4/5

The Exchange Pub & Restaurant

39 4/1, Canal Row Road, Colombo 01


The first bar in Colombo that allows you to bid on your drinks through a neat mobile application.



ම්...

කිව්වට අප්සෙට් ගන්න එපා යාළු. ඇත්තටම මේ දවස්ටිකේ ලියන්න ඉතුරුවෙලා තියෙන්නෙ ම පබ් ටික විතරයි. මොකද පහුගිය සිදුවීම් එක්ක පබ්වල ගිහින් ගත්ත ෆන් ලියන්න බෑනෙ. හැරත් ඒක හරිත් නෑ. අනික විනෝදජනක දේවල් රසවිඳින්න පුළුවන් කාලයකුත් නෙවේනෙ මේක.

වැඩේ කියන්නෙ ඉතින් කොහොම වුණත් මට මේක ලියන්න ම සිද්ධවෙනව. මොකද මේකත් අලුත් අවුරුදු කටේ තියල සිද්ධ වෙච්ච සිද්ධියක්නෙ.

ඇත්තටම…

එදා මහ අමුතු දවසක්. උදේ ඉඳන් වැඩකරල වැඩකරල හැන්දැ වෙද්දි මොකක්දෝ අමුතු ගැම්මකුත් ඇඟට ඇවිල්ල තිබ්බෙ. හැබැයි ඉතින් තනියම නිසා එච්චර ලොකු සැමරුමකට යන්නත් හිතක් තිබ්බෙ නෑ. ඊටත් සතියෙ මැද්දෙනෙ, කට්ටියට කෝල් කරල වද දෙන්නත් බෑ.

“මොකද කරන්නේ..” කියල කල්පනා කරපු මම නිකමට වගේ ගැහුව හොඳම පිට් එකකට කෝල් එකක්.

“ඒ.. මොකෝ කරන්නෙ?”

“වැඩ බං. ඔපිස් එකේ ඉන්නෙ”

“ආ.. එළ එළ. නෑ මං මේ බැලුවෙ හැන්දැවෙලා මොනවහරි කරනවද කියල”

“හප්පට එළනෙ. කරමු කරමු. කොහෙද? කීයටද? ලොකුවටද පොඩියටද..?”

“හෝ හෝ.. හිටපිය ඉතින්. පොඩියට කරමු බං. උබට පුළුවන්නම් අරූවත් ලයින් කරගෙන ම එන්න. දෙගොල්ලන්ට ම ළඟ නිසා මම බැලුවෙ කොටුවෙ එක්ස්චේන්ජ් පබ් එකට වගේ”

“සුප්පනෙ බ්‍රෝ. එකෙන්ම, එකෙන්ම. ඒනම් මම 5.30 වෙද්දිම එතන ඈ”

ඊට පස්සෙ තමයි මමත් වෙලාව බැලුවෙ. කිරි අප්පට බල්ලො බුරපි කියන්න වෙලාව පහයි කියන්නකො. ඊටත් මම නුගේගොඩ ඉඳන් කොටුවට යන්නත් ඕන. සනික ලට්ටලොට්ට ටික අකුල ගත්ත මම නැග්ග කල්තියා දාගත්තු පික්මි එකට. ආයෙ ඉතින්.. ඩ්‍රයිවර් අයියට විස්තරේ කිව්ව විතරයි…

මගෙ හිතේ විනාඩි පහළොවට විස්සට කොටුවෙ.

“තැන්ක් යු අයියෙ” වීල් එකෙන් පනින ගමන්ම ස්තූති පාරකුත් දාපු මම දුවල ගිහින් කෙළින්ම ලිෆ්ට් එකේ. ඒකෙත් ආයෙ හතරවෙනි තට්ටුවට ම.

“ගුඩ් ඊව්නින් සර්” දොර ඇරෙද්දි ම ආවෙ සුහද පිළිගැනීමක්.

“ගුඩ් ඊව්නින්, ගුඩ් ඊව්නින්. මේ කවුරුහරි ආවද කෙල්ලො දෙන්නෙක් එක්ක එහෙම”

“ම්.. නෑනෙ සර්. සර් තමයි ආපු පළවෙනි කෙනා. අපි දැන් ඕපන් කළා විතරයිනෙ”

“ආ.. ඒක මිසක්. කමක් නෑ, කමක් නෑ ඒනම්. මම රූෆ්ටොප් එකට යන්නං.”

බැලින්නම් අපේ එකා ඇවිත් නෑ.

තිබ්බ කලබලේ පැත්තකින් තියපු මම හෙමින් සැරේ ඔන්න රෑෆ් ටොප් එකට ගැළපුනා. ගැළපිලා ඒකෙත් නිදහස් ම තැනක් අල්ලල සෙට්වුණා. සෙට්වෙලා... හොඳටම අඳුනන කියන සේවක මිත්‍රයටත් එන්න කියල දැම්ම ඕඩරයක් බීර ටවර් එකයි (රු. 2000), සීෆුඩ් නාසි එකයි (රු. 850), පෝක් ඩෙවිල් එකයි (රු. 850).. ටිකක් පරක්කු වෙලා ගේන්න කියල මික්ස් ග්‍රිල් (රු.1790) එකකුයි.

දාලා අනික් පැත්තට ම වගේ මේසෙ නම් රෙඩි. ඒත් කෝ මේ අපේවුන් ටික නෑනෙ. කමක් නෑ ඔන්න ඔහෙ බයිට් එනකම් මම ම වැඩේ පටන් ගන්නව කියල, ළං කළා වීදුරුව හෙමින් සැරේ ටැප් එකට. ළංකරල ඉතින් දන්නැද්ද..

