Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

The Choco Castle (Kandy Selection)

Kandy Selection, High-level Road, Nugegoda


The Choco Castle is re-established inside Kandy Selection, sporting an array of chocolate-based food.



චොක්ලට් කිව්වොත් ඉතිං තව මොන කතා ද? ගෑවුණත් ඇති නෙ. චොක්ලට් නං කේක් වුණත් මිල්ක් වුණත් අයිස්ක්‍රීම් වුණත් බිස්කට් වුණත් අපි එක පයින්! ඇත්තටම චොක්ලට් කියන්නෙ කැලරි ගොඩක් තියන, මූඩ් ෆික්ස් කරන කෑමක් කියලයි පර්යේෂකයො කියන්නෙ. කොහොම වුණත් පමණට වඩා චොක්ලට් කෑවොත් දන්නව නෙ ඉතිං..

කොහොම හරි අපි හොයාගත්තා අපිට ළඟපාතම තියන, චොක්ලට්වලටම වෙන් කරපු තැනක්. නිකං තැනක් නෙමෙයි මේක මාලිගාවක් කියලයි ආරංචි වුණේ. චොකෝ කාස්ල්. ඔන්න අහගන්නකො විස්තරේ..

තැන

නුගේගොඩ යමු ඔෆිස් එකේ ඉඳන් පයින් යන දුර තියන ‘කැන්ඩි’ ඇඳුම් කඩේ, එක කොනක තමයි චොකෝ කාස්ල් එක තියෙන්නේ. ඇත්තම කිව්වොත් මෙතන තියෙන්නෙ එක රෙස්ටොරන්ට් එකයි. හැබැයි කොටස් තුනක් තියනවා. ඩිස්ලින්, මැකියාටෝ සහ චොකෝ කාස්ල් විදිහට. ඔක්කොම තියෙන්නෙ එකට. අපි ඉතිං ගිහිල්ල හයිලෙවල් පාර දිහා බල බල කෑම කන්න පුළුවන්කම තියන කොනේම මේසෙ වටේට වාඩි වෙලා චොකෝ කාස්ල් මෙනු එක ඉල්ලුවා.

ඉඩකඩ පොඩි වුණාට තැන පිරිසිදුයි. හැබැයි ලන්ච් වෙලාවට සෙනඟ පිරෙන හින්ද ටිකක් කලබලයි. ඒ වගේම කට්ටියගෙ සද්දෙයි කෑම හදන සද්දෙයි එක්ක හරිම ගෝසාව.

සර්විස් එක

චොකෝ කාස්ල් මෙනු එක අපේ අතට දෙන වෙලාවෙ එතන හිටපු වේටින් ස්ටාෆ් එකේ කට්ටිය මූණෙන් මූණ බලාගත්ත විදිහෙන්ම අපිට තේරුණා මොකක් නමුත් අවුලක් තියන විත්තිය. කෑම ඕඩර් කරන්න ගියාම නෙ වැඩේ තේරුණේ. අපි ඉල්ලන ඉල්ලන එක ‘නොට් අවේලබල්’ ලු! ‘අද වොෆල්ස් ජාති විතරයි නෙ අවේලබල්..’ කිව්වා. අපිත් ඉතිං හා කමක් නෑ කියල ආයෙත් මුල ඉඳන් කෑම බීම සිලෙක්ට් කරන්න පටන්ගත්ත.

ඒ ඇර සර්විස් එකේ වෙන අවුලක් නෑ. විනාඩි දහය පහළොවක් ඇතුළත කෑමබීම රෙඩි වුණා වගේම ඒගොල්ලො කස්ටමර්ස්ලට සුහදව සංග්‍රහ කළා.

කෑමබීම

ඉතිං අන්තිමට අපි සිලෙක්ට් කළා චොකෝ කාස්ල් වොෆ්ල් එකයි (රු. 790), ක්‍රිස්පීස් එකයි (රු. 390), ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකයි. (රු. 420)

නෝමල් වොෆ්ල් එකක් උඩට පලතුරු කෑලි දාල, ඒක සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට චොක්ලට් සහ වයිට් චොක්ලට් වක් කරලා තමයි චොකෝ කාස්ල් වොෆ්ල් එක හදල තිබුණෙ. මේක පෙනුමෙන් නං හරිම මෙසී. පලතුරු විදිහට දාල තිබුණෙ හතරැස්වට කපපු ඇපල් සහ අන්නාසි කෑලි. කටක් කාල බැලුවම හිතුණේ මේක බ්‍රෙක්ෆස්ට් එකක් විදිහටත් හොඳයි කියල. හැබැයි ඉතිං පැණි රහ වැඩි එක තමයි වැඩේ. සොෆ්ට් වොෆ්ල් එකයි පලතුරුයි චොක්ලටුයි එකතු වෙලා අපේ රසනහර පිනා ගියා.

ඊළඟට ක්‍රිස්පීස්. චොක්ලට්වල ඩිප් කරපු ක්‍රිස්ප්ස් සහ මාෂ්මෙලෝස් කියල තමයි මේක මෙනු එකේ අඳුන්වල තිබුණෙ. හැබැයි මේක අපි බලාපොරොත්තු වුණ තරං සාර්ථක වුණේ නෑ. ක්‍රිස්ප්ස් උඩට වයිට් චොක්ලට් සෝස් දාල, ඊට උඩින් යන්තමට චොක්ලට් සෝස් පොඩ්ඩක් දාල, ඊටත් උඩින් සාමාන්‍ය පොඩි මාෂ්මෙලෝස් කෑලි ටිකක් දාල තිබුණා. කොහොම හරි මේක නං තනි බොරුවක් කියල අපි තීරණේ කළා.

ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකෙත් ලොකුවට කියන්න තරම් හොඳක්වත් නරකක්වත් නෑ. අපි සාමාන්‍යයෙන් කඩෙන් අරං බොන ස්ට්‍රෝබෙරි කිරි පැකට් එකකට වැඩිපුර කිරි ටිකක් දාපු රසක් තමයි ආවෙ. හැබැයි අපරාදෙ කියන්න බෑ තිතට තිබ්බ කූල් එකත් එක්ක මේක තිබහට නං මරු රිෆ්‍රෙෂිං ෂේක් එකක්.

අවසාන වශයෙන්

චොක්ලට් මාලිගාවකට යන්න හිතාගෙන ආවට මොකද අපි හිතපු තරම්ම මේ මාලිගාව පෝසත් නෑ. හැබැයි ඉතිං ලන්ච් එහෙම අරං ඉවර වෙලා ඩෙසට් කන්න හිතුණොත් හරි, බෑඩ් මූඩ් එකක් ආපු වෙලාවක මූඩ් ෆික්ස් කරගන්න හරි, චොකෝ කාස්ල් පැත්තෙ ගිහින් චොක්ලට් තෙරපියක් අරං බැලුවට වරදක් නෑ.

Address

Kandy Selection, High-level Road, Nugegoda

Contacts

Facebook Instagram E-Mail

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment