Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

The Colombo Racecourse

Race Course Ground, Reid Avenue, Colombo 7


We've been looking forward to the opening of the refurbished Racecourse Grounds in Cinnamon Gardens. The old Dutch Hospital in Fort was renovated by the same authorities recently and they pretty much got it spot on, turning it into a lovely courtyard encircled by good restaurants and shops. Since the derelict Race Course was being done up under the same peeps, we expected it to turn out like Dutch Hos - ie. awesome.



නවීකරණය කරන ලද කුරුඳුවත්තේ තුරඟ තරග පිටිය හෙවත් රේස්කෝස් විවෘත වනතෙක් අපි මග බලා සි‍ටියා. කොළඹ කොටුවේ පැරණි ලන්දේසි රෝහල නවීකරණය කර විවෘත කළේත් නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින්මයි. ඒ ලස්සන තැන ගැන විස්තර මේ ලිපිවල තිබෙනවා. (බලන්න කකුළු අමාත්‍යංශය, හෙළදිව් තේ සමාජය, The Brewery by O!). අපි හිතුවේ ඔවුන් විසින් නවීකරණය කරන ලද රේස්කෝස්එකත් ඒ වගේ විශිෂ්ට තත්වයෙන් ඇතිය කියා. ඒත්, එහෙම නැහැ.

එහි අවකාශය සුන්දරයි. එය හොඳින් නවීකරණය කරලා. ඒත්, මේ සුන්දර ස්ථානයේ බිම්මහලේ සුවිසල් ඉඩක් වෙන් කර දී තිබෙන්නේ එතරම් ආකර්ශනීය නොවන Le Bond, Origins, ලක්සල (මේ පාරේ මීටර් 200ක් ඔබ්බෙන් තවත් අත්කම් වෙළඳසලක් තිබෙනවා), ProMate World, Colours සහ McDonalds නම් ආයතනවලටයි. මේවා හොඳයි ක්‍රෙස්‍කැට් හෝ වෙනත් එවැනි ෂොපිං මාල් එකකට.  මෙතන නම් ඒවායේ තේරුමක් නැහැ. මෙතැන ඩච් හොස්පිටල් වගේ හොඳ ආහාරපානත්, බීමහල් හා කුඩා හොඳ මට්ටමේ සාප්පුත් සහිත තැනක් වුණානම් හොඳයි. මෙතැන කුලිය ඉතා ඉහළයි. ඒ වගේම කුලිය වසර දහයක් වෙනුවෙන් එකවර ගෙවියයුතුවත් තිබුණා. මෙහෙම ‍වුණේ ඒ නිසා වෙන්නත් ඇති.

හමුවන්න, කන්න, බොන්න, මුසුවන්න හොඳ අවකාශයක් බවට පත්කරන්න තිබුණු තුරඟ තරග පිටියට මෙහෙම වීම අපරාධයක්. එහි දැනට අවන්හල් දෙකක් තිබෙනවා. ඒ R&R සහ Tsing Tao. සිං ටාඕ පිරිනමන්නේ චීන කෑමයි. ආර් ඇන් ආර් තිබෙන්නේ ඉහළ මාලයේ. එහි සෝපාහලට පිටිය හරි ලස්සනට පෙනෙනවා. ඒත්, එය තවම හරිහැටි විවෘතද කියා සැකසහිතයි. දැනට ඔවුන්ගේ මෙනූපත සකසා අවසන් නැහැ. ඒ වගේම මත්පැන් බලපත්‍රයකුත් නැහැ. සමහරවිට සති කීපයකින් හරියන්න පුළුවන්.  එය මිළ අධික ඉහළ පෙළේ තැනක්. ඒත්, තරම් නිර්මානශීලී ලෙස සැලසුම් කර නැහැ. අපි වැනිලා මිල්ක්ෂේක් හා ලයිම් සෝඩා බිව්වා. මේ සාමාන්‍ය බීම දෙකට මිළ රු. 862යි, එතැන සිට බලපු සුන්දර දර්ශනයටත් එක්ක.

සංකීර්ණයේ එක් පැත්තක් විතරයි තවම විවෘත. එය සුන්දරයි. තුරඟ තරග පිටියේ තණ නිල්ලේ සුන්දර දර්ශනයක් එහි සිට බලන්න පුළුවන්. අනෙක් කොටස සම්බන්ධයෙන් සමහරවිට මීට වඩා හොඳ සැලසුම් තිබෙන්න පුළුවපොරොත්තුවෙන් සිටිමු.

Address

Race Course Ground, Reid Avenue, Colombo 7

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
See 24 Comments