Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

The Food Station

123 & 127 Vinyalankara Mawatha, Dean's Road Colombo 10 Colombo, Sri Lanka


The Food Station at Dean's Road is a collection of foodstalls complete with a dining space. They're open 7 days a week and they're getting really popular.



ඔන්න අපේ සාරා පහුගිය දවසක ෆුඩ් ස්ටේෂන් එකට යන්න ලෑස්ති වුණා. මේක මරදාන විනයාලංකාර පාරේ තියෙන තැනක්. හරියට ම කිව්වොත් ඕපන් ෆුඩ් කෝට් එකක් වගේ එකක්. එහෙට කෝල් එකක් දීලා, කෑම කඩවල් ටික ඇරලා කියලා ෂුවර් කරගත්ත සාරා ඔෆිස් එකෙන් පිටවුණේ හවස දෙකට විතර. විනාඩි 20ක් යන්න ඇති. මෙන්න බොලේ ගිය පයින් ම ආයේ එයා ඔෆිස් එකට ආවා. නිකනුත් නෙවෙයි, හොඳටෝ ම දෙස් දෙවොල් තිය තිය. බැලින්නම් එක කෑම කඩයක් විතරලු ඇරලා තියෙන්නේ. නිකන් එයාට රස්තියාදු වෙන්න වුණු නිසා තමයි මේ කේන්තිය.

කොහොමින් කොහොමහරි ගිය සුමානේ වෙද්දී සාරාගේ තරහ පොඩ්ඩක් නිවිලා ගිහින්. ඒ නිසා එයා ආයෙත් ෆුඩ් ස්ටේෂන් එකට යන්න සූදානම් වුණා. හවස හතරට විතර ඔය ගමනට සාරා පිටවෙද්දී මාත් හිටියේ අලි බඩගින්නේ. බඩටත් මොනවහරි දාගෙන ඒ පයින් ම ගෙදර යන්න පුළුවන් කියලා හිතුණු නිසා ම, මාත් එයා යන ඌබර් එකේ එල්ලුණා.  

තැන සහ වාතාවරණය  

ටැක්සියෙන් බහිනකොට ම අපට පෙනුණේ හිස් වෙච්ච ෆුඩ් ස්ටේෂන් එක. සාරා ලොකූ හුස්මක් හෙලුවේ “අදත් වැඩේ ඉවරයි" කියලා කියන්න වගේ. ඒ වුණාට ඔන්න ඔහේ දැන් ආව එකේ තියෙන දෙයක් කාලා යනවා කියලා හිතාගත්තු අපි දෙන්නා ඇතුළට ගිහින් වටපිට බැලුවා. වැඩේ කියන්නේ සෙනඟ නැති වුණාට එතැන තියෙන කෑම කඩ ගොඩක් ඒවා ඇරලා! වහලා තිබුණේ බත් කඩේ විතරයි.

මෙතැන එම්සී එකේ, ක්‍රෙස්කැට් එකේ වගේ කෑම කඩ ගොඩක් නැහැ. කීපයක් තියෙනවා. Snow Monkey, Meringue, The Waffle Inc. ඒ අතරින් දෙක තුනක් විතරයි. ප්ලාස්ටික් පුටු මේස ටිකක් දාලා තියෙනවා කට්ටියට වාඩිවෙන්න.

කෑම බීම

එක තැනකින් විතරක් කෑම අරගෙන මේ වැඩේ කරන්න අමාරු නිසා, අපි හිතුවා මෙහෙ තියෙන කෑම කඩ දෙක තුනක ම ඒවා ට්‍රයි කරන්න. සාරා Snow Monkey එකෙන් “සවර් කැන්ඩි” එකකුයි, “මික්ස්ඩ් මෑඩ්නස්” එකකුයි ගත්ත අතරේ (එකක් රු.200) මම Meringue එකෙන් “චොකලට් ගනාචේ” (රු.230) එකක් ඕඩර් කළා. පැත්තක තිබුණු The Waffle Inc එක දිහාට අපේ ඇහැ ගියෙත් ඒ වෙලාවේ. එකෙන් අපි “ග්‍රිල්ඩ් චිකන් වොෆල්" (රු.300) එකකුයි, කුකී ක්‍රන්ච් වොෆල්” (රු.250) එකකුයි අරගත්තා.

Snow Monkey එකේ ඔරිජිනල් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ කොල්ලුපිටියේ ඇන්තනීස් පාරේ. අයිස්වලට ෆ්ලෙවර්ස් දාලා දෙන මේ ස්නෝ කප්ස් රස්නේ දවසට කියාපු බීම. අයිස් කැට පිටින් හපන්න පුළුවන් වගේ ම, අයිස් දියවෙන්න ඇරලා බීමක් විදියට බොන්නත් මේක මරු. අපි ගත්ත සවර් කැන්ඩි එක හදලා තියෙන්නේ බ්ලැක් කරන්ට් සහ ලෙමන් ෆ්ලෙවර්ස් දාලා. ඔය රතු පාටට තියෙන්නේ ඒක. අපි හිතපු තරම් ඇඹුල් රසක් මේකෙන් නාවත්, හොඳ රසක් තිබුණා. අනිත් එක තමයි මික්ස්ඩ් මෑඩ්නස් එක. මේකේ තිබුණු තද පැෂන් ෆෘට් රස අපට නියමෙට අල්ලලා ගියා. ලෙමන් රසත් එක්ක එකතුවෙලා එද්දී තවත් නියමයි. රුපියල් 200ට තඩි කප් එකක් ලැබෙන නිසා ඒ ගාණට කිසිම පාඩුවක් නැහැ.

හප්පටසිරි! කනවනම් ඔන්න වොෆල්! අපි ගත්ත ග්‍රිල්ඩ් චිකන් වොෆල් එකේ තිබුණු චිකන් තොගේ දැක්ක ම පිස්සු හැදෙනවා. ඒකෙ රසත් ඒ වගේ ම තමයි. චිකන් එක හරි ම රසට හදලා තිබුණා. වොෆල් එකත් ගානට තුනී ගතිය. ඒ වුණාට මාර ක්‍රිස්පි. ඕනේ නම් මේක තව ස්පයිසි කරලත් ගන්න ඇහැකි.

කුකී ක්‍රන්ච් වොෆල් එකත් මේකට දෙවැනි නැහැ. තඩි අයිස්ක්‍රීම් ස්කූප් දෙකක් උඩ චොකලට් චිප් බිස්කට් දෙකක් ගහලනේ එන්නේ. පැණි රස කන්න කැමති උදවියට කියාපු වොෆල් එකක් තමයි මේ.

සේරමත් හරි, චොකලට් ගනාචේ එකෙන් අපට වැඩේ එපා වුණා. මේකේ චොකලට් රස හොඳට තිබුණා. සීනි රසත් ගානට. ඒ වුණාට කේක් කෑල්ල හරි ම තදයි. හරියට නිකන් පරණ කේක් කෑල්ලක් වගේ. රස බලන්න ඕනේ නිසා කටක් දෙකක් කෑව අපි දෙන්නා ඒක පැත්තකට දැම්මේ ආයේ ඕනේ නෑ කියලා හිතාගෙන.

සර්විස් එක

මෙතැන ගොඩක් දුරට තියෙන්නේ සෙල්ෆ් සර්විස් (හැබැයි වොෆල් ඉන්ක් එකේ අය නම් කෑම ටික මේසෙට ම ගෙනල්ලා දුන්නා). කොහොම වුණත් කඩවල් ටිකේ ඉන්න හැමෝම හොඳට හිනාවෙලා කතා කරනවා.

අවසාන වශයෙන්

කතාව ඉවර කරන්න කලින් මේකත් මතක් කරන්න ඕනේ. ෆුඩ් ස්ටේෂන් එකේ තියෙන හැම කෑමක් ම රුපියල් 400ට අඩුයි. ඒ නිසා බජට් එකකට ලිමිට් වෙලා කන අයට මේක හොඳ විකල්පයක්. අනික් කාරණේ තමයි මෙතැන තියෙන වොෆල් ඉන්ක් එකේ තියෙනවලු වොෆල් කොත්තුවකුත්. මේ පැත්තට ගියොත් එකේ රසත් බලලා අපටත් කියන්නකෝ එහෙනම් හොඳේ.

Address

123 & 127 Vinyalankara Mawatha, Dean's Road Colombo 10 Colombo, Sri Lanka

Directions

It's on the left right as you turn into Vinyalankara Mawatha.

Contacts

Facebook E-Mail

Report Inaccuracy

Open until 10:30 PM

Cuisine

Western Sri Lankan Street Food Fast Food

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Burgers Waffles

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
T
4

5/5

0

The trippin' Forks

WAFFLES♥️ The tastiest ever tasted @thewaffleinc 🙌 • We tried their very own signature dish, the waffle Kottu 😍. Really tasty and very flavourful. We tried two dishes: one being the beef waffle Kottu and the other, the shrimp one ♥️ both were Rs. 450 each and so much worth because it's really tasty and filling ✨ • We also had two sweet waffles - one chocolate and the other cookie crunch. The heat of the waffle and the chilled icecreàm was a really nice feeling for the taste buds 😍 • A SHOULD - GO to place ♥️

T
4

5/5

0

The trippin' Forks

WAFFLES♥️ The tastiest ever tasted @thewaffleinc 🙌 • We tried their very own signature dish, the waffle Kottu 😍. Really tasty and very flavourful. We tried two dishes: one being the beef waffle Kottu and the other, the shrimp one ♥️ both were Rs. 450 each and so much worth because it's really tasty and filling ✨ • We also had two sweet waffles - one chocolate and the other cookie crunch. The heat of the waffle and the chilled icecreàm was a really nice feeling for the taste buds 😍 • A SHOULD - GO to place ♥️

See 2 Comments