Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

The Catch Colombo

1096, Talangama South, Battaramulla


A restaurant in Battaramulla serving some of the best Fried Fish dinners in the city.



නිකමට හිතාගෙන හිටියෙ, ඉරිද හැන්දෑව නිසා පොඩ්ඩක් එළියට බැහැල කෑමකටවත් ගැළපෙන්න කියල. ඒත් කොහෙද, ආවනෙ යකා ගෙදරටම, හරියටම 5.30යි!

“අඩේ. මොකෝ බං වෙන්නෙ. මං මේ උදේ ඉඳන් චොර වෙවී ඉඳල උබලගෙ පැත්තට ඇද්දෙ. එපා වෙලා බං තියෙන්නෙ.”

“එහෙමද? එහෙනං... ඒ එපා වෙච්ච එකත් අරගෙන යමං ඔන්න ඔහෙ මොනව හරි කන්න.”

“ඒ සිරාවට. උඹ කියන්නෙ කවරින් පාරක් දාමු කියලද?”

“ඔව් ඔව් බං. නැතුව ඉතින් අතේ සල්ලි තියෙන එකක්යැ. ඉඳපන් ෂෝටක් දාගෙන එන්නං”

කොහොම හරි ෂෝට දාන අතරට මම යාළුවට කියල වීල් එකකුත් දැම්ම. මොකද හරිහමන් ප්ලේස් එකක් ඔලුවෙ තිබ්බෙත් නෑනෙ. ඉතින් මග දිගට බලල සෙට්වෙන එකකට තමයි.

වීල් එක ආපු සනික අපි පිටත්වුණේ කෙලින්ම තලවතුගොඩ හරහා පැළවත්ත පැත්තට.

“ම්ම්… සෙට්වෙන තැනක් නෑනෙ බං මේ හරියෙ. මොකෝ කියන්නෙ බත්තරමුල්ලට ම අදිමුද?”

“ඔව් ඔව් යමං. හොඳ ප්ලේස් එකක් සෙට්වෙනකම් ම යමං”

පස්සෙ ඒ ගැම්මට ම පාළම් තුන පැත්තටත් කිට්ටු කළා.

“ඒ, හෝව් හෝව් හෝව්. ආං අර පාර එහා පැත්තෙ තියෙනව අළුත් ප්ලේස් එකක්. අර බලාං අර බෝඩ් එක”

“අඩේ... ඔව්නෙ. අයියෙ අන්න අර කඩේට දාන්නෙකො”

දෙන්න බැස්ස වීල් එකෙන්. හැබැයි බෝඩ් එක තියෙන කඩේ පේන්න නෑ. ඉස්සරහින් තියෙන්නෙ ‘ජෑම් රෝඩ්’ කියල වෙන කඩයක්. කමක් නෑ, මේකෙන් අහල බලනව කියල ගියා ඇතුලට.

“එක්සියුස්... ද කැච්?”

“සර්, පිටිපස්සෙ”

“තැන්ක්යූ” කියාගෙන මම ඇරිය පිටිපස්සෙ දොර.

ෂප්පට සුප්ප පොට් එකක්නෙ. බොලේ, ඉන්ටිරියර් පාර එහෙම තියෙනව ඈක් ගෑවෙන්න. ඔක්කොම කළු පාටයි, ලීයි. බැරල් කපල තමයි පුටු මේස ටික හදල තියෙන්නෙ. එතකොට කිචන් එකත් ෆුල් ඕපන්.

“ම්ම්.. මොනවද මල්ලි වේරියේෂන්ස් තියෙන්නෙ”

“අපේ තියෙනව සර් ස්පෙෂල් රෝස්ට් පාන් කොත්තුවක් (රු. 300). ඒකයි... කොච්චි පේස්ට් එක්ක ෆ්‍රයිඩ් ෆ්‍රිෂ් (රු. 900) එකක් ගන්න පුලුවන්. එතකොට... එග් ෆ්‍රයිඩ් රයිස් (රු. 300) එක්ක තියෙනව ෆිෂ් කරි (රු. 150) එකක්. ඒකත් එක්කෙනෙක්ට හොඳටම ඇතිවෙන්න තියෙනව. තව...”

“ඇති ඇති. ඒ ඇති ඔයා රෙකමන්ඩ් කරන දෙකනෙ. ඒ දෙක දෙන්න. ඒකයි බොන්න...”

“බොන්න සර් අයිස් කොෆි (රු. 600), මිල්ක් ෂේක් වගේ. නැත්නම් ලයිම් තමා”

“ම්... එහෙමද. එහෙනම් අයිස් කොෆි දෙකක් දෙන්නකො”

ඕඩරේ දාලා ඉතින් යාළුවයි මායි වටේටම දැම්ම කැමරාව. මොකද එතන අමුතුම ගතියක් තියෙන්නෙ. තනි බැක්යාඩ් සීන් එකක්. ම්ම්... ඊට පස්සෙ හෙමින් සැරේ කතාවකටත් මුලපිරුව. මගෙ හිතේ ඔය විදියට විනාඩි දහයක්, පහළොවක් යන්න ඇති.

ඉස්ඉස්සෙල්ලාම කියල මේසෙට ආවෙ කෑම ටික. ලොකු ලෑල්ලක තඩි බැදපු මාළුවයි, පොඩි මැටි දීසි තුනක රෝස්ට් පාන් කොත්තුවයි, එග් රයිස් එකයි, මාළු හොද්දයි. ඊට පස්සෙ තඩි වීදුරු දෙකක අයිස් කෝපිත් එතනට.

මම ඉතින් දන්නැද්ද කොත්තුව ගත්ත ළඟටම. යාළුව රයිස් එකයි මාළු හොද්දයි. පුංචි පිඟාන පුරවල කොත්තු දාගෙන මාළු හොදි ටිකකුත් ළාවට ගලපගෙන තමයි වැඩේට බැස්සෙ. කටක් කෑවා, දෙකක් කෑවා... අඩෙහ්, තුන හතරකුත් කෑවා. මාරයි කියන්නකො! ඇත්තටම ඒකෙ පාන් කියලවත් හොයන්න බැරි ගාණයිනෙ. මගෙ හිතේ පාන් ටික ඉස්සෙල්ල තෙලට දාලා වෙන්න ඕන අරගනෙ තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, මේ තාච්චි කොත්තුවට දාලා තියෙනව ලූනු, මිරිස්, අමුමිරිස්, කැරට්, ලීක්ස්, රම්පෙ කරපිංච එක්ක කැරලි බිත්තරත් මදි නොකියන්න. අනික ලුණු ඇඹුල් පදමත් නියමෙටම. ගම්මිරිස් එහෙමත් දාලා... සැරත් තියෙනව යාළු පංකාදු පහට. ඔක්කොමත් හරි වතුර ගතියට තිබ්බට මොකද මාළු හොද්දෙත් රස!

අනේ මන්දා මොනව දාලා හදලද කියල හිතාගන්න බෑ, මාළු කෑලි ඇත්තෙත් නෑ ඒත් ටොපේ ටොප්.

ඔය අතරට තමයි මම යාළුවගෙ රයිස් එකෙනුත් ටිකක් අරගෙන රස බැලුවෙ. රඹටි හැලෙයි කිව්වලු. ඒකනෙ රයිස් එක. සප්පේ... බිත්තර නෙවෙයි ඒක එළවළු වුණත් කන්න පුලුවන් ගතියක් තිබ්බෙ. හරියට චීස් දාලා වගේ. කීරිසම්බ හාලෙ බතයි කැරට්, ලීක්ස්, ලූණු එළවළු ටිකයි... මගෙ හිතේ තව මොනවහරි සෝස් වගයකුත් දාලා තියෙනව. නැත්නම් එච්චර රසක්?

වැඩේ වුණේ බඩ පැළෙන්න කන අතරට, කෑම අහවර වෙන්න ඔන්න මෙන්න තියල බිව්වනෙ අයිස් කෝපි දෙක. තුක් නොදෝකින් ඒක. අර කෑමවල තිබ්බ ඔක්කෝම ගතිය, එක උගුරට පජාත වෙලා ගියා යාළු. ඒකෙ අයිසුත් නෑ, කිරිත් නෑ, කෝපිත් නෑ, වෙන රසකුත් නෑ... අනේ මංදා! වැඩේ කියන්නෙ හරි හැටි වතුර ගතියකුත් නෑනෙ. ඇත්තටම හිතාගන්න බෑ මොනව දාලා හදලද කියල.

ඊටත් අන්තිමටම බිල බලද්දිනෙ දැක්කෙ. ඒක ගෙනැල්ල තියෙන්නෙ අර ඉස්සරහ තිබ්බ ‘ජෑම් රෝඩ්’ එකෙන්නෙ. මට අහන්නත් හිතුන ‘මොකක්ද බං ඒක කලේ’ කියල. අර එයාලගෙ කෑම හොඳ නිසා නිකම් හිටිය.

ඔන්න ඔයාලත් හොඳට මතක තියාගන්න, ‘ද කැච්’ එකේ තියෙන්නෙ ෆෘට් ජූස් විතරයි ඈ. අනිත් බීම මොනවහරි ගන්නව නම් ඉතින් කාපුවගෙ රස ගැන වගකීම් නෑ, ඕං...!


TIP

Get the Kochchi Sauce.

Address

1096, Talangama South, Battaramulla

Directions

It's behind Jam.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Fried Rice Fish

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment