Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

The Cloud Kitchen by CHM


A venture by COi by Vichalya, The Cloud Kitchen by CHM is a delivery based rice & curry spot.



ක්ලවුඩ් කිචන් එකක් කියන්නෙ ඔන්ලයින් විතරක් කෑම ගෙන්නගන්න පුළුවන් තැනක්. නමේ හැටියටම ක්ලවුඩ් කිචන් බයි CHM කියන්නෙ ඒ විදිහෙ ඩිලිවරි බේස්ඩ් කිචන් එකක්. ලන්ච් වගේම බ්‍රෙක්ෆස්ට් මෙනු එකකුත් මේගොල්ලො ළඟ තියනවා. ලන්ච් විදිහට රයිස් ඇන්ඩ් කරිවලට අමතරව සැලඩ්, සැන්ඩ්විච්, පැස්ටා වගේ දේවලුත්..

ඕඩර් කරන විදිහ

ඌබර් ඊට්ස් හරි පික්මී ෆුඩ් හරි මාර්ගෙන් ළඟටම ගෙන්නගතහැකි. උදේ 10.30 ඉඳන් ලන්ච් ඕඩර් කරන්න පුළුවන්. සෙට් මෙනු එකක් හින්ද කරීස් තෝරන්න අපිට අවස්ථාවක් නැතත්, මාළු, චිකන්, ඉස්සො, දැල්ලො, සෝයාමීට් කියන ජාති වගේම, කොච්චි කරවල කියල ඔප්ෂන් එකකුත් මෙයාල ළඟ තියන නිසා ඒවයින් ඕනම එකක් සිලෙක්ට් කරගන්න අපිට පුළුවන්. ඒ මුකුත්ම නොකන අයට වෙජිටබල් රයිස් ඇන්ඩ් කරිත් ගතහැකි. ඒ වගේම රතු බත්, සුදු බත් හෝ ටෙම්පර්ඩ් රයිස් කියන ඔප්ෂන්ස් තුනෙන් ඕනම එකක් තෝරගන්නත් මේගොල්ලො අපිට අවස්ථාව දීල තියනවා.

රයිස් ඇන්ඩ් කරි

අපි ඕඩර් කළේ ඉස්සො රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 390), කොච්චි කරවල රයිස් ඇන්ඩ් කරි එකයි, (රු. 360) වෙජිටබල් රයිස් ඇන්ඩ් කරි එකයි. (රු. 340) නැවත පාවිච්චි කරන්න පුළුවන් විදිහෙ පිරිසිදු ප්ලාස්ටික් පෙට්ටිවලට පිළිවෙළට කෑම ටික බෙදලා තිබුණා. කෑම තුනේම තිබ්බෙ එකම කරීස්. පරිප්පු, ගොටුකොළ සම්බෝල, මෑකරල්, වට්ටක්කා. ඊට අමතරව තුනටම හරි යන්න කියල එක පපඩමකුයි බැදපු මිරිස් කරලකුයි දාල තිබුණා.

මුලින්ම කියමුකො ඉස්සො රයිස් ඇන්ඩ් කරි එක ගැන. අපි මේ කෑම එකට ඉල්ලුවෙ ටෙම්පර්ඩ් රයිස්. බත ගාණට ටෙම්පර් වෙලා තිබුණා. සොෆ්ට් වෙන්න උයල තිබුණ ඉස්සො කරියෙ කියන්න තරම් වරදක් නෑ. මෑකරල් ටික රසට පදමට යන්තමින් වගේ තෙල් දාලයි තිබුණෙ. කොහොම වුණත් රසම එක තමයි ගොටුකොළ සම්බෝලෙ. වැඩිත් නැති අඩුත් නැති වෙන්න රතු ලූණුයි පොලුයි අමුමිරිසුයි දාපු ෆ්‍රෙෂ් ගොටුකොළ සම්බෝලයක්. හැබැයි වට්ටක්කයි පරිප්පුයි දෙක නිසා මුළු කෑම එකේම තෙත ගතිය නං ටිකක් වැඩි වෙලා තිබුණා.

ඊළඟට කොච්චි කරවල කෑම එක. මේකට අපි දාන්න කිව්වෙ සුදු බත්. තෙල් දාපු කරවලවලට ගැළපෙන්නෙ ඉතිං සුදු බත් නෙ. කෑම තුනේම තිබුණෙ එකම කරීස් නිසා මේකෙ වෙනස් වෙලා තිබුණෙ කරවල එක විතරයි. කෑලි මිරිසුයි ලූණුයි එක්ක රස පාටට තෙල් දාල තිබුණ කරවල එක නමේ තරමට සැර නම් නෑ. ඒත් රසේ අඩුවකුත් නෑ. සුදු බතුයි තෙල් දාපු කරවලයි එකතු වුණාම රජ බොජුනක් නේ.

අපි ඕඩර් කරපු වෙජිටබල් රයිස් ඇන්ඩ් කරි එකට උඩ කියපු කරීස්වලට අමතරව ඒගොල්ලො සෝයාමීට් කරියක් එකතු කරල තිබුණා. රතු බත්වලටම හරි යන්න සෝයාමීට් ටික රහට සුමුදුවට උයල තිබුණ නිසා බඩ පිරෙන්න කන්න පුළුවන්කම ලැබුණා.

අවසාන වශයෙන්

කෘත්‍රිම රසකාරක නැති, ගෙදර හදන කෑමවල තාලෙට රයිස් ඇන්ඩ් කරි රහ බලන්න, දවසක ක්ලවුඩ් කිචන් එකෙන් ඕඩර් කරල බලන්නකෝ..


Similar Places

User Reviews
K
1

5/5

0

Kavindi Wijesekera

The Mango Curry today was just out of this world 😍

K
1

5/5

0

Kavindi Wijesekera

The Mango Curry today was just out of this world 😍

See 1 Comment