Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

The Floor by O!

#142/2/1, Cresents Street , Colombo 07


The Floor By O! has been around for a while now, we've been there before and we find ourselves going back more. With very reasonable prices, competent staff and good music, they seem to know what they're doing.



විවෘත කිරීමට පෙර

සති අන්තයේ කොළඹ වටේ අලුත් තැන් සොයා යද්දී අපි තුරගතරගපිටියට පසුගිය සෙනසුරාදා ගොඩවැදුණා. එහි මැක්ඩොනල්ඩ් අවන්හල ඇරලා නොතිබුණ නසා අපි පයින්ම ගියා අසල ඇති CH & FC ක්‍රීඩාසමාජ බිමේ විවෘත කර ඇති Floor by O! වෙත. CH ඕ එකට පිවිසීමට තරමක් උස පඩි පෙළවල් දෙකක් නැගීමට සිදුවෙනවා. ඊට වඩා හොඳයි ඔබ විදුලි සෝපානය පාවිච්චි කරනඑක. දෙවන තට්ටුවේ තිබෙන්නේ සරල, කලාත්මකව අලංකරණය කරන ලද ‍බිමක්. එහි යන කෙනෙකුට "මා ඉන්නේ කුඩා ළමුන් පිහිනන්න පුරුදු වන CH තටාකයේ දැ" යි සිතෙනවා නොඅනුමානයි. මේ මහලට පිටුපසින් කොළඹ ක්‍රිකට් සමාජයේ පිටියත් ඉදිරිපසින් ශාන්ත බ්‍රිජට් ප්‍රාථමික පාසලත් පෙනෙනවා.

බාර්එක L අකුරේ හැඩැති නිසා සේවාවන් ලබාගන්න ටිකක් වැඩි වෙලාවක් යාවිය කියලා අපට හිතුනා. මෙහි තේමාව පැරණි සංගීතය හා ඩිස්කෝ සාද. බිත්ති හා මෙනුපත්වල දිලිසෙන ලෝහමය සැරසිලි යොදාගෙන තියෙනවා. මෙනුවේ නම් අතර With or Without You, Like a Virgin සහ Light My Fire වගේ පැරණි ගීත අපට දක්නට ලැබුනා.

'ද බෲවරි'හි දැක පුරුදු මිත්‍රශීලී වේටර්වරුන් කීපදෙනෙකුත් අපට හමු වුනා. ඔවුන් අපට කීවා උත්සවාකාරයෙන් 10දා එය විවෘත වනබව. අපේ පබ්ලෝලියා ඒ පිළිබඳ ලිව්වේ මෙහෙමයි: ඉන්දිගේ සටහනක්: බාර්එක තවමත් නිලවශයෙන් විවෘතවෙලා නැහැ. ඒ නිසා මෙය පූර්ව අත්හදාබැලීමක්‍ ලෙස සලකන්න. මෙය චඩ් හොස්පිටල්හි O! Bar එකට ආදේශකයක්. තවමත් කොළඹ හොඳම බාර්එක වන ඕ!බාර් පිහිටා තිබෙන්නේ වැඩිපුර ජනතාවක් ජීවත් වන දකුණුදිග ප්‍රදේශවලට දුරින්. ඡායාරූප වෙනුවෙන් මලින්ත සමරකෝන්ට ස්තුතියි.

සාමාන්‍ය දිනක

The Floorහි විවෘත කිරීම ගැන ශෘති ලිපියක් ගොනු කළා. විවෘත කිරීමෙන් පසු කීප වරක්ම එහි ගිය නිසා අපට හිතුනා මෙම ලිපියත් සංශෝධනය කරන්න. ඔවුන්ගේ මද්‍යසාර ගැන කියන්න තියෙන්නේ "අති විශිෂ්ටයි" කියල තමයි. ලංකාවේ යේගමයිස්ටර් (Jägermeister) හා ඇපල් සයිඩර් (Somersby) තිබෙන බාර් අතලොස්සකින් එකක්.

රෑ බෝවේගෙන එද්දි ඇතුලත මිනිසුන්ගෙන් පිරී තෙරපී යනව. එලිමහන් බැල්කනිය නම් හොඳයි, ඒත් එහිදී සේවාවන් ලබා ගැනීමට ගතවෙන්නේ කල්පයකට ටිකක් අඩු කාලයක්. නමුත් අපිට තිබුන ලොකුම අවුල වුනේ එතන වාදනය කරන්න පටන් ගත්ත සංගීත කණ්ඩායම. සංගීතය කෙසේ වෙතත් ශබ්දයනම් කං අඩි පුපුරන තරම්. යාළුවොත් එක්ක කතාබහ කර කර හොඳ රාත්‍රියක් ගතකරන්න අදහසක් එහෙම තියෙනවා නම් මෙහි යන්න එපා.

TIP

If you're looking for a cool beer on a warm day, they serve liquor from 11.00 AM - 2.00 PM during the lunch service as well. Also they offer 25% off for office ID card holders.

Address

#142/2/1, Cresents Street , Colombo 07

Directions

Coming down Maitland Crescent, on your left, adjoining the Colombo Cricket Club.

Contacts

Facebook

Report Inaccuracy

Open 11.00 AM - 12.00 midnight

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Cuttlefish

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
N
1

1/5

0

naavee

Yep. What Anjalee said.

N
1

1/5

0

naavee

Yep. What Anjalee said.

See 19 Comments