Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

The Gourmet Station (Kingsbury Serviced Apartments)

No 1, Bagatalle Road, Colombo 3, Sri Lanka - Galle Main Road, Colombo 03


The Gourmet Station at the Kingsbury Serviced Apartments is a two-by-four snack bar that serves sweet and savoury nibbles for those who want to grab a bite before they go.



කිංග්ස්බරි කියන්නේ ලංකාවේ තරු පහේ හොටෙල් අතරින් එකක්. මෑතකදී මේ කට්ටිය කොල්ලුපිටියේ ඉඳන් අලුත් වැඩකට අත ගැහුවා. ඒ කිංග්ස්බරි එකෙන් ම හසුරවන සුඛෝපභෝගී නවාතැන් (Luxury Serviced Apartments) සෙට් එකක්. හැබැයි නවාතැන් විතරක් නෙවෙයි, හරි අපූරු බාර් එකකුයි, කැෆේ එකකුයි මේ බිල්ඩිමේ තියෙනවා. ඉතින් කිනිටා බාර් එක බලන්න ගිය අතරේ, සාරායි මායි ගියේ කැෆේ එක පැත්තේ ගියා.

තැන සහ වාතාවරණය

Gourmet Station එක තියෙන්නේ කොල්ලුපිටියේ ගාලු පාර අද්දරමයි. හරියට ම කිව්වොත් ඩර්ඩන්ස් හොස්පිටල් එකට හැරෙන පාරට පොඩ්ඩක් මෙහා පැත්තේ. Kingsbury Serviced Apartments තියෙන්නේ මේකේ උඩ තට්ටුවේ.

මේ කැෆේ එක ඇතුළේ ලොකු ඉඩකඩක් නැහැ. බිත්තියට ම අල්ලපු මේසෙකට දාපු පුටු පේළියකුයි, සුවපහසුවට වාඩිවෙලා ඉන්න පුළුවන් පුටු මේස දෙකකුයි දාලා තියෙනවා. ඒසීත් තියෙන නිසා රස්නයක් ඇත්තෙත් නැහැ.

කෑම බීම

ෂෝර්ට් ඊට්ස්, කේක්, පීසා වර්ග කීපයක් ම Gourmet Station එකේ තියෙනවා. බීම වර්ග විදියට තියෙන්නේ කෝපි තේ වගේ දේවල්.

අපි මුලින් ම රස බැලුවේ මට්න් රෝල් (රු.110) එකක්. විශ්වාස කරන්න මහත්තයෝ මට්න් රෝල්වලට ම සුප්‍රසිද්ධ නිපොන් හෝටලයෙන්වත් කන්න ලැබුණේ නැහැ මේ වගේ රස එකක්. කරස් ගාලා හැපෙන දවටනය බැදලා තිබුණේ පාන් කුඩුවලින්. ඒ නිසාමයි මේක ගොඩක් ක්‍රිස්පි. ඇතුළේ පුරවලා තිබුණු මට්න් ෆිලින් එකත් ගොඩක් රසයි. හරි ම ෆ්‍රෙෂ්. නියම පදමට මිරිස්, ලුණු, පහේ පදමත් ගළපලා. අනික රුපියල් 110කට තඩි රෝල් එකක් හම්බෙනවනේ.

ගත්ත මෝඩකමට කෑවා මිසක් චිකන් ස්ප්‍රින් රෝල් (රු.110) එකේ නම් මේ ලෝකේ රසක් නැහැ. තනිකර තෙල් ගොඩක්. කෑලිවලට කඩනකොට තෙල් බිංදු වැටෙන සයිස්. ඇතුළේ ෆිලින් එකත් අමු ප්‍රෝඩාව. තනිකර කැරටුයි, ලීක්සුයි. පොඩි ම පොඩි චිකන් කෑල්ලක් හම්බුණා ස්ප්‍රින් රෝල් එකේ අග හරියේ තිබිලා. හරි ම අපරාදයක් මේක නම්.

අපි ගත්ත රෙඩ් වෙල්වට් කේක් (රු.310) කෑල්ල තද රතු පාටයි. දැක්ක ගමන් කන්න හිතෙන තරම් ලස්සන පාටක්. හැබැයි මේක වෙල්වට් රතු පාට නම් නෙවෙයි. ටිකක් වේලුණු ගතියක් තිබුණත් මේ කේක් එක ශේප්. ඒත් මේකේ උඩයි, මැද ලේයර් එකෙයි දාලා තිබුණු අයිසින් එකේ පැණි රස වැඩි ගතිය සෑහෙන්න අවුල්. ඒ වගේ ම ඒ අයිසින් එකේ කිසිම ක්‍රීමි ගතියකුත් නැහැ. දුන්නු ගාණ ගැන හිතලා බැලුව ම නම්, මේක ගැන සතුටු වෙන්න අමාරුයි.

චිකන් ස්ප්‍රින් රෝල් එකෙනුයි, රෙඩ් වෙල්වට් කේක් එකෙනුයි හිත අමාරු කරගත්ත අපි ඊළඟට බැලුවේ චොකලට් චිප් කේක් (රු.310) කෑල්ලක්. ෂහ්! හිතේ දුක කොහේ ගියාද නැහැ. මේක නම් පංකාදු පහයි. චොකලට් චිප්, රටඉඳිවලින් හැදුණු මේ කේක් එකේ උඩින් ම තියෙන චොකලට් අයිසින් ලේයර් එක තමයි පට්ට. චොකලට් තවරපු පැණි කජු කෑලි දෙක තුනකුත් කේක් කෑල්ල උඩින් තියලා තිබුණා. ඒ විතරක්යැ, වටේ තිබුණු චොකලට් දැවටිච්ච ක්‍රිස්පි බෝලවලින් මේකේ රස තවත් දෙගුණ තෙගුණ වෙනවා. අනික දෙන්නෙක්ට හරි යන සයිස් එකට මේ කේක් කෑල්ල ලොකුයිනේ.

බීම වර්ග විදියට අපි ගත්තේ කැපුචිනෝ (රු.700) එකකුයි, අයිස් කොෆි (රු.300) එකකුයි. කැපුචිනෝ එකේ කියන්න තරම් වරදක් නැහැ. හැබැයි ලොකු රසකුත් නැහැ. කෝපි රස සාමාන්‍ය තරමට තිබුණා. දුඹුරු සීනි තේ හැඳි දෙකක් දාගත්තම ශේප් එකේ බීගෙන යන්න පුළුවන්. අයිස් කොෆී එක නම් ඔය මැෂින් එකෙන් හදලා දෙන එක. ලොකු අවුලක් නැහැ.

සර්විස් එක

සේවක මිත්‍රයෝ මිත්‍රශීලී වුණත්, ඕඩර් කරපු කෑම විටින් විට එයාලට මතක් කරන්න අපට සිද්ධ වුණා. අපේ බිලත් ලැබුණේ වැරදියට. ලොකු ගාණක් දාලා. කාලෙත් එක්ක මේවා දියුණු වෙනවනම් තමයි හොඳ.

අවසාන වශයෙන්

“කිංග්ස්බරි” කියන නම නිසා ම මේ පැත්තේ යන්න එපා කියලයි අපි නම් කියන්නේ. හැබැයි නිකමට හරි මෙහෙට ගියොත්, අර මට්න් රෝල් එකේ රස බලන්න අමතක කරන්න එපා හොඳද.


TIP

Try their mutton rolls.

Address

No 1, Bagatalle Road, Colombo 3, Sri Lanka - Galle Main Road, Colombo 03

Directions

It's a part of the shopping boulevard amidst the Nike/Body Shop boutiques.

Contacts

Website

Report Inaccuracy

This place has closed down

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sweets Vegetarian Cookies Cakes Cupcakes Doughnuts Coffee Iced Coffee Tea Bites

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments