Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

The Island Coffee Shop

158 Galle Road, Bambalapitiya


The Island Coffee shop is so utterly charming and captures perfectly the spirit of a Colombo that is now slipping from the collective memory - an age where nothing was imported and everything had to be local.



මෙතැන තවමත් පවතින එක ගැන එහි යන හැමවිටම මම පුදුමවෙනවා. එහි ඇති පැරණි කෝපි ඇඹරුම් උපකරණ, සුවඳ හමන, එතරම් තත්වයෙන් උසස් නැති දේශීය කෝපි මලු මැද එතරම් අලෙවියකුත් නැතිව මෙතැන පවත්වාගෙන යන්නේ කොහහොමද කියා මම හැමවිටම පුදුමවෙනවා. එය අයිති දිවයිනේ ප්‍රධානම කෝපි නිෂ්පාදකයකු වන අයිලන්ඩ් කෝපි සමාගමට. 1960/70 කාලයේ ආනයන ආදේශන යුගයේ හඳුන්වාදුන් මේ ව්‍යාපාරය එවක් පටන් එතරම් වෙනසකින් තොරව පවතිනවා.

දේශීය කෝපි නිෂ්පාදන ඇත්තෙන්ම හොඳ නැහැ. Hansa coffeeහි විශිෂ්ටත්වය ගැන හැර එහි ලියන්න කිසිදෙයක් නැහැ. මෙය හරිම නරක තත්වයක්. අපේ අසල්වැසි දකුණු ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව ආදී රටවල් ලොව හොඳම කෝපි නිෂ්පාදනය කරද්දී ඇයි අපි විතරක් මේ මඩ රස ජරාව නිපදවන්නේ?

කොහොමවුණත්, මම කැමතියි අයිලන්ඩ් කෝපි අලෙවිසලට. ඉතා ආකර්ශනීය තැනක් වූ එය දැන් ගිලිහී යමින් තිබෙන 60, 70 දශකවල කොළඹ සාමූහික මතකයේ ආත්මය නැවත හසුකරගන්නවා. ඒ කාලයේ කිසිවක් ආනයනය කෙරුණේ නැහැ. සියල්ල දේශීයව නිපදවාගත යුතුව තිබුණා.

මේ කඩය කාලය හා අවකාශය තුළ කෝපි සුවඳ මැද නිදිබරව ඇති තැනක්. පැරණි මිනුම්, ඇඹරුම්යන්ත්‍ර හා ඉතා සුළු ගනුදෙනුවකට පවා කමකට නැති ගෙවුම් ක්‍රම ආදිය ඇති එය හරියට පිටත ලෝකයේ පැය හා මිනිත්තු අදාළ නැති තැනක් වගේ.

එහි රු. 30කට විකුණන හොඳ අයිස් කෝපි කෝප්පයේ නෙස්කැෆේ වෙනුවට මුසුවන්නේ සැබෑ කෝපි. දේශීය කෝපිවල තිබෙන දුබලකමුත් ඒ නිසා ඔබේ කෝපි කෝප්පයේ රැ‍ඳෙනවා.

මෙතැනින් කෝපි ඇට මිළදීගෙන ඔබේ කැමැත්ත පරිදි අඹරාගන්නත් පුළුවන්. සුපිරි වෙළඳසල්වලින් ඔබ මිළදීගන්නා ඇසුරුම්කළ අයිලන්ඩ් කෝපිවලට වඩා එය හොඳයි. හන්සා, අයිලන්ඩ් හා හරිස්චන්ද්‍ර කෝපි ත්‍රිත්වය මුසුකරගෙන ඔබේම කෝපිමුසුවක් සකසාගැනීමේ අවස්ථාවත් තිබෙනවා. මා මෙය කර හොඳ ප්‍රතිඵල ලබාගත්තා. ඒ වුණාට මම මගේ අනුපාත රහස් හෙළිදරව් කරන්නේ නැහැ.

ඉඟිය - Phone

TIP

Come here, its just amazingly quaint and the Rs. 40 Ice Coffee is bang for your buck. It's on the corner of Shrubbery Gardens and the Galle Road sort of opposite CASA Colombo.

Address

158 Galle Road, Bambalapitiya

Contacts

Report Inaccuracy

Open 10 AM to 5.30 PM

Price Range

Less than 200

Dish Types

Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 9 Comments