Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

The Chaat Station

14B, Carron Place, Dehiwala-Mount Lavinia


Tasty Indian street food for affordable prices!



ඉස්සර වගේ නෙවෙයි, දැන් ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ්වලට ම වෙන් වුණ තැන් කීපයක් ම කොළඹ තියනවා. ඉස්සර ම නං තිබ්බෙ ඉන්දියන් චාට් කෝනර් එක විතරයි නේ. පස්සෙ පස්සෙ චාට් කඩේ, චාට් කෝ වගේ තැනුත් විවෘත වුණා. ඒ අතරට අලුතෙන් එකතු වෙන තැන තමයි මේ. මේක චාට් ස්ටේෂන්.

මේගොල්ලන්ගෙ මෙනු එකේ පානි පූරි, අලූ පූරි, පාව් බජි වගේ චාට් ජාති ගොඩක් තියනවා. අපි පික්මී ෆුඩ් ඕඩරයක් දාල තමයි ගෙන්නගත්තේ. අපේ ඕඩර් එක වුණේ පානි පූරි පෝෂන් එකයි (රු. 410), පප්රි චාට් එකයි (රු. 410), අතුරුපස විදිහට මල් පුරා එකයි (රු. 410).

මේ පෝෂන් එකට පානි පූරි අටක් ආවා. ස්පයිසි හෝ ස්වීට් හෝ සවර්.. අපි කැමති එක රසකින් හෝ රස කීපයකින් ගන්න පුළුවන්. අපි ගත්තේ මේ රස තුන ම මික්ස් කරලා. ඒ වගේ ම වැඩිපුර සෝස් එහෙම ඕන නං ඉල්ලගන්නත් පුළුවන්. පානි ටික වෙන ම, ඇතුළට දාන මික්ස්චර් එක වෙන ම, පොඩි පොඩි කප්ස්වල දාල තමයි එවල තිබුණේ. ඒක හොඳයි, නැත්තං ඩිලිවර් කරද්දි ඔක්කොම සම්බෝල වෙලා තියෙයි නේ. ඉතින් මේ පානි පූරි ටික මාර ක්‍රිස්පි සහ ෆ්‍රෙෂ්. සියඹලා සෝස්වල ඇඹුලයි, ලාවට එන පැණි රහයි එක්ක අර මිශ්‍රණයේ සැරත් එකතු වුණාම පංකාදු පහයි. නියම ඉන්දියන් චාට් රස.

පප්රි චාට් කියන්නේ බැදපු පපඩම් වගේ ජාතියක් ඇතුළට මික්ස්චර් එකක් දාල හදන චාට් ජාතියක්. මේක හරි ම ක්‍රිස්පි. ඒ වගේ ම අලුත්. පෙනුමෙනුත් මරු. කොත්තමල්ලි කොළ එහෙමත් දාලා. මික්ස්චර් එකට දාල තියෙන්නේ අල, කඩල එහෙම තම්බලා, ඒකට ලූනු සහ සියඹලා චට්නි එක්ක යෝගට් මික්ස් කරලා. ඒ නිසා මේකෙන් පැණි රස, කිරි රස වගේ ම හොඳ ඇඹුලකුත් දැනුණා. 

මේ ඩෙසට් එක මල් පුරා වගේ ම මල් පුවා කියලත් ඉන්දියාවේ හඳුන්වනවා. ඩෙසට් එකක් විදිහට නම් කරලා තිබුණට මේක බ්‍රෙක්ෆස්ට් එකකට, නැත්තං ස්නැක් එකකට වුණත් නරක නෑ. මොකද මේකෙන් සෑහෙන බඩ පිරෙනවා. කොටින් ම මේ පෑන් කේක් එකක්. මේකට දාන්න චොක්ලට් සෝස් හෝ විප්ඩ් ක්‍රීම් දෙකෙන් එකක් අපිට තෝරගන්න පුළුවන්. අපි තෝරගත්තෙ චොක්ලට් සෝස්. 

හොඳ ෆ්ලෆී ගතියට හදපු පෑන් කේක් එකක් වුණ මේක ඔරිජිනල් ඉන්දියන් මල් පුවාවලට වඩා ප්‍රමාණයෙන් ලොකුයි. ඒ වගේ ම කප් එකක් පුරවලා ආපු චොක්ලට් සෝස් එක හරි ම තික්. ඉතින් උකුවට පෑන් කේක් එකේ විසුරුවලා කන්නයි තියෙන්නෙ. හොඳ රිච් චොක්ලට් ටේස්ට් එකක් මේකේ තිබුණා.

අවසන් වශයෙන් 

චාට් ස්ටේෂන් එකේ කෑම ටිකක් ගණන් වුණාට මාර රසයි. අනික ඉතින් චාට් කියන්නෙ හැම තැනින් ම කන්න පුළුවන් කෑමකුත් නෙමෙයි නේ. ඒ නිසා ට්‍රයි කරලා බලන්න.

Address

14B, Carron Place, Dehiwala-Mount Lavinia

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Indian Street Food

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Vegetarian Indian Sweets Burgers Chocolate

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment