Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

4/5

The Keg (Excel World)

338, T.B Jayah Mawatha, Colombo 10.


The Keg is an underrated, yet popular pub that's experienced an awesome glow-up over the years.



එක්සෙල් වර්ල්ඩ් කියන්නේ එක කාලෙක කොළඹ හොඳටම ‘හැපනින්’ තිබුණු තැනක් කියල තමයි 2000 දශකේ මුල් කාලේ ගැන ‘පුරාවෘත්තවල’ කියවෙන්නෙ. 4ඩී සිනමා, බොව්ලිං වගේ දේවල් ගොඩක් කොළඹට මුලින් ම හඳුන්වාදුන්න තැනක් තමයි මෙතන. ඒත් දැන් අවුරුදු ගානක් ගෙවිලා ගිහින්; කොළොම්තොට තාම මහළු වෙලා නැතත් එක්සෙල් වර්ල්ඩ් එකේ තිබුණු ‘හැපනින්’ ගතිය කාලෙත් එක්ක අඩුවෙලා ගිහිල්ලා. එක්සෙල් වර්ල්ඩ් එකේ තියෙන, ඒ කාලෙ කොළඹ කන බොන අය අතර ජනප්‍රිය අවන්හල වුණු කෙග් එකේ දැන් තත්ත්වය මොන වගේද කියල බලන්න අපිත් ගියා, සෙනසුරාදා හැන්දෑවක.

කෑම බීම

මෙතන තියෙන කොක්ටේල් වර්ග බොහොමයක් ලංකාවේ අපි නිතර අහල තියෙන ඒව නෙවෙයි. ඉතිං අපි කොක්ටේල් එකට දාන දේවල් ලිස්ට් එක බලලා තමයි හොඳ ඇති කියල අපට හිතුණු කොක්ටේල් ඕඩර් කළේ. හැබැයි මෙනු එකේ තියෙන සමහර කොක්ටේල් වර්ග අපි ගිය දවසේ තිබුණේ නෑ.

මම ගත්තේ ඉලූෂන් (රු. 1100) එකක්. නම අමුතු වුණාට මේකේ රස නම් මට පුරුදු රසක්. හරියට මොහිතෝ එකකට පේර දාලා වගේ. මම මේකට ආසයි. මගේ යාළුවෝ දෙන්නට බොන්න ඕන වුණේ ඇලීනා සහ චෙරි පොප්.

චෙරි පොප් (රු. 550) කීවට මේකේ රසයි පාටයි දෙකම ගොඩක් කිට්ටු නෙල්ලි  ක්‍රෂ්වලට තමයි. හැබැයි පැණිරස හොඳට ම වැඩියි; සරුවත් එකක් බොනවා වගේ. අන්තිමේ දි මගේ යාළුවා වොඩ්කා ෂොට් එකක් ගෙන්නගෙන ඒකත් එක්ක මිස්ක් කරගෙන තමයි මේක බිවේ.

හැබැයි අපි ගත්ත කොක්ටේල් තුනෙන් හොඳම එක තමයි ඇලිනා (රු. 885). මේකේ රස ටිකක් ලෝං අයිලන්ඩ් අයිස් ටී එකට කිට්ටුයි. හැබැයි මෙනු එකේ තිබුණු විදියට නම් මේකට කෝක් දාන්නෙ නෑ. මේකට දාන කලුවා එකෙන් තමයි ඒ පාටයි රසයි එනවා ඇත්තෙ.

මගේ විශේෂ කැමැත්තක් නැතත් අපි බයිට් එකට හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 955) එකකුත් ගත්තා. මොකද මේක ලංකාවේ ජනප්‍රිය ම බයිට් එක නේ. විශේෂ කැමැත්තක් නෑ කීවට හොට් බටර් කට්ල්ෆිෂ්වලට මගේ විශේෂ අකැමැත්තකුත් නෑ. හොඳ වෙලාවට ඇමරිකන්කාරයෝ තවම කෙග් එක ගැන දන්නෙ නැති පාටයි. මේකේ තියෙන තෙල් ගොඩ දැක්කනම් අනිවාර්යයෙන් ඇමරිකන් හමුදාව එවනවා මේක අල්ලගන්න. 3 එග් ඔම්ලට් එකත් (රු. 420) එක්ක ආපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගැනත් කියන්න තියෙන්න එච්චර තමයි; තෙල් බේරෙනවා. ඔම්ලට් එකෙත් කියන්න තරම් නරකක් නැතත් කියන්න තරම් හොඳකුත් නෑ.

මම ඉල්ලපු ජම්බලයා රයිස් (රු. 715) එක වෙනුවට ආවේ ප්‍රයිඩ් රයිස් සහ නාසිගුරං අතර පෙනුමක් තියෙන බත් එකක්. රසේ නම් අවුලක් නෑ. ඒත් ජම්බලයා රයිස් එකක තියෙන්න ඕන කේජන් ස්පයිස් රහක් නම් ගෑවිලා වත් නෑ. අපි පස්සෙ තමයි දැක්කෙ එයාලගේ මෙනු එකේ “ජම්බලයා රයිස්” කියන එක ලියලා තියෙන්නේ පෙරළි කොමා දෙකක් ඇතුලේ. ඒ කියන්නෙ “ජම්බලයා” කීවට මේක ඇත්තට ජම්බලයා නෙවෙයි කියල එයාලත් දන්නවද දන්නෙ නෑ.

හැබැයි ඒ ඔක්කොටමත් එක්ක හරියන්න ස්පයිසි ශ්‍රිම්ප් ඇන්ඩ් පෙනී පාස්තා (රු. 960) එක; හොඳට ගම්මිරිස් එහෙම දාලා හදන මේකේ සෝස් එක පොඩි කාලේ කාලා පුරුදු ඉස්සෝ කරියක් වගේ. මේ වගේ පාස්තා එකක් නම් ලෝකේ වෙන කොහෙවත් තියෙන්න විදියක් නෑ; නිකං හදවතින් ම ශ්‍රී ලාංකිකයි වගේ. හැබැයි පට්ට රසයි. මේක කැවට පස්සෙ අපට හිතුනේ සමහර විට මෙයාලාගේ මෙනු එකේ තියෙන ශ්‍රී ලංකන් කෑම නම් හොඳට හදනවා ඇති කියලා.

තැන

ඉස්සර සෑහෙන හැපනින් තැනක් කියල කීවට අපි යද්දි නම් මෙතන මේස වැඩිහරියක් හිස්. හැබැයි තවමත් පොඩි පොඩි ඕල්ටනේටිව් මියුසිකල් ඉවෙන්ට් නිතරම වගේ මෙතන කියෙනවා ලු. ඒ වගේ දවස්වලට නම් සෙනග එනවා ඇති. ලේසර් ලයිට් ටිකක් එහෙම දාලා තිබුණට ක්‍රිකට් ක්ලබ්, මැන්චෙස්ටර් වගේ තැන්වලට වඩා ටිකක් අඳුරු, ක්ලැසික් පෙනුමක් (සහ මූඩ් එකක්) තමයි මෙතන තියෙන්නෙ.

අවසාන වශයෙන්

කලිනුත් කීව වගේ ඔයා ඕල්ටනේටිව් මියුසික් සින් එකේ ඉන්න කෙනෙක් නම්, කෙග් එක ඔයාට නුහුරු තැනක් වෙන්න බෑ. ඒ වගේ දේවල් නැති දවස්වලට වුණත් අඩ අඳුරේ පැත්තකට වෙලා පොඩි අඩියක් ගහන්න මෙතන නරක නෑ. හැබැයි මෙනු එකේ තියෙන හැම කැමක්ම එක වගේ හොඳ නෑ. ඒ නිසා ගන්න ඕන මොනවද කියල හරියට දැනගෙන යන්න ඕන. අපේ අත්දැකීමේ හැටියට නම් පොඩි ශ්‍රී ලංකන් ගතියක් තියෙන ස්පයිසි කැම තමයි මෙයාලා හොඳට හදන්න දන්නෙ.


TIP

Their cocktails are worth the price, but try out their mixed grill if you want a selection of bites to go around.

Address

338, T.B Jayah Mawatha, Colombo 10.

Directions

This is right inside Excel World.

Contacts

Report Inaccuracy

Open until 03:00 AM

Cuisine

Pub Food

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4

Have you visited this place?

Write your own review!
See 1 Comment