Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

The Kingsbury

48, Janadhipathi Mawatha, Colombo 1


The Kingsbury hotel is a massive unmistakable building if you're driving by Galle Face - it's one of the grander ones in the city, with an old Victorian theme (at least with the interior). The views from the hotel, especially from the rooftop bar, are pretty cool. And we thought the hotel deserved points for aesthetics, if the general vibe of extravagance doesn't put you off.



තවමත් පූර්ණ විවරණයක් කරන්න තරම් අපි කිංස්බරි හෝටලය නිරීක්ෂණ කරලා නැහැ. ඒ නිසා මෙයත් මූලික එකක් ලෙස සලකන්න. අපි මීට පෙරත් මුල් නිරීක්ෂණයක් කළා. කිංස්බරි හෝටලය ජනවාරි පෙබරවාරි වනතුරු අමුත්තන්ට විවෘතවන්නේ නැහැ. ඒත්, එක් බාර් අවන්හලක් විවෘතයි. චීන හා මුහුදු ආහාර අංශත් විවෘත කරන්න සූදානම්.

කිංස්බරිය කලින් කොන්ටිනෙන්ටල්. ඊට පසු ඉන්ටකොන්ටිනෙන්ටල් වුණා. හේලීස් සමූහය යටතේ එය ඩොලර් මිලියන 18කින් නවීකරණය වෙලා. හේලීස් උපසභාපති ධම්මික පෙරේරා සිය දත් මුවහත් කරගත්තේ කැසිනෝවලින්. ඔහුගේ අලුත් හෝටලය සමෘද්ධිමත්. ඒ වගේම සීතලයි.

kingbury-thrones

ටයිල් ඇතුරුම

ලංකාවේ නූතන ඉහළ‍පෙළේ ගෘහනිර්මාන සම්පූර්ණයෙන්ම ටයිල් අතුරලා. මෙහි ප්‍රතිඵලය ලෙස බොහෝ ගොඩනැගිලි හරියට බාත්රූම් වගේ. නවීකරණය කරනලද සිනමන් ලේක් හෙවත් කලින් ට්‍රාන්ස් ඒෂියාත් ඒ වගේ.

ඒ එක්ක මුළුමනින්ම කරන ලද වායුසමනය එක්වුණාම බාත්රූම්එක තවත් අපහසුකාරීයි. කිංස්බරියේ මුළු ලොබියම ඒ වගේ. එහි විකෘති පෙනුමැති සුවිසල් පුටු තිබෙනවා. එහි පෙනුම හරියට ඇලිස් දුටු විස්මලන්තය වගේ.

පිහිටීම

පැරණි කොන්ටිනෙන්ටල් හෝටලය ආරක්ෂාව හෝ වෙනත් කුමන හෝ හේතුවක් මත එහි කදිම පිහිටීම හිතාමතාම මගහැරියා. එහෙත්, කිංස්බරිය ඒ සවභාවික පිහිටීම උපයෝගී වන අන්දමින් විවෘතවෙලා. එහි කදිම මුහුදු දර්ශනයක් දැන් තිබෙනවා. ගෝල්ෆේස් පිටියේ උතුරු කෙළවරේ පිහිටි එය හරියට පැරණි ගෝල්ෆේස් හෝටලයේ අලුත් ප්‍රතිවාදියා වගෙයි.

එහි සිට ලන්දේසි රෝහල් වෙළඳ සංකීර්ණ පරිශ්‍රයට හා වේගයෙන් සංවර්ධනය වන කොළඹ කොටුව ප්‍රදේශයට අතේ දුර. ඒ නිසා මෙතැන නවතින්න හොඳ තැනක් වේවි. එහි භෞතික අනන්‍යතාව හිල්ටන්ට වඩා ඉහළ මට්ටමේ. එය ගලධාරියට වඩා ඉහළ මට්ටමේ වේ යයි බලාපොරොත්තු විය හැකියි. කාලය විසින් ඒවා තීරණය කරාවි. kingbury-red-bar-chairs

බාර් / අවන්හල

ඔවුන් අපට කීවා තව ටික දිනක් යනතුරු ඔවුන් කාමර පහසුකම් නොදෙනබව. ඒත්, පළමු මහලේ එක් බාර් අවන්හලක් විවෘතයි. එහි හොඳ අවකාශයක් තිබෙනවා. මිළ සාමාන්‍ය හෝටල් මිළ. බර්ගර් එකක් රු. 650 - 1,500 අතර වෙනවා. අතුරුපස මිළ ඇරඹෙන්නේ රු. 700න්. ලයන් බීර කෑන් එකක්  රු. 470ක්. අපි කෑමට නැවතුණේ නැහැ. අපේ සමහර මිතුරෝ කීවා කෑම හොඳය කියා. kingbury-fish-pillar

සාරාංශය

පවතින සාමාන්‍ය ගෘහනිර්මාන ශිල්පීය ප්‍රවණතාව අනුව වැසිකිළිකරණය දෙසට යොමුවුණාට කිංස්බරිය ආරක්ෂක හේතු මත හරිහැටි භාවිතා නොවුණු කොන්ටිනෙන්ටල් / ඉන්ටකොන්ටිනේනටල් හෝටල්වලට වඩා තත්වයෙන් උසස් වෙනවානම් එය කොළඹට ජයග්‍රහණයක්.

Address

48, Janadhipathi Mawatha, Colombo 1

Directions

Head right to the end of the Galle Face rampart, and you'll see The Kingsbury at the Galadari roundabout.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open until 06:00 AM

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
2
Service Rating
3
Ambience Rating
2
Similar Places

Have you visited this place?

Write your own review!
See 12 Comments