259, A/2 Hokandara Rd, Ruhunupura
This place has closed down
A tiny resto in Hokandara Road that does some delicious meaty delights.
නා කපන වැස්සෙ...
“ඒ වරෙන්කො බං වරෙන්කො. මං මේ ඔ……ත්. බලාගෙන ඉන්නව. උබ නෑනෙ” හරාගෙන් එක වදයයි.
මොනව කරන්නද ඉතින්, හොඳම යාළුවෙක් කතා කරද්දි? වැඩ කෝටියක් තිබ්බත් යන්න එපැයි. අනික හුඟ කාලෙකින්නෙ, හැන්දැ වරුව ෂපාන් එකේ ඉන්න ආරාධනාව!
ඉතින්... වැඩ බල්ලට ගියාදෙන් කියල මම නැගිට්ට සීට් එකෙන්. නැගිටල ලට්ටලොට්ට ටිකත් බෑග් එකේ දාගෙන ඔන්න පිටත් වුණා වීල් එකක හංදිය පැත්තට යන්න. වැඩේ කියන්නෙ, මගක් යද්දිනෙ මතක් වුණේ... සඳ පදමෙ දි එන බඩගින්නට මොකද කරන්නෙ?
ම්... පොඩ්ඩක් කල්පනා කරල ආයෙ ගත්ත හරාට කෝල් එකක්.
“ඒ... මෙහ්, දැන් ඔය එන බඩගින්නට මොකද කරන්නෙ? රයිස් කොත්තු නම් බෑ පුතේ. මතකනෙ එදා වෙච්ච දේ”
“බොලේ උබ මාර මිනිහෙක්නෙ බං. මගෙන් අහන්නෙ බඩගින්නට මොකද කරන්නෙ කියල. උබනෙ ඕව ගැන දන්නෙ. හොඳට ලුණු ඇඹුල් ඇතුව, කටට රහට කන්න පුළුවන් තැනක් හොයාගෙන එන්න. ඇයි අප්ප”
“ආ... ඔව්නෙ. හරි හරි. මං හොයාගෙන එන්නං. කලබල වෙන්න එපා ඉතින්. ඒනං වැව ගාවින් බහිනව ඈ... එතන ඉඳන් බයික් එකේ ගියෑකිනෙ”
“ඔව් ඔව්. වැව ගාවින් බැහැං”
ආයෙ...
ඒ... වැව ගාවින්, බැස්ස බැස්සමයි යාළු.
පැය බාගෙ යද්දි බඩගිනියි කියන්නේ... යකෙක් කන්න තරම්. තවත් ඉතින් බල බල ඉන්න දෙයක් තියෙයි. දෙන්න කෙලින්ම නැග්ග බයිසිකලේට, රුං... ගාලා, එක විනාඩි පහට, ‘හුක් අප්’ ළඟට.
“අඩේ... අපිටම සෙට් වෙන ප්ලේස් එකක්නෙ බං. බලාංකො ආර්ට් පාර. පරණ පත්තර පිටුවලින් බිත්ති ටික කවර් කරල. කෑමවල ෆොටෝ ප්‍රින්ට් කරල අලවල. ෂැහ්, මාර සරලව, ලස්සනට හිතල තියෙනව ඈ...”
“ඒක නේනනං මං මේ බැලුවෙ. මගේ ප්ල්ස් එකෙත් මේ වගේ මොකක්හරි කරන්න පුළුවන්නේ...”
වචනෙන් වචනෙ, දෙන්න හෙමිහිට කඩේ ඇතුළට ම.
“ගුඩ් ඊව්නින් සර්”
“ගුඩ් ඊව්නින්, ගුඩ් ඊව්නින්. අපි මේ බැලුවෙ වෝල් ආර්ට් එක. නියමයි ඈ... මාරම අයිඩියා එකක්.”
“තැන්ක්යු සර්. මගෙයි හස්බන්ඩ්ගෙයි තමයි ඉතින්.
ම්... සර්ලා... කෑම, කන්නද. ගෙනියන්නද? මෙන්න සර් මෙනියු එක.
අපේ තියෙනවා... කලුපොල්…”
“ආ... හරි හරි හරි. මං ඒක දන්නව. ඉන්ටනෙට් එකෙන් බලාගෙනමයි ආවෙ ඒකම කන්න. අපිට අනිවා දාන්න කලුපොල් පෝක් විත් පොල් රොටි එකක් (රු. 350). ඒකයි... ඔයාලගෙ මේ සිග්නේචර් වගේ තියෙන බීෆ් සබ් එකක් (රු. 480)..?”
“ඕකේ සර්”
“මට මෙන්න මේ චිකන් බර්ගර් එකක් (රු. 460) දාංකො බං. ඒක හොඳයි වගේ” හරා පැනපි මැදින් ම. ඉතින් කොහෙද, ඕඩරේ ඉවරයි එතනින්ම. අන්තිමට බලල බලල බොන්න ගත්ත අයිස් මොකා එකයි (රු. 250), චොකලට් මිල්ක් ෂේක් එකයි (රු. 300). එච්චරයි.
වැඩේ කියන්නෙ ඊට පස්සෙනෙ... දෙන්න, මේසෙටම බර වෙලා. ඇයි ඉතින් සඳ බොඳ වෙලා, ඇස් පියවිලානෙ.
යාන්තම් හරි ඇස් දෙක ඇරුනෙ රොටි පිච්චෙන සුවඳට. අන්න, එතකොටම වගේ ආපි බීම ටිකත් මේසෙටම.
එච්චරයි ඉතින්. ආව ගමන් ඇදල ගත්ත මොකා එක... කෙලින්ම කෝප්පයෙන් බාගයක් විතරම.
බීලා... ඇස් නිකම් උඩ ගිහිල්ල වගේ. හිතාගන්න බෑ මොකාද අමෘතෙද කියල. සත්තයි යාළු, ඒකෙ නම් පුදුම රසක් ඈ... මං ජීවිතේට බීලා නෑ ඒ තරම් රස අයිස් මොකා එකක්. හොඳම කෝපි රසක්, නූලට තියෙන ළා චොකෝ රසක් එක්ක, කිරිත් හොඳ හැටි දාලා, පැණිරසයි, කූල් ගතියයිත් ලෙසටම ගැළපිලා, තියෙනවා... පංකාදු විසි පහට, ඇඟ හීතල වෙලා යන්න.
කිරි අප්පේ...
ඉතින් කෑම ටික එනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ. ඇයි අප්ප කෝපියක් එච්චර රස නම් මෙයාලගෙ කෑම?
කියල..
කටගන්න හම්බවුණේ නෑ, පළමුව පෝර්ක් විත් පොල් රොටි එක.
රස නහර පිනායන්න, බඩකට පිරිල ඉතිරෙන්න, කන්න කන්න, ඉවරයක් නැතිවෙන ‘හුක් අප්’ පෝක්. සත්තයි, කියන්න වචන නෑ, හදවතින්ම ශ්‍රී ලාංකිකයි. මිරිස් තුනපහ, රම්පෙ කරපිංච, ඉඟුරු සුදුලූනු ටිකේ ඉඳන් ම, පෝක් කෑල්ල පදම් වෙනකම් ම, පදම් වෙලා කරිය පිහෙනකම් ම, දශමෙට ම හදල තියෙනව, වැරැද්දක් නොකියන්න! හැබැයි... එකක්. ඒ රොටි ටිකේ නම් මැද පොඩ්ඩක් තැම්බිලා මදි වගේ. ඇත්ත කියන්න එපැයි.
ඒකට බර්ගර් එක!
එක කටයි කෑවෙ මහත්තයෝ... කඳුළු පැන්න. ක්‍රිස්පි චිකන් එක හදල තියෙනවා, තනිකරම හෝම් මේඩ් ලෙවල් එකෙන්. චිකන්වලටත් මොනවහරි අඩුමකුඩුම දාලා, පදම් කරල, ක්‍රිස්පි මික්සර් එකත් නියමෙටම හදල, දවටල ගැඹුරු තෙලේ බැදලා…
කොහොමද ඊට යටින් සැලඩුයි, ක්‍රීම් චීස් හරි මයොනීස් හරි ටිකකුයි දාලා ආවම. කනකොට කට දෙපැත්තෙන් පනින්නෙ, කට දෙපැත්තෙන්.
දෙන්නට සිහිය නැතුව ගියේ, ඒ දෙකම කාලා බීෆ් සබ් එකට බැස්සාම. ඒක නම් යාළු හිතාගන්න බෑ හොඳේ අවංකයෙන්ම. මාරම සොෆ්ට්, තඩි බීෆ් කෑලි තොගයක්. ක්‍රීම් චීස්ද මයොනීස්ද කොහෙද අතුරල, සැලට් තට්ටුවක් දාපු බනිස් පලුවක් උඩින්... පේළියට. එක හිඩසක් නැතිවෙන්න. කොටින්ම කන කන කටට, තඩි තඩි බීෆ්!
අන්තිමට පිස්සො දෙන්නෙක් වගේ... කටක් කනවා, හිනාවෙනවා.. වෙලාවට අර එයාලා දන්නවා. කොල්ලොනේ, ගමේනේ..!
A tiny food joint in Thawatugoda that does some juicy, meaty goodies.
සිංහල රස නහර පිනායන්න, බඩකට පිරිල ඉතිරෙන්න, කන්න කන්න, ඉවරයක් නැතිවෙන ‘හුක් අප්’ පෝක්. සත්තයි, කියන්න වචන නෑ, හදවතින්ම ශ්‍රී ලාංකිකයි. මිරිස් තුනපහ, රම්පෙ කරපිංච, ඉඟුරු සුදුලූනු ටිකේ ඉඳන් ම, පෝක් කෑල්ල පදම් වෙනකම් ම, පදම් වෙලා කරිය පිහෙනකම් ම, දශමෙට ම හදල තියෙනව, වැරැද්දක් නොකියන්න!
This place has closed down
Cuisine
Price Range
Dish Types
Meats BBQ Beef Pork Chicken Burgers Sandwiches Milkshakes Roti
Ratings Breakdown
'O Leaf' is one of the best restaurant in Maharagama…
A restaurant and a guest house in Ella, that one should…
Great place to have a delicious Sri Lankan buffet…
Delete Comment