වැඩේ කියන්නෙ.. ඉවට වගේ, ඒ වෙද්දි ම මෙන්න අපේවුන් ටික එතන.

“ආ.. හොරාටම ගහන්න නේ! ඉඳපන් ඉඳපන් අපිත් එනකම්”

ඒ පාර සෙට් එකම දාගත්ත බීර, වීදුරු පිරෙන්න. දාගෙන ඔන්න චියර්ස් පාර, ඔන්න මෙන්න. ටයිමින් නම් ටයිමින් බ්‍රෝ… බයිට් එකත් උණුඋණුවෙන් ම.. මේසෙට.

සුපුරුදු පරිදි මම නම් කටගැස්ම පටන් ගත්තෙ පෝක් කෑල්ලකින්. ලොකු මස් පෙත්ත. හැන්දෙන් එකයි ආයෙ. හැබැයි සෝස් රස.. ටිකක් වැඩියිත් වගේ. ම්ම්..

“සැර මදි වගේ නේ බං”

“ඒකනෙ. නිකම් තායි පැත්තට පොඩ්ඩක් බරයි වගේ”

ඇත්තටම.. අපි බලාපොරොත්තු වුණ තරම් ම කොලිටියක් තිබ්බෙ නෑ. වැඩේ කියන්නෙ ඒකෙ අවුල මොකක්ද කියන්න තේරෙන්නෙත් නෑ. ලීක්ස්, කැරට්, ලූනු, තක්කාලි, මාළු මිරිස්, අමුමිරිස්, ලුණු ගම්මිරිස් එහෙමත් හොඳ හැටි තියෙනව. පෝක් කෑලිත් 10-12කට එහා පැත්තෙ. හොඳට ගැඹුරු තෙලේ බැදලත් එක්ක...

අනේ මංදා!

ඊටත් ඒ සුප්ප කියල ගෙනාපු නාසි එක. අප්පේ.. හිතා ගන්න බෑනේ…! ඒකට නම් මගෙ හිතේ වෙලා තියෙන්නෙ නාසිවලට දාන අඩුම කුඩුම ටිකේ පදම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා. මොකද, එහෙම නැත්නම් බලන්න එපැයි සීෆුඩ් පුරෝල. ඉස්සො, දැල්ලො, මාළු එක්ක බුල්සායි එකකුත් තිබ්බ. ඒකත් නිකම් නෙවෙයි කන කන කටක් ගානෙ මොකෙක් හරි මූදු සතෙක් අහුවෙන ගානට. කීරි සම්බ හාලෙ බතුත් මදි නොකියන්න දාලා, සීෆුඩ් සියල්ලත් ලාවට පෑන් ෆ්‍රයි කරල, ලුණු ගම්මිරිස් එහෙමත් දාලා...

ඒත් බලන්නකො? මොකක්දෝ අවුලක්නෙ.

දෙයියනේ කියල බයිට් පැත්තෙන් ගොඩගිය එකම එක මික්ස් ග්‍රිල් එක. තිබ්බ තඩි පෝක් පෙත්තක්, අල්ලකට වඩා සයිස්. රස පදමට ග්‍රිල් කරල, ලුණු ගම්මිරිස්, දෙහි චුට්ටක් එහෙමත් දාලා, සුපිරිම ඈ.. ඒ විතරක් නෙවෙයි.. දවටල බැදපු චිකන් පෙත්තයි, තෝර මාළු පෙත්තයිත්… ආයෙ කඳුළු පනින රසට හොඳේ. පංකාදු පහයි කියන්නෙ යාළු, ඇත්තටම ඒ වෙලාවෙ හිතාගන්න බැරුව ගියේ අර නාසි එකයි, පෝක් එකයි විතරක් අවුල් ගියේ කොහොමද කියල. එක්කො කුකාලා දෙන්නෙක්වත්ද දන්නෑ. කොහොමහරි මික්ස් ග්‍රිල් එකේ තිබ්බ තඩි ඉස්සො තුන්දෙනාටනෙ පොරේ සෙට්වුණේ. ඇයි ඉතින් අපි හතරයි. ඉස්සො තුනයි. ඒකට මම දුන්න කට්ටියට උත්තරයක්.

“බොලා කාපන් ඉස්සො. මම කනව ජම්බො සොසේජ් එකක්.”

වෙලාවට ඒකෙන් දෙකක් තිබ්බෙ.

අන්තිම හරිය වෙද්දි ඉතින් බයිට් වගේම බීරත් ඉවරයි. හැබැයි අපි කෙළින්. මොකද එහා පැත්තෙ, අර සිටි හොටෙල් එකේ සුප්ප සංගීත පාරක් ඇල්ලුවනෙ. තුන් හතරදෙනා නැටුව නැටිල්ලක්.. කොටින්ම කියනව නම් රෙස්ටුරන්ට් එක වහනකම්ම ඕං…!


TIP

Try the spicy calamari rings.


Similar Places

User Reviews
P
1

1/5

0

pramodya

Restaurant manager is the one who is deciding about all the card offers. He didn't allow us to get Amex card offer which they have mentioned when we were arriving. Also he doesn't know how to treat customers.

P
1

1/5

0

pramodya

Restaurant manager is the one who is deciding about all the card offers. He didn't allow us to get Amex card offer which they have mentioned when we were arriving. Also he doesn't know how to treat customers.

See 1 Comment