Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

The Cake Room (Dehiwala)

66B/ 48, Windsor Park, Sri Maha Vihara Rd, Kalubowila, Dehiwala


Delicious brownies and chocolate fudge cake.



‘ද කේක් රූම්’ කියන්නෙ දෙහිවල තියන ඔන්ලයින් ඩෙසට් කඩයක්. පික්මී ෆුඩ් එකෙන් හොයාගන්න පුළුවන්. මේගොල්ලො ළඟ බ්‍රවුනීස් සහ ෆජ් කේක් තමයි තියෙන්නෙ. මේ ටිකේ ම බ්‍රවුනි කෑවා කියල අපි සැලුණේ නෑ, දැම්මා ‘ද කේක් රූම්’ එකෙනුත් ඕඩරයක්. පික්මී ෆුඩ් එකෙන් ඕඩර් එක ඩිලිවර් කරපු ගමන් පෙට්ටි ටික ඕපන් වුණේ දඩිබිඩි ගාලා.

මෙන්න මෙහෙමයි විස්තරේ.

මේ තියෙන්නෙ අපේ අසෝටඩ් බ්‍රවුනි බන්ඩ්ල් එක. (රු. 650) අපි ඕඩර් කළේ කෑලි හතරේ පැක් එකක් වුණාට, ඕගොල්ලන්ට ඕන නම් තනි තනි බ්‍රවුනීස් හෝ, කෑලි හයේ / දොළහේ පැක්ස් එහෙමත් ඕඩර් කරන්න පුළුවන්. මේකේ චොක්ලට් චිප් බ්‍රවුනි එකයි, ඔරියෝ බ්‍රවුනි එකයි, ස්මාටීස් දාපු බ්‍රවුනීස් දෙකයි තමයි තිබ්බේ. කෑලි නං පොඩී හැබැයි.

මේවා බ්‍රවුනීස් වුණාට අර සාමාන්‍යයෙන් බ්‍රවුනීස්වල තියන තද ගතිය වෙනුවට කේක් පැත්තට බර වෙන්න සොෆ්ට් ගතියට තමයි හදල තිබුණේ. ඒ නිසා බ්‍රවුනීස් ටික මාර සැහැල්ලුයි. කටේ දිය වෙලා යන ගාණට සුමුදුවට හැපෙන්නෙ. චොක්ලට්වල පැණි රහ වුණත් ගාණට වැඩි නෑ, හරිම සියුම්වටයි දැනෙන්නෙ.

චොක්ලට් චිප්ස් සහ ස්මාටීස් දාපු බ්‍රවුනීස්වලට වඩා අපේ හිත ගියේ ඔරියෝ එකට කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්. ඔරියෝ බිස්කට් කුඩු කරලා උඩින් අතුරලා තිබුණ නිසා මේකෙ රස අනික් ඒවට වඩා ඩබල් වෙලා චොක්ලට් පිරිලා ඉතිරිලා තිබුණා.

මේ ‘ද කේක් රූම්’ එකේ චොක්ලට් ෆජ් කේක් (රු. 550). මේ බන්ඩ්ල් එකටත් කේක් කෑලි හතරක් ආවා. මේකත් චොක්ලට් ආකරයක්. උඩින් චොක්ලට් චිප්සුත් දාල තිබුණා. ඒ හින්ද ද මන්දා චොක්ලට් චිප් බ්‍රවුනි එකෙයි මේ ෆජ් කේක් එකෙයි ලොකු වෙනසක් දැනුණෙත් නෑ අපිට නං. කොහොම වුණත් මේක මාර රහයි. පොඩ්ඩක්වත් වේලිලා නෑ, මොයිස්ට් ගතිය එහෙම උපරිමයි.

අවසන් වශයෙන් ඔන්න අපි කෙටියෙන් ම කිව්වා.. 

ගෙවන ගාණට පාඩු නැතුව චොක්ලට් ඉතිරෙන බ්‍රවුනීස් සහ ෆජ් කේක් කන්න, කේක් රූම් එකෙන් ඕඩර් කරන්න!

Address

66B/ 48, Windsor Park, Sri Maha Vihara Rd, Kalubowila, Dehiwala

Contacts

Instagram

Report Inaccuracy

Open until 10:00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Brownies Cakes Chocolate

Cuisine

American

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment