Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

The Flavours by Doc

No. 100 Thalawathugoda Road, Sri Jayawardenepura Kotte


Delicious real Indian food to taste at a peaceful small comfortable dining area



දන්නවනෙ ඉතින් අපේ විශ්වි තැනක් හොයාගත්තොත්..

ආයෙ කතා දෙකක් නෑ, නොම්මර එකයි!

මේ තියෙන්නෙත් එලෙසින්ම සෙට්වෙච්ච ඒ වගේම තැනක් තමයි. වැඩේ වුනේ විසිට් එක දාන්න පොඩ්ඩක් පරක්කු වුනා.

ඇත්තටම මෙතනට යන්න විශ්වි මට කතාකලේ ගිය සතියෙ. ඒත් කොහෙද.. මගේ තිබ්බ අඩියක් ගැසීමේ සිතුවිල්ල නිසා ඒක පොඩ්ඩක් පරක්කු වුනානෙ. හැබැයි ඉතින් එහෙමයි කියල අපි වැඩේ අල්ලල දැම්මෙ නෑ. ගියා මේ සතියෙ.

ම්.. පළවෙනිම කාරණය තමයි ගූගල් සර්ච් කලාම එන මෙයාලගෙ ලොකේෂන් එක. අනේ ඒක එහෙම පිටින්ම වැරදියි යාළු. ඒ නිසා හොදම වැඩේ කෝල් කරලා, හරියට තැන අහගෙන යන එක. මොකද අපිත් ගියේ එහෙමයි.

ඉතින්.. එහෙම ගිහිල්ලා, පිටකෝට්ටෙ-තලවතුගොඩ පාරෙ පිටකෝට්ටෙට ගොඩක් කිට්ටුවෙන් තියෙන ‘චන්දිමාල්ස්’ එක ලගින් බැහැලා වටපිට බලද්දි, මේ තියෙන්නෙ උසට උසේ බිල්ඩිම. ඒ මදිවට එළියෙන් ටේක්අවේ එකකුත්.

හරිනෙ එච්චරයිනෙ වෙන්න ඕන. දෙන්නා හාවක් හූවක් නැතුවම ගොඩවුනා ඩයිනින්ග් එකට. ගොඩවෙලා.. එතන ඉදපු සේවක මහත්තයෙක්ටත් කතාකරලා ඉල්ල ගත්තා මෙනුව. ඒ අතරට ඉතින් එයා පිගන් කෝප්ප, වතුර විදුරු අඩුම කුඩම ගෙනැල්ලා මේසෙ හැදුවා. හදල ඉවර වෙද්දිම ඔන්න අපෙන්.. ඕඩරේ. ස්පෂෙල් බිරියානි එකයි (රු. 750), මට්න් රෝගන් ජෝෂ් එකයි (රු. 900), බටර් නාන් එකයි (රු. 150), ගාලික් නාන් එකයි (රු. 150), බීමට මසාලා චායි එකයි.

ඕඩරේ දාලා ඉතින් අපි පොඩි කයියකට සෙට්වුනා. මොකද.. අපි හිතුවෙම කෑම එන්න වෙලා යයි කියල.

අනේ කිව්වට, එහෙම එකක් නෑ යාළු. ඔය ආවෙ විනාඩි 10ට මට්න් එකයි නාන් ටිකයි මේසෙට.

හප්පා.. ආවට පස්සෙ නම්, නෝ කතා.. දෙන්න ෆුල් ගේමෙ. මුලින්ම කියන්න ඕන, මෙයාලගෙ පෝෂන්වල සයිස් එක ටිකක් පොඩියි. හැබැයී රසයි, තියෙන මස් ප්‍රමාණයයි ගත්තාම නම්.. පංකාදු පහයි. ඔව් යාළු පොඩි තාච්චිය වුනාට ඒකෙ හොදහැටි තුනපහ, මසාලා රස අල්ලපු නොම්මර එකේ මස්කෑලි 4, 5ක්ම. ඊටත් ඒකට ගම්මිරිස්, කුළුබඩු අඩුම කුඩුමත් මදි නොකියන්න දාලා, කිරෙන් හින්දලා අරගෙන නිසා..

නාන් කෑල්ලක් එක්ක හැපෙනකොට නිකම් කට පිස්සු වැටෙනව.

මොකද නාන් දෙකත් මල් හතයිනෙ.. 

බටර් නාන් එක අතට ගන්නකොටත් උණු වෙච්ච බටර් බේරෙනව. හිතන්නකො ඉතින් ඒකත් එක්ක අර මට්න්..

අනිත් එක ගාලික් නාන්.. ටොප් කියන්නේ වචන නෑ.. හීනියට ලියපු සුදුළූණු කෑලි ඇති පදමට දාලා හදපු නාන් එකක් ඒක. ඉතින් සුදුළූණූ රසයි හොද්දෙ ගම්මිරිස් සැරයි එක්ක ගැලපෙද්දී..

ඔක්කොමත් හරි නාන් දෙකට වැඩේ දීලා ඉවර වෙද්දිම වගේ මේසෙට ආපු බිරියානිය. හප්පා.. ඒක නම් පොඩි නෑ යාළු. දෙන්නෙක්ට බඩ පැලෙන්න තියෙනව. පොඩි රෝස්ට් චිකන් කෑලි 4කුත් එක්ක. රස හොද්දයි, මීකිරි සම්බෝලයයි. බතත් බාස්මතී හාලෙන්. නිකම්මත් නෙවෙයි ඒකට බිරියානි මික්ස්, රම්පෙ කරපිංච, එක්ක චිකන් කෑලිත් දාලා නිකම් ස්ටොක් එකෙන් තම්බලා වගේ. ම්.. හැබැයි පොඩි දෙයකුත් කියන්න ඕන, එච්චර අඩුම කුඩුම දාලාත් ඒකෙ රස පොඩ්ඩක් මදි වගේ කියල දෙන්නටම හිතුණනෙ..

ඒකට කාරි නෑ.. අන්තිමට මේසෙට ආපු මසාලා චායි එකෙන් ඔක්කොම බැලන්ස් වුනානෙ. ඇත්තටම ඒ මසාලා චායි එකත් නොම්මර එකයි. ම්.. පොඩ්ඩක් සීනි අඩුවෙලා තව ෆ්‍රෙෂ් එනසාල්, කරාබු ටිකක් එකතු වුනානම්..!


TIP

Try Mutton


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment