Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

The Grill By Doctor's Kitchen

16 Flower Rd, Colombo 07


Arguably the best grill in CMB.



ආයේ ඉතින් කතා දෙකක් නෑ, මේ තාක් කාලෙකට අපි ගිහින් තියෙන හොඳම ග්‍රිල් එක තමයි The Grill By Doctor's Kitchen. ආරංචියේ හැටියට මේක කරන්නේ දොස්තර මහත්තුරු නෝනලා කට්ටියක්. පිහිටලා තියෙන්නේ කොළඹ 7, ෆ්ලවර් රෝඩ් එකේ. 

තැන සහ වාතාවරණය 

House of Wines එක එහාපැත්තෙ තමයි The Grill By Doctor's Kitchen එක තියෙන්නේ. ග්‍රැෆිටි ආට්වලින් හැඩ වුණු කළු-රතු පාටවලින් යන තීම් එකක් මෙතැනදී දැකගන්න ලැබෙනවා. බොහොම සිම්පල්. හැබැයි අමුතු ම විදියේ අන්ඩර්ග්‍රවුන්ඩ් ස්ටයිල් එකේ වයිබ් එකක් එනවා.

කෑම බීම 

අපට සාමාන්‍යයෙන් කන්න ලැබෙන මස් මාළු වර්ග ඕනෙම ජාතියක් මේ කට්ටියගේ මෙනුවේ තියෙනවා. චිකන්, බීෆ්, පෝක්, සොසේජස්, ලෑම්බ්, ඉස්සෝ, දැල්ලෝ, තෝර මාළු ආදී සේරම ජාති කටට රසට ග්‍රිල් කරලා මෙතනින් ගන්න ඇහැකි.

අපි මුලින් ම ට්‍රයි කළේ ලෑම්බ් චොප් (රු. 1740, 225g). ඒක පිළිගැන්වුණේ මෑෂ්ඩ් පොටටෝ, සහ කොච්චි, මේයෝ හර්බ් කියන ඩිපින් සෝස් වර්ග දෙකත් එක්ක.

ඇත්තමයි පංකාදු පහට හදපු ලෑම්බ් චොප් එක. පිට පැත්තෙන් පොඩ්ඩක් තද ටෙක්ස්චර් එකක් තිබුණා. හැබැයි ඇතුල්පැත්තෙන් මාර ම සොෆ්ට් සහ ජුයිසි. අනික ස්පයිසස්, හර්බ්ස් හොඳට දාලා මැරිනෙට් කරලා. ඒවායේ රසයි, මස්වල රසයි දෙකම හොඳ ගානට බැලන්ස් වෙලා එනවා. 

මෑෂ්ඩ් පොටටෝ එකත් අනිවාර්යෙන් ම කාලා බලන්න ඕනේ අයිටම් එකක්. චීසි, ක්‍රීමි, බටරි ගතිය හොඳට ම තිබුණා මේකේ.

මේ තියෙන්නේ රිබ්ස් ප්ලැටර් (රු. 3250) එකයි, පෝක් චොප්ස් (රු. 950) දෙකයි. 

රිබ්ස් ප්ලැටර් එකට එන්නේ මීඩියම් සයිස්  රිබ්ස් රැක් එකකුයි, චිකන් ලෙග්ස් දෙකයි, කොච්චි සොසේජස් දෙකයි, පොටටෝ සැලඩ් එකයි, අර කලින් දුන්න ජාතියේම ඩිපින් සෝස් දෙකකුයි. 

ස්වීට් රහට තියෙන BBQ සෝස් යහමින් තවරලා තිබුණු රිබ්ස් රැක් හෙන ම ස්ටිකි. ඒ වගේ ම හරි ම රසයි. මොකද මේගොල්ලෝ ස්මෝක් කරලා තමයි ග්‍රිල් කරන්නේ. ඒ නිසා මස්වලට හොඳ සොෆ්ට් ගතියක් ඇවිල්ල තිබුණා. ග්‍රිල් එකත් ගානට දීලා නිසා පිට පැත්තෙන් මස් ටික ටොප් ලෙවල් එකට කැරමලයිස් වෙලා. බෝන් එකෙන් ලේසියෙන් ම ගැලවිලා එනවත් එක්ක. 

