Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

5/5

The Cricket Club Cafe

12, Flower Road, Colombo 07


The old classic at a brand new spot.



ලංකාවේ ජනගහණයෙන් ලොකු කොටසක් ක්‍රිකට් පිස්සෝ කියන එක කවුරුත් දන්න දෙයක් නේ. මට නම් ක්‍රිකට් ගැන මෙලෝ උනන්දුවක් නෑ. හැබැයි ක්‍රිකට් ක්ලබ් එක ගැන නම් මට කියන්න තියෙන්නෙ වෙනස් කතාවක්.

තැන

1996 දි ලෝක කුසලානය දිනලා ලංකාවේ ක්‍රිකට් පිස්සුව දරුණුවටම උත්සන්න වෙලා තිබුණු කාලෙක තමයි ඕස්ට්‍රේලියන් ජාතිකයෝ දෙන්නෙක් එකතුවෙලා ක්‍රිකට් ක්ලබ් කැෆේ එක පටන්ගන්නේ. දවස පුරා ක්‍රිකට් මැච් පෙන්වන ටීවී, ක්‍රීඩකයින්ගේ අස්සන් තියෙන බැට්, ජර්සි වගේ ක්‍රිකට් මතකසටහන්වලින් පිරිච්ච ක්‍රිකට් ක්ලබ් එක කලින් තිබුණේ ක්වින්ස් රෝඩ් එකේ පරණ ගෙදරක. ඒත් දැන් එයාලා ඉන්නේ ෆ්ලවර් රෝඩ් එකේ, කොලෝනියල් පෙනුමක් එන්න අලුතින් හදපු බිල්ඩිමක. මම පරණ ක්‍රිකට් ක්ලබ් එකට ගිහින් නැති වුණත් මගේ යාළුවා නම් කීවේ පරණ තැනට වඩා මෙතනට එයා ආසයි කියල. පරණ ක්‍රිකට් පින්තූර පිරිච්ච උස බිත්ති වගේ ම පරණ තාලෙ වීදුරු දොරෙන් මෙහාපැත්තෙ මැද මිදුලේ, එච්චර කලබල නැති, ඒත් 80 ගණන්වල ඉංග්‍රීසි චිත්‍රපටි මතක් කරවන පොඩි රෙට්‍රෝ මූඩ් එකටත් මම නම් ආසයි.

අපි වාඩි වුණේ එළිමහනේ තිබුණ මේසයක. මේසේ මැද තියෙන නියෝන් පාට ලයිට් බෝලෙන් තමයි අර කිව්ව රෙට්‍රෝ මූඩ් එක වැඩිකරන්නේ. වටපිටාව වගේම මෙනු එකත් තනිකරම ක්‍රිකට්: සංගක්කාරගේ සී ෆුඩ්, මහේලගේ මැට්රිෂියානා, ගවස්කාර්ගේ ග්‍රීක් සැලඩ්, නොටවුට් නිෂ්වාස් වගේ කෑම ජාතිවලින් තමයි මෙනු එක පිරිලා තියෙන්නෙ.

කෑම

ඉස්සරල ම අපි ඕඩර් කළේ කොක්ටේල්. ඕස්ට්‍රේලියන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මර්ව් හියුස් වෙනුවෙන් නම් කරලා තියෙන බිග් මර්ව්ස් මොහිතෝ එකේ (රු. 750) සාමාන්‍ය මොහිතෝ එකකට වඩා පැඟිරි රස (දෙහි ලෙල්ලෙ තියෙන තිත්ත රස) වැඩියි. මේකට දාලා තිබුණු අර සිරප්වල දාපු චෙරි ගෙඩිය නම් මොහිතෝ එකේ රසත් ඒක එච්චර සෙට් වුණේ නෑ. හැබැයි මොහිතෝ එකට නම් මම ආසයි.

ටෝකියෝ අයිස් ටී  (රු. 995) එක තමයි අපි ගත්ත කොක්ටේල්වලින් රස ම එක කියල කියන්න හිතුණත් ආයිත් පාරක් මොහිතෝ උගුරක් බීලා බැලුව ම හිතුණා, වෙනස් රස දෙකක් වුණාට දෙක ම එක ගාණට හොඳයි කියලා. ටෝකියෝ අයිස් ටී එකේ තියෙන්නේ පැණි රසයි ඇඹුල් රසයි කලවම් වුණ ටිකක් සංකීර්ණ රසක්. දෙකේ ම ඇල්කෝහොල් රසක් වැඩිය දිවට නොදැණුනාට කොක්ටේල් එකකින් එන්න ඕන තරමේ කික් එකක් එනවා.

