4/5

Flamingo Restaurant (Ceylon City Hotel)

11, Upatissa Road, Colombo 4


Flamingo Restaurant (which has been around forever) serves up an interesting mix of cuisines ranging from Arabic, Western, Italian and Sri Lankan.



ගාලු පාර, බම්බලපිටිය හරියෙ, උපතිස්ස පාර කියල තැනක් අහල තියෙනවද? මං හිතන්නේ නෑ වැඩි දෙනෙක් අහල ඇති කියල. බැලු බැල්මට නං මේක නමක් දෙන්න වත් වටින්නේ නැති පොඩි සයිඩ් ලේන් එකක් කියල හිතෙයි. වාහනේකින් හැටට හැටේ යනවනං හැරෙන තැන නොපෙනී පහුකරගෙන යන්නත් ඉඩ තියෙනවා. කොටින්ම කියනව නං මැරින් ඩ්‍රයිව් එක පැත්තෙන් පයින් ආපු අපිටත් පාර වැරදිලා අතරමං වුණා. නා නා විද ගෙවල් එකට තදවෙලා තියෙන එක වගේ පොඩි පාරවල් තමයි මේ හරියේ තියෙන්නේ.

ඒත් මේ අස්සේ උසට උසේ තරු තුනේ සම්මානනීය හෝටලේකුත් කොහොමහරි රිංගල තියෙනවා.

තැන

තැන සිලෝන් සිටි හොටෙල් එක. මේක කොළඹ ගොඩනැගිලි එක්ක බැලුවම වුණත් ටිකක් විතර උසයි. වහලේ ලොකු නියොන් අකුරු නාම පුවරුවකුත් තියෙනවා. හැබැයි ඒක ගාලු පාර මට්ටමේදී පෙන්නේ නැහැ, උපතිස්ස පාරේ මඳ බැවුමකුයි, වටේ අනිත් පොඩි ගොඩනැගිලියි නිසා. හෝටලේ පිටයි, ඇතුළයි බොහොම ලස්සනට, පිරිසිදුවට තියෙනවා. වටපිටාව එක්ක බලනකොට සැබෑ වෙනසක්. නිකං අර හොල්මන් කතාවක අඳුරු පළාතක ගෙවල් පාරවල් මැද්දෙන් නැගී එන එකම ලස්සන ලොකු ගෙදර වගේ. හැබැයි අපි ආවේ මෙහෙ හොල්මන් තත්ත්වය බලන්න නෙමෙයි; අපි බලන්න ආවේ උඩ තට්ටුවේ තියෙන ෆ්ලමින්ගෝ රෙස්ටොරන්ට් එකයි.

ලොබියෙන් ලිෆ්ට් එකට නැගල උඩම තට්ටුවට යන්න. දකුණට හැරෙන්න. රෙස්ටොරන්ට් එක එතනමයි. ඇතුලේ අලංකරණය නං ලංකාවේ හුඟක් අය “පොෂ්” පෙනුමක් කියල හිතං ඉන්න විදිහට සකස් කරලා තියෙන්නේ. ලොකු හතරැස් ලී කෑලි වලින් හදපු පුටු මේස, පන්ති කාමරේකට හුඟක් සමාන පිළිවෙළකට තියෙනවා. ඒ වුණාට හරිම පිරිසිදුයි. අපි ගිය දවල් වරුවේ හරිම නිස්කලංකයි. ලොකු වීදුරු ජනෙල්වලින් හොඳ ස්වාභාවික එළියක් එනවා.

සේවයත් හරි හොඳයි. කට්ටිය මෙනුව හොඳට දැනගෙන හිටිය. හරිම සුහදයි. අපේ කෑම විනාඩි 10කින් විතර ආවා.

බීම

බොන්න අපි සිතල තේ දෙකක් ගත්තා. කුරුඳු අයිස් තේ එක රු350, ලෙමන් සහ මින්ට් අයිස් තේ එක රු.380. මේ දෙක නං සුපිරි. විඩාව නිවාගන්න කියාපු භාණ්ඩ. නියම තේ, නියම කුරුඳු. නියම ලෙමන්, මින්ට්වලින් තමයි හදල තිබුණේ. රස හරියටම හරි.

