84, Lorenz Road, Colombo 4
Closed right now
It's all about that char-grilled goodness.
‘පාන්’ කීවම ලංකාවෙ අපට මතක්වෙන්නෙ හැමදාම කඩෙක් කන අච්චු පාන්, රෝස් පාන් වුණාට, ‘පාන් පාන්’ කියන්නෙ නම් පාන්වලින් එකඑක විදියේ වැඩදාන තැනක් කියල ගොඩක් අය දන්නවා. පාන් පාන් ග්‍රිල් එකේ අනිත් පාන් පාන්වල තියෙන ජාතිවලට අමතර ව ග්‍රිල් කරලා හදන කෑම ඇතුලත් තවත් මෙනු එකක් තියෙනවා.
අපි මෙතනට ගියෙ ටිකක් හැන්දෑ වෙලා. ඒ වෙලාවට නම් වඩා වෙලා ඉන්න එළිමහනේ දාලා තියෙන ලී මේස ටික මරු. පොඩි අවුලකට තියෙන්නෙ මේසෙට අත තිබ්බ ගමන් අැලෙනවා; හරියට පිහදාලා නෑ මං හිතන්නෙ.
අපේ ගාලික් ටෝස්ට් එකේ වටේ හොඳට කරවෙලා, මැද හරිම සොෆ්ට්. ගාලිකුයි ඔලිව් ඔයිලුයිත් හොඳට දාලා තියෙනවා.
ග්‍රිල් කීවට ගොඩක් වෙලාවට අපට මතක් වෙන්නෙ මස් වුණාට අපි කාපුවයින් හොඳම ග්‍රිල් එක වුණේ වෙජිටබල් ඇන්ඩ් ෆෙටා චීස් සබ් එක. එළවලුවල රස නොමැරෙන්න ගානට දාපු ටෙරියාකි සෝස් එකේ ළා පැණි රස බ්‍රවුන් බ්‍රෙඩ් එකට (ඕන නම් වයිට් බ්‍රෙඩ් ගන්නත් පුළුවන්) මැදිවෙලා එද්දි මරු. කැරට්, බෝංචි, ලූණු වගේ එළවලුවල ක්‍රිස්පි ගතිය නැති නොවෙන්න ළාවට ග්‍රිල් කරලා තියෙන්නෙ.
ඒත් වයිට් බ්‍රෙඩ් එකක් එක්ක ආපු බීෆ් සබ් එකේ නම් සෝස් එකෙයි කැරට් වලට පැණි රස නිසා පොඩි පොඩි කෑලිවලට කපල තියෙන බීෆ්වල රස දැනෙන්නෙ නැති තරම්.
රයිස් විත් චිකන් ඉන් ඔයිස්ටර් සෝස් එකත් හොඳයි. ශ්‍රී ලංකන් චයිනීස් ටේස්ට් එකට සෙට් වෙන්න හොඳට ලුණු, සෝස් දාලා හදන මේකේ චිකන් එක නම් රසයි. බත් එකත් තියෙනව දෙන්නකුට කන්න ඇතිවෙන්න. ඒත් චිකන් එකේ හොද්ද වගේ සෝස් එක ඒ බත් ප්‍රමාණෙ කන්න මදි.
ලයිම් එකට හොඳට දෙහියි සීනියි දාලා තියෙනවා. ලයිම් ජූස් එකක සාමාන්‍යයෙන් තියෙන ඇඹුල් ගතියට වඩා පැණි රස පැත්තට බර වුණත් කටේ තියන්න බැරි ගානට සීනි දාලත් නෑ.
මේක තමයි මරු ම සීන් එක. අපි කාලා ඉවර වෙද්දි කැෂියර් එක ළග මේකේ වැඩකරන කට්ටිය පොඩි වලියක්. ඉතිං අනුන්ගෙ වලිවලට අතදාන්න බැරි නිසා අපට එයාලගේ වලිය ඉවරවෙනකල් ඉන්න වුණා බිල ඉල්ලගන්න. වලි අස්සේ අපට මතක් වුණෙත් නෑ අපි ඉල්ලු බාබක්‍යු චිකන් වින්ග් එක අපට ලැබුණෙ නෑ කියලා. හැබැයි ඒකටත් එක්ක බිල් කරලා තිබුණා. කලබලේට අපිත් බිල බලන්නෙ නැතුව ඒකෙ තිබුණු ගාණ ගෙවල එන්න ආවා.
හැබැයි අපේ අයිෂා මේ සීන් එක එයාගේ ඉංග්‍රීසි රිවිව් එකේ ලියලා දවස් දෙකක් ගියේ නෑ; පාන් පාන් මැනේජ්මන්ට් එකෙන් සිද්ධිය ගැන සමාව ඉල්ලලා ලියුමක් එක්ක බාබක්‍යු චිකන් වින්ග් පෝෂන් දෙකක්ම අපේ ඔෆිස් එකට එවලා තිබුණා.
කවදත් වගේ පාන් පාන් එකේ පාන් නම් හරිම රසයි; ඒත් වෙජිටබල් සබ් එක ඇරෙන්න අපි කාපු ග්‍රිල් අයිටම් නම් එච්චර හොදයි කියන්න බෑ. හැබැයි ඉතිං ගාණත් අඩු නිසා බඩගිනි වුණු වෙලාවක අතේ වැඩි ගාණකුත් නැත්නම් මෙතනට යන එකේ පාඩුවකුත් නෑ.
Address
Directions
You can either turn left into Lorenz road from R.A. De Mel Mawatha or turn right/left (depending on which direction you're driving in) from Layard's Road.
Contacts
Report InaccuracyClosed right now
Price Range
Dish Types
Cuisine
Ratings Breakdown
Dinemore is one of the most popular local franchises in Sri…
Paan Paan is now at Dehiwela!
2/5
friendly staff… but not the best food… don't buy the beef steak burger or the submarine… very dry beef and overy fried…
3/5
The manager got in touch with us shortly after this review, and sent along the meal we'd been billed for. They also apologised for the service.
Pretty great how they respond to complaints and make up for it, so full points for customer service!
(p.s: the chicken wings were amazing too).
On a whole, this whole review thing was "quite really" unreadable. So, basically, wasn't disappointing.
Yay
5/5
NihlaM
I love the southern fried chicken. all natural flavours and no MSGs.
2/5
damieanyamu
friendly staff… but not the best food… don't buy the beef steak burger or the submarine… very dry beef and overy fried…
3/5
Aisha
The manager got in touch with us shortly after this review, and sent along the meal we'd been billed for. They also apologised for the service.
Pretty great how they respond to complaints and make up for it, so full points for customer service!
(p.s: the chicken wings were amazing too).