Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 - temp
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

4/5

The Grove

289 High Level Rd, Nugegoda


An assortment of restaurants in a brilliant al-fresco setting.



කොහෙද ඉතින්... වැඩ කරන තැන එහා පැත්තෙ තියෙන්නෙ. ඒත් දාලා මාස ගාණක් ගියා පොඩ්ඩකට ගොඩවෙන්න.

අනේ මන්දා ඉතින් අපෙත් හැටිනෙ. ළඟ තියෙන දේ ගැන අගයක් නෑනෙ.

කාරි නෑ යාළු. කොහොමහරි ඔන්න අමුණල කරල පහුගිය සතියෙ දවසක ගොඩවුණා. ගොඩවෙලා... ඉස්ඉස්සෙල්ලාම කියල හමුවෙන මයිකල් ආන්ජෙලෝ එක ළඟින්ම වාඩි වුණා. මොකද තව යාළුවො දෙන්නෙක් එනව කිව්වනෙ. ඇතුළට ගියොත් එයාලට මාව පේන්නෙ නෑනෙ. 

හැබැයී... ඒ වාඩිවුණාට මොකද, එපිටින් පේන සුන්දර භෝජනාගාරය... පැත්තට යන්නමයි හිතෙන්නෙ!

ඇයි අප්පේ... ගස් කොළන්වලින් වටවෙලා, අපූරු තණබිස්සක්, ලස්සන මල්, වැල්, පොකුණු... ඊටත් ඒ අතරින් පතර කොහොමද පුංචි පුංචි මේස බංකු දාලා නිදහසේ කෑම කකා කයියක් දාන්න හැඩ කරල තියෙද්දි?

කරන්නම දෙයක් නැති තැන මම හිත හදාගෙන හිටිය අනිත් ඩබල එනකම්. ඉඳලා... කට්ටිය සෙට්ල්වුණ අනික් පැත්තට ගියා මයිකල් ආන්ජෙලෝ එක ළඟට. ගිහිල්ල මෙනුව ඉල්ලගෙන දැම්ම ඕඩරේ... පෙපරෝනි (රු. 1050), අල් ෆන්ගි (රු. 875) බාගෙ බාගෙ එකකුයි, සොසේජ් ඩිලයිට් (රු. 625), මාගරිටා (රු. 575) බාගෙ බාගෙ එකකුයි. දාලා... මට තිබ්බ බත් බඩගින්නට විසඳුමක් හොයන්න කියල ගියා මැන්ගො ට්‍රී පැත්තට. ගිහිල්ල බැලුව, ම්... රයිස් ඇන්ඩ් කරි නම් නෑ. ඒත් මොකෝ මේ තියෙන්නෙ මට්න් බිරියානි (රු. 900)!

“මට... මට්න් බිරියානි එකකුයි, පානි පූරි එකක් (රු. 450) ආෆ්ට මීල් හොඳද”

කෑම ටික මේසෙට එනකම් ඉතින් කතා කරන්න දේවල් කියලද නොතිබ්බෙ. යාළු මාස තුනකට පස්සෙනෙ. ඒ නිසාමද මන්දා, ගියපු වෙලාවක් ගැනත් ඒ හැටි කියාගන්න හරි අදහසක් නෑ. කොහොමහරී... උණු උණු පීසා දෙකම එක පාරම මේසෙට උඩට! දුම් දදා එහෙම ඉතින්... මෙළෙක් වෙච්ච චීස්... පදමට ෆ්‍රයි වෙච්ච මස්... හප්පේ...

වැඩේ වුණේ මෙයාල ළඟ ටබැස්කෝ තිබ්බෙ නෑනෙ. ඉතින් මට ටිකක් අප්සෙට්. ඒත් අපේ අනිත් ඩබල...

හාවක් හූවක් නෑ... චිලි ඔයිල් දාගෙන දෙසනව මරේ කියල.

 

 

කාලෙකට පස්සෙ හම්බවුණ චාන්ස් එක! සෝස් ජාතියක් නිසා මිස් කරගන්න?

මමත් පැනපු සනික ගත්ත පෙපරෝනි කෑල්ලක්. අරගෙන දාලා ලාවට චිලි ඔයිල්... 

එක කටයි... රස නහර විතරක් නෙවෙයි මුළු ආහාර ජීර්ණ පද්ධතිය ම පිනා යයි කිව්වලු. කිව්වට විශ්වාස කරන්න... තඩි පෙපරෝනි කෑලි පදමටම ෆ්‍රයි වෙලා, තක්කාලි බේස් එකයි, මෙළෙක් වෙච්ච මොසරැල්ලා චීසුයි එක්ක...

ආයෙ තනි වටේට වාෂ්පයි ඈ...

ඊළඟට මම ගත්තෙ සොසේජ් ඩිලයිට් කෑල්ලක්.

ඒකෙත්...

ඇස්වහක් කටවහක් නෑ රස තියෙනව පංකාදු පහට. ජම්බො සොසේජ්... ටිකක් ගනකමට පෙති කපල, මොසරැල්ල චීස්... ඇත්තටම ඒක කද්දි නම් ටබැස්කෝ අඩුව හොඳටම දැනුන ඈ... මං කියන්නෙ චුට්ටක් තිබ්බ නම් චුට්ටක්...

ම්... හැම් දාලා හදපු එල් ෆන්ගි එකත් චිලි ඔයිල් එක්ක නොම්මර එකයි. විශේෂයෙන් ම  ඒකට තඩි චිකන් හැම් කෑලි දාලා, බ්ලැක් ඔලිව්, මෂ්රූම්, මොසරැල්ලා එක්ක... ෆ්‍රයි වෙලා තියෙනව මාරම පදමකට.

මාගරිටා ඉතින් කොහොමත් ටොප්නෙ. හැබැයි මෙයාලගෙ මාගරිටා එකේ මැද්දට තක්කාලි පෙති දාලා. මම නම් ඒකට එච්චර කැමති වුණේ නෑ. ඒත්... අපේ අනිත් ඩබල?

කියන්න ඕන නෑ‌නෙ නේ...

“කන්න බැරි නම් ඔහොම තියන්න” කිව්ව මට.

වෙලාවට ඔය අතරට බිරියානිය ආවෙ. ‘උබල කහල්ල පීසා’ කියල මම ගත්ත ඒක අතට. අරගෙන... උඩින් ම තිබ්බ බිත්තරේ කළා පැත්තකට. කරල සම්බල් ටිකකුත් කලවම් කරගෙන, යම්...

කටයි දෙකයි තුනයි... ෂැහ්, කියල වැඩක් නෑ තඩි ෆ්‍රයිඩ් මට්න් කෑලි...

එක්ක කොහොමද බිරියානි මික්ස් ඇති පදමට කලවම් කරල හදාපු බාස්මතී හාලෙ බත, සුවඳ ගගහ උණු උණුවෙ රස බලද්දි? එකම අවුල තමයි ඒකෙ ගාණෙ හැටියට තිබ්බ මට්න් ප්‍රමාණය මදි. ඇත්තටම... මට්න් කෑලි පහ ක් වගේ තිබ්බෙ, හ්ම්...

පානි පූරි එකත් නරකම නෑ. හැබැයි සුපිරිමත් නෑ. මොකද ඒකෙ රසේ, ගතිය ටිකක් මදි. මං හිතන්නෙ අඩුමකුඩුම දාලා තියෙන්නෙ ටිකක් අඩුවෙන්. ඒක වෙන්න ඕන...

කොහොම හරි ඉතින් බඩ පැලෙන්නම කෑවා... කාලා ටිකක් වෙලා ඉඳල කෝපියකුත් බීලා එහෙම පිටත් වුණේ මොකද... ඉන්න ඉන්න ආස හිතෙන ප්ලේස් එකනෙ...


User Reviews
N
4

5/5

0

neshane

Love the place. Ambience is just stunning!!! Music they play on those Marshall speakers are spot on!!!

N
4

5/5

0

neshane

Love the place. Ambience is just stunning!!! Music they play on those Marshall speakers are spot on!!!

See 2 Comments