Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

3/5

The Central Perk

No: 9/6 A, 16th Lane, Marine Drive, Kollupitiya

  • Open until 10:00 PM


The first-ever Friends themed cafe in Colombo.



F.R.I.E.N.D.S!

ටීවී සීරීස් බලන කට්ටිය අනිවාර්යයෙන් බලපු, තාමත් බලන, අනාගතේදිත් බලන, කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නැති, කවදාවත් පරණ වෙන්නෙත් නැති ටීවී ෂෝ එකක්. ඇත්තම කිව්වොත් එක පාරක් මේක බලන අය ෆ්‍රෙන්ඩ්ස් රසිකයොවත් ෆෑන්ස්ලවත් නෙමෙයි, කෙළින්ම ෆ්‍රෙන්ඩ්ස් පිස්සො වෙලයි නවතින්නෙ.

ඉතිං මේ පිස්සො ටික දන්නව ඇති නෙ මීට මාස හතර පහකට කලින් ෆ්‍රෙන්ඩ්ස් ටීවී ෂෝ එක තේමා කරගත්ත කැෆේ එකක් කොළඹ ඕපන් කළා කියල. මොනාහරි ටිකක් බඩට දාගන්න ගමන් ඒ පැත්තෙ විස්තර හොයාගෙන එන්න ඊයෙ පෙරේද දවසක අපි එහෙ ගියා.

තැන

කොළඹ කොයි තරම් නානා ප්‍රකාර කැෆේ, රෙස්ටොරන්ට්ස් තිබුණත්, මොකක්හරි තීම් කරගත්ත කැෆේ වැඩිය නෑ. මෙතන ඒ අඩුව හොඳටම පුරවනවා. මේක කොල්ලුපිටියේ මරීන් ඩ්‍රයිව් එකේ තියන, තට්ටු තුනක සෑහෙන ලොකු බිල්ඩිමක්. ඇතුල් වෙන්න තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් එකේ මොනිකගෙ අපාට්මන්ට් එකේ දම් පාට දොරෙන්!

අපි ඇතුල් වුණාමයි දැක්කේ, මුළු කැෆේ එකම ළඟ ළඟම එන නත්තලට හරි හරියට සැරසිලා. ටේක් අවේ ගෙනියන්න ආපු අයට කෑම ලෑස්ති වෙනකං පොඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහෙ මේසයක් පහළම තට්ටුවෙ තියනවා. උඩ තට්ටු දෙකම එක වගේ. හැබැයි එක වෙනසක් තියනවා. දෙවෙනි තට්ටුවෙ දුම් බීම තහනම්. තුන්වෙනි තට්ටුව ස්මෝකින් ඒරියා එකක්.

ලොකුම ලොකු පිරිසකට වාඩි වෙන්න පුළුවන් වෙන්න ලී පුටු, කුෂන් පුටු මේ තට්ටු දෙකේම හැම තැනම තියල. ඒ විතරක් යැ! ෆ්‍රෙන්ඩ්ස් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටික නිතර වාඩි වෙන තැඹිලි පාට සෝෆා එකත් මෙහෙ තියනවා. බිත්තිවල තිබ්බෙත් ෆ්‍රෙන්ඩ්ස් එකෙන් අහුලගත්ත වැකි. වීදුරුවෙන් පේන මුහුදෙ දර්ශනේ නිසා තැන තවත් ලස්සන වෙලා වගේම, ඒ නිසාම ඇතුළට හොඳට ආලෝකයත් ඇවිත්.

කෑම

මුහුද පේන වීදුරුව පැත්තට වෙන්න වාඩි වෙලා ඔන්න අපි මෙනු එක දිහා බැලුවා. කෑම ජාතිවලට දාල තියන නම් එහෙමත් ෆ්‍රෙන්ඩ්ස් මතක් කරන ඒවා. ඒ ඔක්කොම සලකල බලලා මෙන්න මේවා තමයි අපි තේරුවේ.

අපි ගියේ හැන්දෑ වරුවක වුණත්, බ්‍රෙක්ෆස්ට් මෙනු එකේ තිබ්බ ජාතිත් ගන්න පුළුවන් කියල එයාල කියපු හින්ද අපි මුලින්ම ඕඩර් කළා ස්ට්‍රෝබෙරි වොෆ්ල් එකක්. (රු. 550) වොෆ්ල්ස් දෙකක් මැදට විප්ඩ් ක්‍රීම් තොගයක් දාලා, උඩින් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ස්කූප් එකක් තියලා, ඊටත් උඩින් ස්ට්‍රෝබෙරි සිරප් දාපු පැණි රස ආකරයක් වගේ වොෆ්ල් එකක් ඔන්න ආවා.

හොඳ වෙලාවට මේක ඇත්තටම අපි හිතුව වගේ කන්න බැරි තරම්ම පැණි රහ නෑ. ඒත් ඉක්මනට බඩ පිරෙන විදිහෙ හෙන බර කෑමක්. වොෆ්ල් එක නියම ගාණට සොෆ්ට් විදිහට හැපුණා.

ඊළඟට කියන්නං චිකන් ෂවර්මා එක (රු. 800) ගැන. Joey Doesn’t Share Food තමයි මේකට ඒගොල්ලො දීල තියන නම. ඒක එන්නෙ ටුමැටෝ සෝස් සහ ලොකු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකකුත් එක්ක. සෝස්, චීස් එක්ක මික්ස් කරපු රෝස්ට් චිකන් කෑලි ගොඩක් ෂවර්මා එකට දාල තිබුණා. මේකේ රසත් නරක නෑ. හැබැයි මිරිස් කුඩු ඉහල යන්තන් සැර කරපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එක නං ඊට වඩා අපේ හිතට ඇල්ලුවා.

මීට අමතරව එයාලගෙ Am I Weird ස්වීට් පොටේටෝ චිප්ස් (රු. 380) එකත් අපි අරං බැලුවා. හොඳ ක්‍රිස්පි ගතියට තිබුණට මොකද ලුණු වැඩියි වගේ මොකක් හරි පොඩි අවුලක් මේකෙ තිබුණා.

බීම

බීම විදිහට අපි ඕඩර් කළේ ස්ට්‍රෝබෙරි ස්මූදි එකයි (රු. 690) කැරමල් අයිස් ෆියුෂන් (විතවුට් කොෆී) එකයි. (රු. 640)

ස්ට්‍රෝබෙරි ස්මූදි එකෙන් නියම ස්ට්‍රෝබෙරි රස ආවෙ වැඩි පැණි රහකුත් නැතුවමයි. ඒ හින්ද ශේප් කියල කිවහැකි. හැබැයි කැරමල් අයිස් ෆියුෂන් එක නං හොඳටෝම පැණි රහයි.

සර්විස් එක

මෙතන ස්ටාෆ් එක එන අයට සුහදව හොඳින් සැලකුවා. ඒ වගේම විනාඩි 15 - 20 ඇතුළත කෑම බීම මේසෙට ආවා. කවුන්ටර් එක තියෙන්නේ පහළම තට්ටුවෙ වුණත්, උඩට ගිහින් වාඩි වෙලා හෙමීට මෙනු එක බලලා කෑම බීම ඕඩර් කරන්න එයාල එන අයට වෙලාව දෙනවා.

අවසාන වශයෙන්

මෙතන කෑම බීමවලටත් වඩා අපේ හිතට ඇල්ලුවෙ කැෆේ එක. කාල බීල ඉවර වෙන වෙලාවෙ වීදුරුවෙන් එළියෙ පේන සිතිජයෙන් ඉර බැහැල යන ලස්සන බලන්නත් අපිට පුළුවන් වුණා. ඉතිං එක පාරක් හරි ෆ්‍රෙන්ඩ්ස් බලපු අය, ඔයාලගෙ ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්කගෙන මෙතෙන්ට ගිහින් වරුවක් ගත කරල එන්න අමතක කරන්න එපා.


Similar Places

User Reviews
M
1

2/5

0

Mp

First of all the food was not good and was not worth the price at all. The interior looked nothing like the real central perk except for the couch. I appreciate the idea of having a 'friends' themed cafe in SriLanka but it would have actually been nice if it really was up to the standard any 'friends' fan would expect. The place was nothing like how I expected it to be.

N
1

1/5

0

Naduni Liyanapathirana

This place was a huge disappointment food was terrible and not worth the price .
It’s not relevant to the friends theme except for the orange sofa
It

Avatar for Marvel
6

3/5

0

Marvel

The addition of a shisha lounge and way too much wall art loses the authenticity of the real central perk. This place feels more like a mix of tea avenue and bliss lounge. Prices are exaggerated as well for the food. They taste alright but require much improvement for the price offered.

M
1

2/5

0

Mp

First of all the food was not good and was not worth the price at all. The interior looked nothing like the real central perk except for the couch. I appreciate the idea of having a 'friends' themed cafe in SriLanka but it would have actually been nice if it really was up to the standard any 'friends' fan would expect. The place was nothing like how I expected it to be.

N
1

1/5

0

Naduni Liyanapathirana

This place was a huge disappointment food was terrible and not worth the price .
It’s not relevant to the friends theme except for the orange sofa
It

Avatar for Marvel
6

3/5

0

Marvel

The addition of a shisha lounge and way too much wall art loses the authenticity of the real central perk. This place feels more like a mix of tea avenue and bliss lounge. Prices are exaggerated as well for the food. They taste alright but require much improvement for the price offered.

See 3 Comments