84, Lorenz Road, Colombo 4
Closed right now
It's all about that char-grilled goodness.
අලුත් අවුරුද්දේ පළවෙනි දවසෙ ම අපි ගියා පාන් පාන් ග්‍රිල් එක පැත්තෙ. අපි නිතර දෙවේලේ ගොඩ වෙන නිකං පාන් පාන් ෂොප්ස්වලට වැඩිය පාන් පාන් ග්‍රිල් එක විශේෂයි. පාන් ජාතිවලින් හදන කෑමවලට එහා ගිය ගොඩක් දේවල් තියන මෙනු එකක් පාන් පාන් ග්‍රිල් එකේ තියනවා.
මේක තියෙන්නේ ලෝරන්ස් පාරේ. අපි මෙතෙන්ට ගියේ හවස් වරුවක. එළිමහනෙ දාල තිබුණ ලී මේස පුටුවල දහ දෙනෙකුට විතර එක පාර වාඩි වෙන්න පුළුවන්. අපි ගිය වෙලාවෙ පොද වැස්සකුත් වැටුණා. එළිමහනෙ කිව්වට මේස පුටුවලට උඩින් හුඩ් එකකුත් තිබුණ නිසා අවුලක් වුණේ නෑ.
පාන් පාන් ගිහින් හැම දාම කන්නෙ පාන් නිසා පාන්වලට අමතරව මෙයාල ළඟ තියන ජාති කොහොමද කියල බලන්න අපි කල්පනා කළා. ඉතින් අපි ගත්තා ෆ්‍රෙන්ච් ෆ්රයිස් පෝෂන් එකයි (රු. 250), ටූනා සැලඩ් රැප් එකයි (රු. 300), රයිස් විත් ටෙරියාකි චිකන් එකයි (රු. 550).
ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටික මහතට කටට සොෆ්ට් ගාණට තිබුණා. පෙඟිලාවත් කර වෙලාවත් නැතුව පදමට ෆ්‍රයි වෙලා.
ඊළඟට ටූනා සැලඩ් රැප් එක. හොඳට මික්ස් වෙන්න චොප් කරපු ටූනා සැලඩ් එකක් මැදට දාපු චපාති රැප්ස් දෙකක් තමයි මේකේ පෝෂන් එකක් වෙන්නෙ. තව සයිඩ් එකෙනුත් සැලඩ් ටිකක් වෙනම එනවා. රැප් එකට ස්ටෆ් කරලා තිබුණෙ මාළු එක්ක සලාද කොළ, ලූනු, පිපිඤ්ඤා එහෙම හොඳට මික්ස් කරපු ගන ෆිලිං එකක්. රස පදම නරක නෑ. චපාති එක කටට සුමුදුයි. ඒත් ටිකක් වියළියි.
හොඳට තැම්බුණ බාස්මතී හාලේ බතයි ටෙරියාකි චිකන් එකයි දෙන්නෙකුට බෙදාගෙන කන්න සෑහෙනවා. බත හොඳ සුමුදු ගතියයි. බෝන්ලස් චිකන් ටික අඩුමකුඩුම පදමට දාලා හොඳට ස්ටර් ෆ්‍රයි කරලා තිබුණා. යන්තමින් එන පැණි රහයි සැරයි දෙක ම ගාණට මික්ස් වෙලා. ඒත් පින්තූරෙන් ම පේනව නේ, ටෙරියාකි සෝස්වල තෙල් ගතිය වැඩි එක තමා අවුල. මදි පාඩුවට බත් එකට චිලි පේස්ට් ටිකකුත් ආවා. ඒකෙ නං විශේෂ රසක් තිබුණෙ නෑ.
පාන් පාන් එකේ ම ප්‍රඩක්ට් එකක් වෙන අයිස් කොෆී බෝතලයක් (රු. 170) අපි බීමට ගත්තා. මේක ගැන කියන්න තරම් විශේෂයක් නෑ. කටේ ඇලෙන තරම් පැණි රස නැති හොඳට කිරි සහ කෝපි රස මිශ්‍ර වුණ සාමාන්‍ය අයිස් කෝපි එකක්.
අපි ගිය වෙලාවේ කවුන්ටර් එකෙන් එහා පැත්තෙ කැෂියර් එකත් එක්ක ම තියන කිචන් එකේ තුන් දෙනෙක් විතර වැඩ කළා. කෑම ටික ඔක්කොම මේසෙට එන්න විනාඩි දහයක්වත් ගියෙ නැති එකට නං අප්පුඩියක් ගහන්න වටිනවා. ඉතින් සර්විස් එකේ මුකුත් වරදක් අපි දැක්කෙ නෑ.
පාන් පාන් කියන්නෙ පාන් විතරක් ම නෙවෙයි! ගෙවන ගාණට හරි යන්න බඩ පිරෙන්න කන්න පුළුවන් තැනක්.
Address
Directions
You can either turn left into Lorenz road from R.A. De Mel Mawatha or turn right/left (depending on which direction you're driving in) from Layard's Road.
Contacts
Report InaccuracyClosed right now
Price Range
Dish Types
Cuisine
Ratings Breakdown
2/5
friendly staff… but not the best food… don't buy the beef steak burger or the submarine… very dry beef and overy fried…
3/5
The manager got in touch with us shortly after this review, and sent along the meal we'd been billed for. They also apologised for the service.
Pretty great how they respond to complaints and make up for it, so full points for customer service!
(p.s: the chicken wings were amazing too).
On a whole, this whole review thing was "quite really" unreadable. So, basically, wasn't disappointing.
Yay
5/5
NihlaM
I love the southern fried chicken. all natural flavours and no MSGs.
2/5
damieanyamu
friendly staff… but not the best food… don't buy the beef steak burger or the submarine… very dry beef and overy fried…
3/5
Aisha
The manager got in touch with us shortly after this review, and sent along the meal we'd been billed for. They also apologised for the service.
Pretty great how they respond to complaints and make up for it, so full points for customer service!
(p.s: the chicken wings were amazing too).