න ළඟින්ම තියෙන කඩ ටික මතු කරලා ගත්තා. අරගෙන දැන් දෙන්නත් එක්ක ගජරාමෙට තැන් හොයනව ඈ…

ඔය අතරෙ තමයි මට නිකම් ඇහැ ගැහුණේ නාවින්නෙම තිබ්බ බර්ගර් කඩයක්.

‘ද බර්ගර්’ “හප්පට හුඩු මේ තියෙන්නෙ බං. බලාංකො මේ එහා පැත්තෙනෙ පෙන්නන්නෙ”

“ඒක නේන්නම්. මොකද කියන්නෙ, මීටරයක්වත් අරං යමුද. කිලෝමීටරේට පික්මි දාන්න බෑනෙ බං”

“සහතික ඇත්ත.”

හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම මීටර් ටැක්සියකට අත දාපු මම යාළුවත් එක්ක සනික ගොඩවුණා. ගොඩවෙලා නාවින්න ෂෙඩ් එක ඉස්සරහම වගේ තිබ්බ අදාළ ප්ලේස් එකටත් කිට්ටු කලා. කිට්ටු කරලා... අඩියට දෙකට පඩිපෙළෙන් උඩට ගොඩවුණේ  ඉවස ගන්න බැරි බඩගින්න නිසාම, වෙන්න ඕන. කොහොම හරි සන්තෝසයට කාරණේ තමයි අපි කඩේට යද්දි ඒකෙ කවුරුත් නොඉඳපු එක. ඒ මදිවට වාඩි වෙන්න හම්බවුණේ නෑ, මෙන්න සේවක මිතුරියත් ගුඩ් ආෆ්ටර්නූන් පාරක් දාගෙන අපේ ළඟ.

“සර් වාඩිවෙන්න.” මෙනු දෙකක් අපේ අතට දුන්නු එයා අපි කෑම තෝරනකම් හැඳි ගෑරුප්පු, සෝස් අඩුම කුඩුම ටික මේසෙන් තියල මේසෙත් ලෑස්ති කළා. ලෑස්ති කරලා ඔන්න අපේ ඕඩරෙත් අරගෙනමයි ගියේ… මගෙ හිතේ කුස්සිය පැත්තට වෙන්න ඕන.

ඊට පස්සෙ ඉතින් අපි දෙන්නා බර කයියක. ඒ අස්සෙ ඒසී. එකේ සීතලත් ඩබල් වෙලා. ඉක්මනට කෑම ටික ආවනම් හොඳයි කියල දෙන්නම පෙරුම් පුර පුර හිටියෙ. එහෙම හිටියට කෑම ටික ආවෙ නම්… විනාඩි 10, 15කට විතර පස්සෙ. හැබැයි උණුඋණුවෙන්! දැක්කාම කටට කෙළ උනන ගානයි... හැරත් ඒ බර්ගර්වල ලොකු? කොටින්ම කියනව නම් එක කටකට කන්න තියා හිතන්නවත් බැරි සයිස්.

එහෙමයි කියල අපි සැලෙනවද මිත්‍රවරුනි? නෑනෙ නෑනෙ.

යාළුවා චීසි ලාවා ප්‍රෝන්ස් බර්ගර් එක අතට ගද්දි මම වැඩ ඇල්ලුවෙ චීසි ලාවා හොට් ඇන්ඩ් ස්පයිසි බීෆ් බර්ගර් එකෙන්.

යම්ම්… සෑහෙන සොෆ්ට් එකට තියෙනවනෙ බර්ගර් එක. චීස් රසිනුත් අනූනයි. හැබැයි මැද්දට දාලා තිබ්බ ලොකු ලූණු පෙත්තයි, තක්කාලි පෙත්තයි ගැන නම් මගේ ඒ හැටි සන්තෝසයක් නෑ. මොකද ඒක නිසා පැටි එකේ රස තරමක් මග හැරෙන ගතියක් තිබ්බා. අනිත් එක තමයි චීස් පෙත්තට උඩින් තිබ්බ ඔම්ලට් එක. ඒකෙත් ඇත්තටම රස හොඳ වුණාට බර්ගර් එකට එච්චරම සෙට් වෙන්නෙ නෑ. මොකද ඒකෙනුත් වෙන්නෙ පැටි එකේ රස යට යන එකනෙ. ඒ වෙනුවට චීස් පෙත්තක්ම දැම්ම නම් ඊට වැඩිය හොඳයි. කොහොම හරි ඔය ප්‍රශ්න නිසා අන්තිමට මම තක්කාලි, ලූණු අයින් කරලා බර්ගර් එකේ උස අඩු කරගෙනයි කන්න පටන් ගත්තෙ.

හප්පට සිරි එතකොටනෙ පුතේ අවුල එන්නෙ! පැටි එකේ රස?

අවංකයෙන්ම... රස හිටින්න චීස්, සැර හිටින්න මිරිස්, ගම්මිරිස් පදමට දාලා තිබුණට පැටි එක බැදිලා මදි කියන්නකො. සමහර වෙලාවට තරමක් අමු බීෆ් රසකුත් එනවා. අනේ ඇත්තටම ඒක පොඩ්ඩක් සැලකිල්ලෙන් හැදුව නම්… පංකාදු බර්ගර් එක ඈ.

ඒක කාගෙන යන අතරට මම බැලුවා යාළුවගෙ බර්ගර් එකත් ඒ වගේද කියල.

බොලේ, ඒකෙ එච්චරම අවුලක් නෑ කියන්නකො. ඒ පැටි එකේ තිබ්බ එකම අවුල ඉස්සො පොතුත් එක්ක දාපු එක. නැත්නම් ඉතින් ඇත්තටම චීස් රසත් එක්ක පංකාදුට තියෙනව.

බර්ගර් දෙක ක කා ඉන්නකොට තමයි අපි වෙනසකටත් එක්ක ඕඩර් කරපු ‘ද බර්ගර්’ ස්පෙෂල්, ‘ෆුට් ලෝන්ග්’ එක මේසෙට ආවෙ. අපිත් ඉතින් දන්නැද්ද, බර්ගර් එකේ අවුල මැකෙන්නත් එක්ක කියල ගත්ත ෆුට් ලොන්ග් කෑල්ලක් අතට. අරගෙන පටන් ගත්ත රස බලන්න.

ම්ම්… ඒකත් නරකම නෑ.

ඒත් ඇයිද කියන්න දන්නෑ ඒකෙ උඩින් දාපු ටික ඔක්කොම හොඳයි, සොසේජස් එක නිකම්ම දාලා නිසා… රස තරමක් මදි. අඩුම තරමෙ සොසේජ් එක ග්‍රිල් කරලවත් දැම්ම නම්, අනේ මන්දා ඉතින් රස කෑම ගොඩක් එයාලගෙ නොසැලකිල්ල නිසා අපතේ ගියපු ගතියක් තිබ්බෙ. ඇත්තටම ඒ ෆුට් ලොන්ග් එකේ උඩින් දාලා තිබ්බ ලූණු, මාළු මිරිස්, තෙල් දාපු අඩුම කුඩුම මිශ්‍රණය එහෙම පංකාදුවට තිබ්බනෙ, මයොනීසුත් එක්කම.

ඔය අතරට විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ ජූස් ජාතිත් ‘ෆ්‍රෙෂ්’ කිව්වට ෆ්‍රෙෂ් නෙවෙයි. කෙළින්ම බෝතල් කරපු නැත්නම් පෙට්ටි කරපු බීම ජාති. ආයෙ පළවෙනි උගුරෙන්ම කියන්න පුළුවන්.

හිතපු තරම් වැඩේ සැටිස් වුණේ නැති නිසා දෙන්න කතා වෙලා අන්තිමට ගත්තා චිකන් බර්ගර් එකක්. මොකද කොයි බර්ගර් කඩෙත් චිකන් බර්ගර් එක ලෙසටම දෙනවනෙ.

ඒත් මෙතන! ඒකත් රස මදි අප්පා. චිකන් චීස් ගානට එකතු වෙලා තිබ්බට පැටි එකේ බැදිච්ච ගතිය සෑහෙන්න මදි…

හ්ම්… එතනින් එහාට කොච්චර කිව්වත් එච්චර තමයි යාළු. අනේ මන්දා, අපි ගියපු දවසෙ අවුලක්වත්ද?


TIP

Eat it before it gets cold. Things get soggy. Yeet.


Similar Places

See 1 Comment