චිකන් එකෙත් තිබුණේ ඒ සිරා කොලිටියමයි. හරි ම ස්මෝකි, සහ ජුයිසි. එක ම අවුල වුණේ අර පිට පැත්තේ තවරලා තියෙන සෝස්, ස්පයිසස්, හර්බ්ස්වල රස ඇතුළේ ලේයර්වලටත් උනලා නොතිබුණ එක. 

පෝක් චොප්ස් දෙකත් නෙක්ස්ට් ලෙවල්. එක තෙල් බිඳක් නෑ, තනිකරම මස විතරයි. හරි ම ගානට ග්‍රිල් කරලා, සීසනින් එකත් නූලට දාලා. අපි කට්ටියම කාලා තියෙන හොඳ ම පෝක් චොප්ස් ටිකක් තමයි මේ.  

හැබැයි පොඩි සීන් එකක් තියෙනවා. සමහර අයට මෙයාලගේ සෝස් එක පොඩ්ඩක් පැණි රස වැඩියි. ඒකට කරන්න තියෙන හොඳ ම වැඩේ තමයි ඔය දීලා තියෙන ඩිපින් සෝස් ටික යහමින් පාවිච්චි කරන එක. ඔය කොච්චි සෝස් එකයි, මේයෝ හර්බ් එකයි හැරුණා ම, තව සෝස් සෙට් එකක් ම තියෙනවා කියලයි ආරංචිය. 

The Grill By Doctor's Kitchen එක BYOB තැනක්. හැබැයි රු. 2500ට උඩින් වියදම් කරොත් විතරයි කොකේජ් ෆී එකක් චාර්ජ් නොවෙන්නේ. ඒ හැරුණා ම, Choco Luv එකත් එක්ක එක්කාසු වෙලා මේගොල්ලෝ ඇල්කොහොල් නැති බීම වර්ග තොගයක් ම හදනවා. ඒ වගේ එකක් තමයි මේ කිංග් කොකනට් ඇන්ඩ් පැෂන් මොහීටෝ (රු. 690) එක. බලන්නකෝ ඒකෙ හැඩ. තැඹිලි ගෙඩියත් එක්කමනේ එන්නේ. හරි ම රිෆ්රේෂින් බීමක්. 

සර්විස් එක

සර්විස් එකත් ගොඩක් හොඳයි. කෑම බීම සේරම හදන්නේ ෆ්‍රෙෂ් පිට නිසා පැය භාගයක් වගේ යනවා මේසෙට එන්න. එතකන් තියෙන්නේ එයාලා දෙන රටකජු පැකට් එක හපහප ඉන්න තමයි. 

අවසාන වශයෙන් 

The Grill By Doctor's Kitchen එකට 5/5ක් ම දෙන්න අපට හේතු ගොඩයි. ඕනේ ම ජාතියේ මසක් මාළුවක් තියෙන මෙනුවක් තිබීම, ස්මොකින් ටෙක්නික් එක පාවිච්චි කිරීම, ඉස්තරම්ම කොලිටියේ මස් මාළු යොදාගැනීම, කැමති රසට කන්න පුළුවන් විදියට ඩිපින් සෝස් ගණනාවක් ලබා දීම, හොඳ රසට හදන ක්ලැසික් සයිඩ් ඩිෂස් තිබීම, වගේ ම BYOB පහසුකම ලබාදීම ඒ අතරින් කීපයක්. ඔයාලත් වෙලාවක ගිහින් බලලා අපටත් විස්තරේ කියන්නකෝ. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment