Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

4/5

The Islandic (Flamingo House)

Delivery only


The Islandic is a virtual kitchen by Flamingo House, that delivers some superb lamprais, burgers and kalupol pork.



උදෙන්ම සුබ ආරංචියක්! ඕ... 

විශ්වි කියනව දවල්ට කන්න එළියට යංලු. මාත් ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ම හා කිව්ව. මොකද කොහෙන් කෑවත් කෑම කෑමමනෙ. හැබැයි පස්සෙ තමයි දන්නෙ, ඒ කතාකරල තියෙන්නෙ එසේ මෙසේ තැනකට යන්න නෙවෙයි කොළඹ ටිකක් පොෂ් පැළැන්තියෙ රෙස්ටුරන්ට් එකකට යන්න කියල.

එහෙමයි කියල ඉතින්...

ටිකක් කල්පනා කරපු මම ඇහුවෙ එක දෙයයි.

“මේ... එතන පෝක් තියෙනවද දන්නෑ නේ?”

“ආයෙ මොනවද? පෝක් නැත්නම් මම ඔයාට කතාකරනවද? තියෙනෝ තියෙනෝ. යං!”

එච්චරයිනෙ යාළු. පෝක් තියෙනව නම් ඒක බත් කඩයක් වුණත් පොෂ් කඩයක් වුණත් මම ඇතුළෙ.

අනෝරා වැස්සක් එළියෙ වහිද්දි තමයි විශ්වි මගෙන් ඇහුවෙ...

“මේ වීල් එකක් දාන්නං නේ. වහින්නෙ නෑනෙ?”

මාත් බැලුව වීදුරුවෙන්... ගහක් කොළක්වත් හෙලවෙන්නෙ නෑ...

“ඕ... බං. වීල් එකක් දාන්න. වහින්නෑ වගේ”

කියල පල්ලෙහට බහිද්දිනෙ,

දෙනව කියන්නෙ රඹටි හැලෙන්න. මොනව කරන්නද ඉතින්, දාගත්ත එකනෙ කියල තුන්දෙනා නැගල හෙමින් සැරේ... ඇද්ද හෝර්ට්න් ප්ලේස් පැත්තට. ඇදල හිටං පාර්කින් එකට දැම්මත් හරි දුවල ගියේ ඇතුළට. ඒ අස්සෙ දිනේශ්ට එන්ට්‍රන්ස් එකත් මාරුවෙලා.

“මෙහෙන් මෙහෙන්”

“ගුඩ් ආෆ්ටනූන් මැඩම්” ඉස්සරහින් ම ගියපු විශ්විට ඔන්න ෆුල් වෙල්කම් එක. ඒ විතරක් නම් බැරියැ, අපි කැමති තැන පෙන්නුවාම ඒක ඇරේන්ජ් කරල දීලා, කෑම තෝරනකම් ඉඳල ඕඩරෙත් අරගෙන, මේසෙට වතුරත් තියල තමයි සේවක මිත්‍රය ගියේ. හැබැයි ඉතින් ඒ ගියා, ගියාමයි. හපෙ හප්පෝ යාළු කෑම ටික හදන්න ගත්ත වෙලාවක්. මගෙ හිතේ පැය බාගෙකට කිට්ටුයි.

ඒත් වැඩේ කියන්නෙ, උණුඋණුවෙ ඒ ටික මේසෙට එනකොට නම් කටට කෙළ උනනව ඈ!

‘සුවඳයි ආයේ... රසත් ඇති රම්පෙට පොරි වාගේ’

කියල ඕං තුන්දෙනා...

මම කෙළින්ම බර්ගර් (බේකන් එග් පොල්සම්බල් බර්ගර් රු. 800) එකේ. ගත්ත මැද්දෙන් ගහල තිබ්බ පිහිය, කැපුව කෑල්ලක්, කෑවා එක කටටම.

“ඒ...හ්” කියවුණා කියන්නකො ඒ රසට. සත්තයි යාළු පංකාදු පහයි ඈ... ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් බේකන් තොගයක්,පදමට බැදල, මැද්දෙන් තියල, ඊට යටින් තම්බපු බිත්තරයක් පෙති පෙති කපල...

ඊටත් යටින්, ලුණු ඇඹුල් රස පදම නොම්මර එකට තියාපු පොල්සම්බෝලයක් කියන්නකො මහත්තායො. කටක් කනකොට, ඊළඟ කටටත් එක්ක රස නහර පිනා යන්නෙ. හැරත් බලන්න එපැයි, ඒ බනිස් ගෙඩියත් ළාවට කරකරල, බටර් චුට්ටක්ද කොහෙදත් ගාලා,

ෂැහ්! චීස් පෙත්තකුත් තියෙන්න තිබ්බෙ ඈ…

ඔය අතරෙ හෙමින් සැරේ මම බර්ගර් කෑල්ලක් විශ්විට දීලා ඉල්ලගත්ත එයාගෙ ක්‍රැබ් චීස් කොත්තුව (රු. 850).

ඉල්ල ගත්ත කියන්නෙ, පිඟාන අතට ගන්නකොටම එනව කකුළු සුවඳ, හප්පේ... තොළකට ලෙවකැවිල යන්නෙ. පස්සෙ ගෑරුප්පුව අරගෙන කටක් කෑවනෙ. ඒ කෑව කෑවම තමයි, විශ්වි කට ඇරගෙන බලාගෙන ඉන්නව මම පිඟාන දෙනකම්. සත්තයි ඒක දෙන්න හිතෙන්නෙ නෑ යාළු. කකුළු මස්වලින් වගේ ම කැරට් ලීක්ස්, ලූණු, රම්පෙ කරපිංච, චීස්වලින් පවා අඩුවක් නැතුව! එකම අවුල අර අපිට පොඩ්ඩක් සැරයි, කුළුබඩු රසයි මදි වගේ. නැත්නම් සුද්දෙක්ට වගේ නම් ඉතින්...

පැල් බැඳගෙන කයි ඈ!

ඔය අතරෙ හාවක් හූවක් නැතුව මම දිනේෂ්ගෙ පෝක් ලම්ප්රයිස් එකටත් (රු. 700) බැස්ස. බැහැල හිටං මුලින්ම කෑවෙ ‘ෆ්‍රිකැඩල්’ අර කට්ලට් වගේ එක.

කිරි අප්පට ආස්මී කිව්වලු. ඒකෙ රස!

පිරවුම එහෙම යාළු, හොයා ගන්න බෑ මොනව දාලා හදලද කියල. කොහොමහරි එළවළු, මස්, ගම්මිරිස්, කුළුබඩු... රසවල් මික්ස් වෙලා තියෙනවා ටොප් එකටම. ඊටපස්සෙ බත. ආයෙ ඉතින් තරු පහක්? ඊටත් වැඩිය ඕන නම් ඒක දෙන්නත් පුලුවන්. සම්බ හාලෙ බත තමයි. හැබැයි අර ලම්ප්රයිස් පදමට ම හදල. පෝක් කරියත් මල් හතයි. හොඳ හැටි දාලා තියෙනව මිරිස් තුනපහ ටිකයි, ඉඟුරු සුදුලූනු රම්පෙ කරපිංච ටිකයි.

ආ... කියන්න බැරි වුණානෙ. අපි ඒකෙන් ම පෝක් කරියකුත් ගත්තනෙ වෙනමම. විශ්විටයි මටයි කන්න. ඇයි අපිට පෝක් නෑනෙ.

වැඩේ කියන්නෙ, එච්චර තියෙද්දී... කන එක නෙවේ ප්‍රශ්නෙ මොකක්ද කන්නෙ කියන එකනෙ. ඇයි, මං මගේ එක කකා හිටියොත් අනිත් දෙක ඉවර වෙනව. ඒවට බැස්සොත් මගේ එක ඉවර වෙනව. අනේ මංදා…

කිව්වට ඉතින්, අන්තිම වෙද්දි කට්ටියගෙ ස්පීඩ් එක අඩු වෙනවනෙ. අන්න ඒ වෙලාවෙ මං ඇල්ලුව!

දුන්න යාළු දෙන එක බස බස ගාලා.

දීලා හිටං, වතුර ටිකක් එහෙමත් බීලා කිඹුල වගේ ඇලවුනා පුටුවෙ. ඇයි ඉතින්... ආවට,

යන්න වාහන නෑනෙ, ඇප්ස් එකේ

හී...!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment