Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

4/5

The Cabinet (Hotel Nippon)

123, Kumaran Ratnam Rd, Colombo 02


The bar and lounge of historic Hotel Nippon



අවුරුදු එකසිය ගාණක් තිස්සේ කොම්පඤ්ඤ විදිය දිහා ආඩම්බරෙන් බලන් ඉන්න නිපොන් හෝටලේ තාමත් වයසට ගිහින් නෑ. ඇත්තට ම කීවොත් ළඟකදි ඉඳන් නිපොන් හොටලේ ආයෙත් තරුණ වෙන්න අරන්. සෙනසුරාදා රෑක අපි ගියා අලුත් වුණු නිපොන් හොටෙල් අලුත් බාර් එකට.

තැන

අපේ උදයා ඉස්සර කියන්නෙ හොඳ පර්ෆියුම් එකක් ගහලා සිගරැට් එකක් බීවම තමයි දෙකේ සුවඳ එකතුවෙලා ගතියක් එන්නෙ කියලා. උදයගේ කාර් එකට නැංග ගමන් එන්නෙත් ඒ සුවඳ. කැබිනට් එකට ඇතුල්වෙද්දි ම ආපු සුවඳට මට මතක් වුනෙත් ඒ පරණ සුවඳ තමයි.

ලොකු ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ටරයක් ගහලා ක්‍රිකට් මැච් එක දාලා තිබුණත් වැඩි කලබල ගතියක් දැණුනේ නෑ.

සර්විස් එක

අපි ගියේ කොක්ටේල් එකක් බීලා රෑට කෑමත් කන්න හිතාගෙන. ඒත් මෙතන වේටර් වැඩෙයි, බාටෙන්ටර් වැඩෙයි හැම දේම කරන චතුරංග අපට කීවේ අලුත් චෙෆ් ආවට පස්සෙ තවම අලුත් කෑම මෙනු හදලා නෑ කියලා; බීමයි බයිටුයි විතරයි. මොනව කරන්නද, අපි ඉඳගෙන හිටපු තැන්වලින් නැගිට්ටෙ දැන් ඉතින් යන්නෙ කොහෙටද කියල කල්පනා කරකර. චතුරංග ටිකක් කල්පනා කරලා අපට කීව ඕන නම් එහා පැත්තෙ තියෙන බැම්බො එකෙන් කෑම ගන්න පුළුවන්, කොක්ටේල් ටිකත් එතනට ගෙනත් දෙන්නම් කියලා. ඒත් අපි කට්ටිය ටිකක් වෙලා මූණට මූණ බලබලා ඉන්නව දැකල එයා ඒ පාර කීවා, අවුලක් නෑ, අපට ඕන දෙයක් කියන්න, චෙෆ්ට කියල ඒක හදලා දෙන්නම් කියලා. ඉතිං සර්විස් එක මරේ මරු කියල තමයි කියන්න තියෙන්නෙ.

කෑම බීම

මෙතන කොක්ටේල් නම් මේ මට්ටමේ අනිත් ගොඩක් තැන්වලට වඩා සෑහෙන ලාබයි. අපේ කොස්මෝපොලිටන් (රු. 615) එක අපි කොළඹ දි බීලා තියෙන ඕනැම හොඳ කොස්මෝපොලිටන් එකක් එක්ක සංසන්දනය කරන්න පුළුවන් මට්ටමක තිබුණා.

සෑහෙන ලාබ බීමක් වන ඇපල් ඇරැක් සහ ලයිම් දාලා හැදුවට මොකද මෙයාලගේ සිග්නේචර් කොක්ටේල් එක වෙච්ච නිපොන් ග්‍රීන් ඇපල් (499) එකත් කිසි අවුලක් නැතුව බොන්න පුළුවන්. මේකේ රස මාගරිටාවලට ගොඩක් කිට්ටුයි.

හැබැයි අපේ කොක්ටේල්වලින් හොඳම එක තමයි මොහිටෝ එක (රු. 499). ෆ්‍රෙෂ් මින්ට් කොළ එහෙම හොඳට දාලා ළඟකදි අපි බීපු හොඳම මොහිටෝ එක.

අපි බයිට් එකට ගත්ත වොක් ෆ්‍රයිඩ් සොසේජ් (රු 326) එක, සාමාන්‍ය කඩෙන් ගන්න සොසේජ්වලින් හදල තිබුණට මොකද හොඳට ට්‍රීට්කරලා තිබුණා.

ෆ්‍රයිඩ් චිකන් (රු. 500) එකත් හොඳට ලුණු ඇඹුල් එහෙම දාලා හදලා තිබුණා; චිකන් කෑලින් හරිම සොෆ්ට්.

චිකන් ෆ්‍රයිඩ් රයිස් එකනම් ගෙදරදි අම්මලා හදන එක වගේ. සම්බා හාල්වලින් වැඩිය තෙල් එහෙම දාන්නෙ නැතුව හදලා තියෙන්නෙ; එම් එස් ජී නම් ගෑවිලාවත් නෑ වගේ. හැබැයි ඉතිං මේකේ වැඩි රසක් නැති නිසා මොකක් හරි කරි එක්ක තමයි කන්න ඕන. අපි බයිට් එකට ගත්ත සොසේජුයි චිකනුයි එක්ක තමයි මේකත් කෑවේ.

අවසාන වශයෙන්

පොඩි රෙට්රෝ ගතියකුත් එක්ක වැඩි සද්ද බද්ද නැතුව අඩියක් ගහන්න නම් මෙතන මරු. කෑමවල නම් තියෙන්නෙ පොඩි ගෙදර හදපු ගතියක්. අනිත් තැන් එක්ක බලද්දි කැමවල වගේ ම බීමවලත් ගණන් නම් පට්ට අඩුයි.


TIP

The Cocktails here are amazing. Cheap too.

Address

123, Kumaran Ratnam Rd, Colombo 02

Directions

It's a large colonial style building on Kumaran Ratnam Mawatha, a little way past the Rio Cinema and AIA Insurance building.

Contacts

Facebook Website Instagram E-Mail

Report Inaccuracy

Closed right now

Cuisine

Pub Food Sri Lankan Chinese

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Alcoholic Beer Wine Cocktails Bites

Have you visited this place?

Write your own review!
Leave a comment