අපේ අනිත් යාළුවා ගත්තේ අයිරිෂ් කොෆි  (රු. 730) එකක්. හරි විදියට නම් මේක මේසෙට එන්න ඕන කෝපි එක උඩ ගින්දර පත්තු වෙවී තියෙද්දි ලු. ඒත් මේකෙ නම් එහෙම එකක් තිබුණේ නෑ. ගින්දර නොතිබුණාට රසේ නම් වරදක් නෑ; ඒත් මීට වඩා හොඳ අයිරිෂ් කොෆි එයා බීලා තියනව කියල තමයි අපේ යාළුවා කීවේ.

පරණ ක්‍රිකට් ක්ලබ් එකට වඩා මෙතනට සෙනග එන පාටයි. අපට එහා පැත්තේ මේසෙ වාඩි වුණ ගෑණු කෙනා එයත් එක්ක ආපු ‘ගෝලයට’ ලොකු දේශනාවක් දෙනවා. මිනිහත් හැම දේටම ඔළුව වනවනා බොනවා.

බාර් එකේ නම් කොනේ ස්ටූල් එකේ හිටපු සුද්දා ඇරෙන්න අනිත් ස්ටූල් ඔක්කොම හිස්. තනියම බාර් එකට ඇවිල්ලා බාතෙන්ඩර් එක්ක චැටක් දාගෙන බොන පුරුද්දක් තාම ලංකාවෙ නෑ වගේ ම අර චිත්‍රපටිවල ඉන්නව වගේ එන කෙනොගේ මූඩ් එක අඳුනගෙන එයත් එක්ක කයියකට සෙට් වෙන්න පුළුවන් ‘ඇසූපිරූ තැන් තියෙන’ බාටෙන්ඩර්ලාත් අපට නෑනේ; අනිත් වේටර්ලා වගේ ම ක්‍රිකට් ක්ලබ් ටී ෂර්ට් එකක් ඇඳගත්තු පොඩි කොල්ලෙක් තමයි බාටෙන්ඩර්.

ස්ටාටර් එකට අපි ඉල්ලපු සුප් ඔෆ් ද ඩේ  (රු. 345) එකට හම්බ වුණේ කැරට් සහ කොත්තමල්ලි කොළ සුප් එකක්. මේක හරිම ක්‍රීමි; හැම දේම ගාණට තියෙනවා.

කැප්ටන්ස් කොබ් සැලඩ් (රු. 685) එක නම් හදල තියෙන්නෙ නිකං චෙෆ් කෙනෙක් නෙවෙයි; ආර්ටිස්ට් කෙනෙක්. ඒ තරමට පොඩි පොඩි දේවල් ගැන හිතලා තියෙනවා. ‘චිකන් බේකන්’ කියලා මෙනු එකේ තිබුණ නිසා අපිට මේක ඕඩර් කරද්දි එච්චර ෂුවර් එකක් තිබුණේ නෑ. ඒත් මේකෙ ඇත්තට ම ස්මෝක්ඩ් චිකන් රසක් තමයි තියෙන්නෙ, බේකන් රසකට වඩා. සාමාන්‍යයෙන් චිකන් බේකන් කියල දෙන මළ ජරාව නම් නෙවෙයි.  සැලඩ්  එකේ යටට යද්දි ක්‍රිස්පියට හැපෙන රටකජු/ චිකන් ටෙක්ස්චර් මතුවෙනවා. විනාකිරි ඩ්‍රෙසින් එකත් සැලඩ් එකත් එක්ක මරුවට ම යනවා.

චිකන් ස්පැගටි බොලොග්නීස් (රු. 745) එකේ බොලොග්නීස් එක නම් රසයි; ගොඩක් සැරත් නෑ. ඒත් ඒ තියන ස්පැගටි තොගේ හැටියට සෝස් ප්‍රමාණය නම් මදි. හැබැයි සංගගේ සීෆුඩ් පාස්තා එක නම් මරු. හොඳ ක්‍රීමි ගතියක් වගේ ම සී ෆුඩ් රසත් හොඳට තියනවා.

බාර් එකේ කොනේ වාඩි වෙලා හිටපු සුද්දා ටීවී එකේ යන (පරණ?) මැච් එක බලබලා තාම එයාගෙ බීම වීදුරුව තොලගානවා. එහා මෙසේ වාඩි වෙලා ඉන්න ගෑණු කෙනා එයාගේ ‘දේශනේ’ අස්සේ කෑම පරක්කුයි කියලා වේටර්ට බනිනවා. ඇතුලට යන දොර ළග පොඩි සුදු ගෑණු ළමයෙක් එයාගේ තාත්තත් එක්ක පොඩි වලියක්. මේ ලා කචකචේට මම නම් ආසයි.

ඩෙසර්ට් එකට අපි ගත්තේ අක්රම්ගේ ඇපල් ටර්න්ඕවර් (රු. 345) එක. මේක හදන්න විනාඩි 20ක් යනවා කියලා මෙනු එකේ ම ගහලා තියෙනවා. මේ වෙනකොට අපේ බඩවල් හොඳටම පිරිලා නිසා ටිකක් වෙලා යන එකත් අවුලක් නෑ කියල තමයි අපි හිතුවේ.

ඇත්තට ම මේක නම් විනාඩි 20ක් බලන් ඉන්න වටිනවා. ලා පැණි රසකුත් එක්ක ක්‍රිස්පියට හැපෙන පේස්ට්‍රි එකයි වැනිලා අයිස්ක්‍රීම් එකයි එකට එකතු වුණාම කෙලින්ම හෙවන් එකේ තමයි.‍

සර්විස් එක

සමහර වෙලාවට දෙපාරක් විතර උඩපනින්න වෙනවා වේටර් කෙනෙක්ව ළඟට ගෙන්නගන්න. අපට නම් ඉල්ලසු හැම දේම වගේ වෙලාවට ලැබුණා. ඒත් අපේ එහා මේසේ හිටපු ගෑණු කෙනාට නම් සෑහෙන මළපැනලා තිබුණේ සර්විස් එක පරක්කුයි තියලා. වෙටර්ගේ වැරැද්ද ද එයා උදේ ඇඳෙන් බිමට බැස්ස පැත්තෙ වැරැද්දද කියන්න නම් අපි හරියට ම දන්නෙ නෑ.

අවසාන වශයෙන්

ක්‍රිකට්වලට ආස වුණත් නැතත්, රෑ කෑමකට යන්න මෙතන මරු තැනක්. සාමාන්‍යයෙන් මේ මට්ටමේ තැන් එක්ක බලද්දි ගාණත් ගොඩක් වැඩි නෑ. ක්‍රිකට් පිස්සන්ට නම් මැච් තියෙන දවස්වලට කියාපු තැන.

Address

12, Flower Road, Colombo 07

Directions

It's right next to Yumi Cake.

Contacts

Website

Report Inaccuracy
Similar Places

User Reviews
S
1

1/5

0

Shafraz 1

Worst service ever!
We went and ordered for two very basic dishes which took us 1 hour and 15 mins to find that they had not even plated the dishes. We ultimately walked out (post paying for the drinks with a service charge which weren't worth paying at all)
Only advice… don't even think of going there…. It's an utter waste of time and money.

S
1

1/5

0

Shafraz 1

Worst service ever!
We went and ordered for two very basic dishes which took us 1 hour and 15 mins to find that they had not even plated the dishes. We ultimately walked out (post paying for the drinks with a service charge which weren't worth paying at all)
Only advice… don't even think of going there…. It's an utter waste of time and money.

Avatar for Dinithi
1

5/5

Dinithi YAMU STAFF

Rated 5/5

A
1

5/5

0

Anji Banji

The food is well worth the money and the ambience is great for a meet up with friends :)

Avatar for Insiyah.a
1

4/5

0

Insiyah.a

Nachos are the best :))

B
6

5/5

0

BaileyDar

Their burgers are amazing and they serve them with big fat fries… Definitely should visit again to try more options on the menu.

P
1

5/5

0

Praveena

Great food
Friendly staff
JUST LOVE THIS PLACE

D
1

4/5

0

Dee

Great food for great price…

See 21 Comments