කෑම

ෆ්ලමින්ගෝ එකේ ටිකක් විතර ලොකු මෙනුවක් තියෙන්නේ. ලාංකීය කෑම වගේම, බටහිර, අරාබි, චීන කෑම වර්ගත් මෙතන තියෙනවා. ඉතින් තෝරන්න ටිකක් වෙලා ගතවෙයි. පිටු ටික පෙරළලා පෙරළලා අපි ඔන්න ඉතින් කිහිපයක් තෝරගත්ත.

බල්සාමික් සමග එන සී ෆුඩ් පැස්ටා එක රු.700. පොඩ්ඩක් වගේ පෙනුණට මෙතන පැස්ටා හොඳ ප්‍රමාණයක් තිබුණා. හරි ගානට තම්බලත් තිබුණ. මේකේ ක්‍රීම්, වට්ටක්කා වගේම නමේ හැටියටම බල්සාමික් විනාකිරි රසත් ආවා. සාමාන්‍යයෙන් සිෆුඩ් කිව්වම හුඟක් තැන්වල දෙන්නේ හාල්මැස්සෝ සයිස් පොඩි මාළු කෑලි. ඒත් මේකේ ලොකු ඉස්සෝ, ලොකු දැල්ලෝ කෑලි, ලොකු මාළු කෑලි හොඳට දාල ආව. ඒවත් හොඳ අලුත් මාළු කියල රසෙන් තේරෙනවා.

නාසි ගුරාන් එකකුත් අපි රු 800ට ගත්ත. නාසි බත් එකනං මට සුපිරියටම නැගල ගියේ නැහැ. ඒත් නරක නැහැ; බඩ පිරෙන්න කන්න පුළුවන්. බත් එකටත් වැඩිය හොඳට හදල තිබුණේ උඩින් දාපු බිත්තරේ. ඔම්ලට් එක රබර් කරලා නැහැ. කහ මදේ දියාරුවට තියල, සුදු මදේ ගානට බැදිලා ආපු හොඳ ඔම්ලට් එකක්.

මෙනුවේ සිංගප්පුරු කකුළුවෝ රු 700 තියෙනවා දැක්කම අපි ටිකක් පුදුම වුණා. මොකද කකුළුවා සාමාන්‍යයෙන් ඔයිටත් වඩා අහස උසට ගණන් යන කෑමක් නේ. අරං බැලුවම හැබැයි ඔක්කොටම වඩා හොඳට ඇවිල්ල තිබුණේ ඒක. මටනං කකුළු මස එච්චර අල්ලන්නේ නැහැ. ඒත් සාරා කිව්ව හැටියට රසට මෙලෙක්වට මස තිබුණ. හොඳට මස් තිබුණ කියලත් කිව්වා. නියමෙට ගැළපුණ පැණි රස මිරිස් සෝස් එකක තමයි කකුළුවා ආවේ. කකුළු මස් කන්න ඕනේ නං මෙතනට ඇවිල්ල බලන්න.

අවසානයෙන්

වටපිටාවට රැවටෙන්නෙ නැතුව මෙහෙට වෙලාවක ඇවිත් යන්න. හොඳ, ගානට වටින, වැදගත් තැනක් විදියට තමයි අපිට ෆ්ලමින්ගෝ රෙස්ටොරන්ට් එක තේරුණේ. නිස්කලංක කෑමකට හොඳ තැනක්.


TIP

Try the Singaporean Crab.

Address

11, Upatissa Road, Colombo 4

Directions

It's right down Upatissa Road, on the right hand side of Galle Road.

Contacts

E-Mail Facebook

Report Inaccuracy
User Reviews
S
1

4/5

0

Safra Junaid Rahman

Great place to Chill with friends. The ambience is good, food was alright, and reasonable prices. I liked the Seafood Pasta, and the Tom Yam Soup. The Hot Butter Cuttlefish could be cut up smaller, and more crisper, with less oil. The service is commendable. Staff considerate and kind. The Food did not take long to arrive. Would recommend for relaxing. The portions are moderate, but two can sample. Would like to return.

Z
1

5/5

0

Zava M

Good location. Good food

S
1

4/5

0

Safra Junaid Rahman

Great place to Chill with friends. The ambience is good, food was alright, and reasonable prices. I liked the Seafood Pasta, and the Tom Yam Soup. The Hot Butter Cuttlefish could be cut up smaller, and more crisper, with less oil. The service is commendable. Staff considerate and kind. The Food did not take long to arrive. Would recommend for relaxing. The portions are moderate, but two can sample. Would like to return.

Z
1

5/5

0

Zava M

Good location. Good food

See 3 Comments