Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

3/5

The Commons Coffee House

39A Flower Road, Colombo 7


Commons is one of Colombo's most popular hangout spots. They've got a great location on flower road and a relaxed atmosphere. Its expansive menu means your spoilt for choice but quality varies depending on what you choose.



ඔන්න එදා මායි, සාරායි, චන්දනයි, බෙන්ජමිනුයි එළියට බැස්සේ දවල්ට කන්න යන්න හිතාගෙන. එතකොට දවල් 2ට, 2.30ට විතර ඇති. මුලින් ම අපි ගියේ අපේ ඔෆිස් එක ළඟ අලුතෙන් දාලා තියෙන බර්ගර් කඩේට. එතැනට ගියාට පස්සේ තමයි අපි දන්නේ ඒකෙ වැඩ පටන්ගන්නේ හවස හතරට කියලා. දැන් ඉතින් මොකද කරන්නේ?; කට්ටියත් එක්ක ඕක කල්පනා කරද්දී සාරා දැම්මා යෝජනාවක්.

“Let’s go to Min Han

තුන් හතරදෙනාත් එක්ක ඌබර් එකක එල්ලුණු අපි මින් හාන් එකට ගියා. ඒකට කිට්ටු වෙද්දී ම සාරා බෙරිහන් දෙන්න ගත්තේ මොකටද කියලා මට මීටර් වුණේ ටික වෙලාවකට පස්සේ. හයියෝ! මින් හාන් එකත් වහලා කියන්නකෝ. බඩ පපුව හූස් ගෑවේ බඩගින්නටද, දුකටද කියලා ෂුවර් නෑ. පාර අයිනේ ඉඳගෙන යමු ඇප් එකේ අරහෙටයි මෙහෙටයි සර්ච් කරකර වටේ පිටේ තියෙන රෙස්ටෝරන්ට් කීපයකට කෝල් හත අටක් දීලා බැලුවා. සේරම 3න් පස්සේ ක්ලෝස්ඩ්. ආයේ අරින්නේ 5ට, 6ට විතර. දැන් නම් කට්ටියට ම ඇඬෙන සයිස්.

අනිත්වා කොහොම වුණත්, කැෆේ කියන්නේ කොයි වෙලාවේ වුණත් ඇරලා තියෙන එක්කනේ. ඕක කල්පනා කරපු අපි හිතුවා කාලෙකින් යන්න බැරි වුණු කොමන්ස් කොෆී හවුස් එකට යන්න.

තැන

කොළඹ හතේ මල් පාර දන්නවනේ? ඔය ෆ්ලවර් රෝඩ් එක කියන්නේ. ඔන්න ඔය පාරේ තමයි කොමන්ස් කොෆී හවුස් එක තියෙන්නේ.

මෙතැන තියෙන්නේ ටිපිකල් කැෆේ එකක පෙනුම. ඉඩකඩත් ඕනේ තරම්. ලොකු කුෂන් සෝෆා එක්ක ලී පුටු, මේස එහෙම දාලා තියෙන නිසා සැප පහසුවට ඉන්න පුළුවන්. ඔය පොඩි පොඩි පාටි ගන්න කැමතියි නම් එකටත් හරි යන විදියට කවර් කරපු ඒරියා එහෙමත් තියෙනවා. අවුට්ඩෝර් ඩයිනින්වලට වෙන් වුණු ඉඩ තියෙන්නේ කැෆේ එකේ පිටිපස්සේ.

කෑම

හප්පේ! කැෆේ එකක දැකපු ලොකුම මෙනුවද මන්දා. බිත්ති පුරා ලියපු මෙනුවක් මේක. සුප්, සැලඩ්, බර්ගර්, සැන්විච්, පැස්ටා, බත් ඇතුළු තව කෑම තොගයක් මේකේ තියෙනවා. බීම විදියට තියෙන්නේ කෝපි, ෆ්‍රෙෂ් ජූස් වගේ ජාති කීපයක්.

මුලින් ම කියන්නම්කෝ බෙන්ජමින් ගත්ත කෑම ටික ගැන. එයා ඕඩර් කරපු “ෆිෂ් තායි රෙඩ් කරි විත් ස්ටීම්ඩ් රයිස්” (රු.695) එක පෝෂන් සයිස් එකක් විදියට ගත්තොත් නම් ගොඩක් හොඳයි. මොකද එක්කෙනෙක්ට හොඳට බඩ පුරවගන්න පුළුවන් තරමේ බතකුයි, මාළු කරියකුයි ලැබෙනවනේ. ඒ වුණාට මාළු එකේ ෆ්‍රෙෂ් ගතිය අඩුයි වාගේ. පොඩ්ඩක් තද ගතියට තමයි තිබුණේ. අපි හිතුවේ හොද්දවත් රස ඇති කියලා. ඒත් ලුණු, ඇඹුල් හැරුණා ම වෙන කියන්න තරම් අමුතු රසක් මේකේ නැහැ. මේකත් එක්ක ආව සලාදෙත් තිබුණේ රවුමට  කපලා දාපු රටලූණු, තක්කාලි, පිපිඤ්ඤා එක්ක සෝයා සෝස් ටිකක් විතරයි.

සාමාන්‍යයෙන් පීසා, පැස්ටා කිව්ව ම පෝලිමේ ඉස්සරහෙන් ම ගිහින් හිටගන්න මම, මෙතැනට ඇවිල්ලත් ඕඩර් කළේ “ස්පගැටි කාබෝනාරා” එකක් (රු.710). හපොයි! මේකේ පළමුවෙනි කට කෑව ගමන් ම හිතුණේ ගත්ත මෝඩකම කියලා. ඇයි දෙයියනේ පැස්ටා එක බෙරි වෙන සයිස් එකට තැම්බිලා. ඒ මදිවට මේකේ සෝස් එකේ රස හදලා තියෙන්නේ මැගී සුප් කැටයක් දාලා. එහෙමත් නැත්තන් ෂුවර් අජිනොමොටෝ දාලා. චිකන් බේකන් එකෙත් කිසිම ක්‍රිස්පි ගතියක් නැහැ. සෑහෙන්න කණගාටුයි මේක ගැන නම්.

සාරා ගත්තේ “පම්ප්කින් සුප්” (රු. 410) එකක්. මේක ශේප්. කියන්න තරම් ලොකු දෙයක් නෑ ඉතින්. පොඩ්ඩක් විතර පැණි රස එක තමයි අවුලකට හිටියේ. මේකත් එක්ක ලැබුණු බන් එක ගල් ගෙඩියක් වගේ. පරණ එකක්.

බීම

මම ඕඩර් කරපු “කැපුචිනෝ” (රු.330) එක හරි ම අවුල්. කෝපි රසක් නොතිබුණු ගානයි. තිබුණු කෝපි රසත් හෙන කර එකක්.

අපි තව ගත්තා “මොකචිනෝ” (රු.460) එකකුත්. මේකේ කෝපි රස ආවේ වීදුරුවේ අඩියෙන් විතරයි. හොඳට මික්ස් කරලා ගත්තත්, ඔරිජිනල් මොකචිනෝ එකක රසක් ගෑවිලාවත් තිබුණේ නැහැ. ඒ වෙනුවට දැනුණේ චොකලට් මිල්ක්ෂේක් එකක් වගේ.

සර්විස් එක

සේරම කෑම බීම ටික මේසෙට එන්න විනාඩි 20ක් වගේ ගත වුණා. හැබැයි දැම්ම ඕඩර් එකේ හැටියට නම් ඒ වෙලාව ගත්ත එක ශේප්. ඒත් දුක කියන්නේ ඒ එක කෑමකින්වත් සම්පූර්ණ සතුටක් ලබන්න බැරි වුණු එකයි.

අවසාන වශයෙන්

යාළුවොත් එක්ක සතුටු සාමීචියේ දීලා ඉන්න ගමන් වරුවක් ගෙවන්න කොමන්ස් එක නියම තැනක්. මොකද මෙතැන හරි ම නිස්කලංක ගතියක් තියෙනවා. ඒත් කෑම ගැන නම් ඒ හැටි හොඳක් කියන්න අමාරුයි.


TIP

Order the rotti and order fast as it may take a while. Remember that the VAT and service charge on products can increase the price considerably.

Address

39A Flower Road, Colombo 7

Directions

Past Dinemore on Thurstan Rd, turn left on to Flower Rd at the (Royal College) junction. Commons is on Flower Rd, a few meters passed Ladies College on the opposite side.

Contacts

Facebook Website E-Mail

Report Inaccuracy
Similar Places

User Reviews
A
1

1/5

1

Ali Mansoor

Overpriced mediocre food. Extremely unfriendly staff. Enough said.

B
1

4/5

0

Brian Edelman

Had a pleasant lunch visit here. Staff were friendly and their service was good. Food quality was good too if a little pricey for what it is but I guess you are paying for the decent upkeep of the of restaurant too. It's definitely one of the nicer restaurants to sit in Colombo

M
1

1/5

1

Mink777

Terrible service… Not at all customer friendly.
Staff is not on the same page, one says they can give a menu item and the other says they can’t.
Even the reservation, they took it in, but once we enter the place they said, “we usually don’t take reservations for 2 people”
Also they make you wait for the longest time to bring the food

A
1

1/5

1

Ali Mansoor

Overpriced mediocre food. Extremely unfriendly staff. Enough said.

B
1

4/5

0

Brian Edelman

Had a pleasant lunch visit here. Staff were friendly and their service was good. Food quality was good too if a little pricey for what it is but I guess you are paying for the decent upkeep of the of restaurant too. It's definitely one of the nicer restaurants to sit in Colombo

M
1

1/5

1

Mink777

Terrible service… Not at all customer friendly.
Staff is not on the same page, one says they can give a menu item and the other says they can’t.
Even the reservation, they took it in, but once we enter the place they said, “we usually don’t take reservations for 2 people”
Also they make you wait for the longest time to bring the food

P
6

1/5

0

Phillybuster

Rs. 300 delivery charge from here to 5th lane (literally less than 1 km). Sad.

A
1

1/5

1

Arun Prakash

* didn't have waffles and the excuse was that the waffle iron was broken for the last 3 days

* under staffed and those who were there were really rude

* I ordered an English breakfast and I had to keep asking them to bring the missing items on my plate

* so many flies

very dissapointed with the quality drop

I
1

1/5

1

isuru144

I went by this place 3 days in a row. First time I went they mixed up my order and when I came back nothing was ready. 2nd day the same incident happened with delays again. Today I timed it and it took them 18 mins to bring me an iced coffee which just had to be taken out of the fridge and put into a glass and a further 20 mins (18+20mins=38 mins) for the rest of my food (hotdog). very appalling service.

A
1

1/5

0

Amina

In terms of standards their food has really gone down. Was there recently after a while and ordered the Chillie Prawn Pasta… what was served was an appalling goopy mix of knorr infused cheese and cornflour sauce with more cornflour than cheese, with a couple of prawns and chillie flakes mixed in with the pasta…that was it. It was so disappointing especially since I've sampled such a dish in other restaurants such as Bars and was looking forward to having something similar. This was like one of those pre-cooked meals you can microwave for a quick fix. If they can't do certain dishes well then they should remove it off the menu and concentrate on what they can pull off. Otherwise it just ends up disappointing and being a total rip off for what we pay as customers.

See 38 Comments