Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

The Claws

18, Lewis Place, Negombo


Negombo has no shortage of seafood, and The Claws is one of the best picks at that.



එදා ඉඳන්ම කිය කිය එන අර‘නිගොම්බො’ ටුවර් එකේ එකක්ම තමයි!

එක දිගට කියන්න බැරි නිසයි ටිකක් පරක්කු කලේ.

ඉතින්.. මතකනෙ අපි උදේ වැස්සකට අහුවෙලා, දවසම මස්තබාල්දුවෙලා.. පස්සෙ පස්සෙ යාන්තම් කඩවල් කීපයකට ගොඩ වී ගත්ත. අන්න ඒ කඩ අතරින් දවල් කෑමට සෙට් වුණේ මෙතනට. දන්නැද්ද ඉතින්, දවල් කෑම කිව්වට.. අපි බියර් එකක් එහෙමත් ගත්ත. හැබැයි කෑමට නම් රයිසුයි, බයිටුයි දෙකම ඕඩර් කලා. මොකද ‘චියර්ස්’ එකට සෙට් වෙච්ච නැති යාලුවොත් හිටියනෙ.

කඩේ උදවියගෙන් අහල කරල හිටං අපි ඉස්ඉස්සෙල්ලාම ඕඩර් කලේ පෙපර් ප්‍රෝන්ස් එකක් (රු. 1100). බයිට් එකටයි, ඩයට් එකටයි.. දෙකටම හොඳයිනෙ. ඊට පස්සෙ කට්ල්ෆිෂ් රයිස් ඇන්ඩ් කරියක් (රු. 690) ඕඩර් කලා බත් කන අයට. ඒ අතරට ෆ්‍රයිඩ් කින්ග් ෆිෂ් එකකුත් (රු. 2400) ඕඩර් කරන්න අමතක කලේ නෑ. මොකද ඒක එයාලගෙ සිග්නේචර් වගේ ඩිෂ් එකක්නෙ. ම්.. මතකෙ හැටියට චොකලට් මිල්ක්ෂේක් එකකුත් (රු. 300) ඕඩරේ කරල තිබ්බා..

විශ්වි වෙන්න ඕන!

වැඩේ වුණේ ඒ විදියට කෑම ඕඩර් කරපු එක නෙවෙයි, ඕඩරෙන් පස්සෙ පොඩ්ඩ පරක්කුවෙත්ම එක පේළියට කෑම ටික මේසෙට ආපු එකනෙ. තව පොඩ්ඩෙන් කෑම තියන්න ඉඩත් මදි වෙනව. වෙලාවට අර කින්ග් ෆිෂ් එක වීඩියෝ වැඩකට අදාළ වෙලා, වෙන මේසෙකට ගියේ. නැත්නම් අල්ලගෙන ඉන්න වෙන්නෙ එකක් ඉවර කනකම්.

හැබැයි ඉතින් පට පට ගාලා ආවට කෑම ටික පට පට ගාලාම ඉවර වුණා. මොකද යාළු සෙල්ලම් රසක්ද තිබ්බෙ ඒවයෙ. අපෙ අප්පෝ.. රයිස් ඇන්ඩ් කරි එකට ආපු කට්ල්ෆිෂ් එක එහෙම! දැනුත් නිකම් තොලකට ලෙව කැවෙනව වගේ. පුදුම රසක් හොඳේ ඒකෙ. මීගමු බඩු තමයි, හොඳ හැටි ෆ්‍රෙෂුත් තමයි, ඒත් මං කියන්නෙ. මිරිස් තුනපහ වගේම, පොල්කිරි අඩුම කුඩුම ටිකත් දාලා, ගම්මිරිස් රසත් නූලට තියෙන්න.. බලන්න එපැයි. ෂැහ්, වැඩිය ඕන නෑ.. ඕං කට්ටිය අන්තිමට ඒකත් එක්ක කන්න කියලම කඩේට කතා කරල රෝස්ට් පානුත් ගෙන්න ගත්තෙ. ඔක්කොමත් හරි ඒ පෝෂන් එකේ සයිස් එකත්. මගෙ හිතේ තඩි දැල්ලෙක්ම දාලද කොහෙද.

අනික ඒ දැල්ලො කරියටම හරියන අනිත් ව්‍යංජන ටිකත්. වට්ටක්කා එකක් එහෙම තිබ්බ කෙලින්ම දකුණෙ හදනව වගේ. පොල් චුට්ටක් බැදල දාලා, අබ, රම්පෙ කරපිංච එක්ක කිරිත් හොඳ හැටියට. එකම අඩුව තිබ්බෙ තුනපහ රස පොඩ්ඩක් මදි එක තමයි. අන්න ඒකට, පරිප්පුව තිබ්බ රඹටි හැලෙන්න. නියමයි ඈ.. ලාවට හිඳෙන්න, අඩුම කුඩුම සියල්ල සමගින්..

ම්… වැඩේ කියන්නෙ බීටුත් තිබ්බ. මම වැඩිය කැමති නැති නිසා පොඩ්ඩයි කෑවෙ. වරදක් නෑ මගෙ හිතේ. ඒ වුණාට ඒකට වැඩිය රසයි බටු මෝජුව. හැබැයි ඒකෙ බටු ටික තව ටිකක් බැදෙන්න ඕන. එහෙම වුණානම් මාරම ගතියක් එන්නෙ. ආ.. ඒකයි දෙහි චුට්ටකුත් වැටෙන්න ඕන.

එතකොට.. පපඩම් තිබ්බ අඹ චට්නිද කොහෙදත් තිබ්බ. හප්පටසිරි බතලත් තිබ්බනෙ තෙල්දාලා. ඒකත් සුප්ප ටේස්ට්. කොහෙද මං කෑවට අනිත් කට්ටිය කෑවෙ නෑනෙ. හැමෝම පොල්සම්බෝලෙට තමයි ඒම් කලේ. මොකද ඒකෙත් ලුණු ඇඹුල් පදමට ලෙසටමෙනෙ. කිව්වට විශ්වාස කරන්න උම්බලකඩත් දාලා. වෙන කඩවල නම්.. ඈ?

ඒ ගැම්මටම වගේ මම පෙපර් ප්‍රෝන්ස් එකටත් අත දැම්ම. මොකද ඒකෙ පෙන්නුම් කළේ සනික වාශ්ප වෙන ගතියක්.

අත දාලා අරගෙන හිටං එකෙක් දෙන්නෙක් කටටත් දාගත්ත. ම්..හ! නෑනෙ. ඇත්තටම සෝස් රසක් ආවා.. ඉස්සො රස ලාවට එන්නෙ. ඊටත් ගම්මිරිස් රසත් ලාවට වගේ. කටේ අවුලක්ද මන්දා කියල ආයෙත් එකෙක් අරගෙන, ඒකටම ආපු සැලඩ්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්කමත් කෑවා. ඒ පාර සැලඩ් එකේ රසයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් රසයි විතරයි. මළහත්තිලව්වයි, බොලේ මේකෙ ඉස්සො රසක් එන්නෙම නැද්ද? අවසාන උත්සාහය කියල, ඉස්සො 12, 15 අතරින් යටින්ම තිබ්බ ඉස්සෙකුත් අරගෙන කාලා බැලුව.

අන්න.. ඒ පාරනෙ! බැලින්නම් ඒකෙ සෝස් වැඩියි. හලල කරල අරගත්තාම හරි. හැබැයි ඒ වෙද්දි පරක්කුත් වැඩියි ඉතින්. ආයෙ පිඟාන දිහා බලනකොට ඉස්සො නැති..

හිත හදාගන්න කියල ඔන්න බැස්ස ඊට පස්සෙ අර තඩි බැදපු මාළුවට. කෑල්ලක් කෑවා..

එකයි ආයෙ. සිහි නෑ. ‘කනව මාළු මං මුගේ’ කියන්න වගේ කාගෙන කාගෙන ගියේ. යාළුව කඩනව මං කනව. මං කඩනව යාළුව කනව. අන්තිමට ඔලුවත් කාලා පස්ස බැලුවෙ. ඇත්තටම ඒකෙ නම් පුදුම රසක් යාළු. ගානට බැදිල. අනික බදින්න කලින් ඌව සීසන් කරලදත් කොහෙද මසේ ඉඳන්ම රසේ. ඒකට ආපු සෝස් ටිකකුත් ගා ගත්තාම පංකාදු පහයි ඉතින්.

අර.. මිල්ක් ෂේක් එක! විශ්වි කියපු විදියට ඒකත් සෑහෙන්න හොඳයිලු. හොඳ චොක්ලට් රස වගේම කිරි රසයි, පැණි රසයිත් බැලන්ස් එකටම තිබ්බලු. හැබැයි කූල් එක නම්.. ටිකක් වැඩිලු හ්ම්…

ඒත් ඉතින් කූල් වගේද.. පදමට වැදීගෙන එද්දි, කන් රත් වෙන්න, නිගොම්බො සීෆුඩ් තියෙද්දි කන්න..

ඈ…!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment