Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

5/5

The Castle Hotel

Masjidul Jamiah Road, Colombo 2

  • This place has closed down


The Castle Hotel is the finest of dodgy bars.



කාසල් හෝටලය තමයි පහළ මට්ටමේ බාර් අතර හොඳම එක. එය පිහිටා තිබෙන්නේ සුන්දර, පැරණි කාසල් වීදියේ කොම්පඤ්ඤවීදිය දුම්රියපොළ අසල. එහි ජනෙල් වීදුරු වර්ණවත්. හැමදෙයක්ම කොළ හෝ මළානික තැඹිලි පාට රටාවෙන් යුක්තයි. මෙහි බීම ලාභයි. කටගැස්ම ඉස්තරම්.

අවකාශය

කාසල් හෝටලය ඇත්තම හෝටලයක් හා බාර්එකක්. රැයකට රු. 1500 සිට මිළවූ කාමර එහි ඉහළමාලයේ තිබෙනවා. අපි එය එතරම් නිර්දේශ කරන්නේ නැහැ. පහළ මාලයේ අංශ දෙකක් තිබෙනවා. දකුණු පැත්තේ මේස රෙදි දැමූ කාමරයක්. වම් පැත්තේ ඇත්තේ වඩා රළු පෙනුමැති සාමාන්‍ය බාර්එකක්.

ඔවුන් මෑතදී ලොබියේ ක්‍රැප්ස් ක්‍රීඩා මේසයක් තැබුවා. එය කොපමණ කලක් පවතීද කියන්න බැහැ. තෙලෙන් බදින ලද කටගැස්ම වර්ග විකුණන හාදයෙක් ඉදිරිපස පිටත ඉන්නවා.

කාසල් ‍හෝටලය ලස්සන පරණ පෙනුමක් ඇති ‍තැනක්. එහි කාර්යමණ්ඩලයත් හොඳයි. විශේෂයෙන්ම නිතර සිනාසෙන සොලමන් හරිම හොඳයි. මෙතැනට එන වැඩිදෙනෙක් කම්කරු පංතියේ අය. ඔවුන් ටිකක් හයියෙන් සිංදු කියයි. ඒත්, සාමාන්‍යයෙන් හොඳයි. මෙතැන කාන්තාවන්ට යන්න හොඳ තැනක් නොවෙයි. කාන්තාවන් නැති නිසා ඔබ කැපී පෙනෙනවා. ඒත්, කවුරුවත් කාන්තාවන්ට නරක ලෙස සලකන්නේ නැහැ. ඒත්, පිරිමි එක්ක යනඑක වඩා හොඳයි.

බීම

සමාවෙන්න, අපට බීර මිළ ආදිය සටහන් කරගෙන එන්න අමතකවුණා. මෙය වැඩකරන පංතියේ තැනක් නිසා මිළ අඩුයි. ලොකු ලයන් බීර බෝතලයක් හා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගොඩක් වෙනුවෙන් අපට ගෙවන්න වුණේ රු. 520ක් විතරයි. බීර රු.  300-325 අතර ඇති. ලාභ නොවුණාට සාධාරණයි. බීර මිළ සඳහා අපි කලින් කොළඹ නගරයේ තැන් අලළා සකස් කළ Lion Indexඑක බලන්න. නිර්දේශිත පානය අරක්කු. මම නිර්දේශ කරන්නේ ඕල්ඩ් රිසර්ව්.

කෑම

මෙහි කෑම සාමාන්‍යයෙන් හොඳයි. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වලට රතුමිරිස් කුඩු ඉහළා. ඒ නිසා ඇබ්බැහිවන රසයක්. ඊට අමතරව හරක්මස්, දැල්ලන් ආදී කටගැස්ම වර්ගත් තිබෙනවා. මිළ රු. 200 සිට. දෙන ප්‍රමාණය ලොකුයි.

නිගමනය

මේක අපේ ප්‍රියතම පහළ මට්ටමේ බාර්එක. එහි මිළත් අඩුයි. කාර්යමණ්ඩලයත් හොඳයි. විශේෂයෙන්ම ගොඩනැගිල්ල සුන්දරයි. එහි තරප්පුපෙළේ සිට ජනෙල්වලට ඉහළින් ඇති ආරුක්කු දක්වා ගෘහනිර්මානශිල්පය සම්භාව්‍යයි. පුළුල් අවකාශයක් තිබෙනවා. මෙතැනට ලොකු ඉතිහාසයක් තිබෙනවා. එහි දේශීය හා විදේශීය චිත්‍රපට ගණනාවක්ම රූගත කර තිබෙනවා. එහි ඇවිත් අසල තිබෙන ඩ්‍රීම්ලන්ඩ් බාර්එකටත් ගිහින් බර්ගර්ස් කිං වෙතටත් ගිහින් කොම්පඤ්ඤවීදියේ හොඳ සන්ධ්‍යාවක් ගෙවන්න පුළුවන්.

TIP

Ask for Solomon. The french fries with chili are good.

Address

Masjidul Jamiah Road, Colombo 2

Directions

From Galle Face Roundabout, go up Macan Markar Mw, over the canal and turn left immediately after the rail tracks. From Colombo 7, head down Union Place, go straight at the junction and turn right before the trail tracks.

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
5
Similar Places

Have you visited this place?

Write your own review!
See 9 Comments