Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

The Last King's Jail Cell

No. 69, Janadhipathi Mawatha Colombo 01

  • Open Daylight hours, depends on the security guard


This tiny memorial to Sri Wickrama Rajasingha in the Ceylinco parking lot is a quirky destination.



දැන් ත්‍රිරෝද රථ නැවතුම්පළක් අසල පිහිටි සිංහලේ අන්තිම රජුගේ සිරගෙය


සිංහලේ අන්තිම රජුගේ සිරගෙය සෙලින්කෝ ‍ගොඩනැගිල්ලේ සෙවණැල්ලට යටවෙලා. ඩච් හොස්පිටල් සිට එතැනට තිබෙන්නේ කෙටිදුරක්.

මේ මුළු ප්‍රදේශයම 1996දී කොටි‍ සංවිධානය විසින් එල්ල කරනලද මහබැංකු බෝම්බයෙන් විනාශවුණා. ඒ නිසා මේ සිරකුටිය මුල් ගොඩනැගිල්ලමද කියා සැකසහිතයි. පෙනෙන හැටියට, සිංහලේ අන්තිම රජු සිරකළ කුටිය අද කාලේ මුරකුටියක් වැනි කුඩා තැනක්.

රජු හා රැජින සිරගතව


ඇතුළත ශ්‍රී වික්‍රම රාජසිංහරජුගේත්, ඔහුගේ බිසය යන වෙන්කත රෙංගම්මාල්ගේත් ඔවුන් පාවාදුන් මහසෙනෙවි පිළිමතලාවේගේත්, ඔවුන්ගෙන් පාලන බලය අත්පත් කරගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රි‍ග්ගේත් පිංතූර තබා තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔහුගේ අවසන් කාලය ගත කළ දකුණු ඉන්දියාව වෙත රැගෙන ගිය නැවේ රූපයකුත් එහි තිබෙනවා.

 

අපේ අවසන් රජු රසවත් පුද්ගලයකු වන්නේ ඔහු විශේෂයෙන් හොඳ නිරිඳකු වූ නිසා නොවෙයි. ඔහු දරුණු මර්දකයකු වූ අතර ඔහුට සිය වැසියන්ගේ සහායත්, රාජධානියත් අහිමිවුණා. ඒත්, ඔහු සිංහලේ අන්තිම රජු ලෙස ඉතිහාසගතයි. පරම්පරා ගණනාවක් ලංකාව පාලනය කළ දකුණු ඉන්දියාවේ මදුරෛ රජපවුලට සම්බන්ධ නායක්කර් පෙළපතින් පැවත ආ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මුල් නම කන්නසාමි. ඔහු කතා කළේ දෙමළ බස. ඔහුගේ කොඩියේ තිබුණු සිංහ සංකේතය තමයි, අදත් ලංකාවේ ජාතික කොඩියේ ප්‍රධාන කොටස. ඒත්, එය සිංහල ස්වෝත්තමවාදී ලක්ෂණයක් ලෙස ඇතැම් අය සලකනවා. එය තෙළිඟු, දෙමළ රජුන්ගේ සංකේතයක්.

ලංකා බැංකු ගොඩනැගිල්ල, ලෝක‍ වෙළඳ මධ්‍යස්ථානය, ඉන්ටර්කොන්ටිනෙන්ටල් වැනි මහා ගොඩනැගිලි අස්සේ පිහිටි මේ අපිළිවෙල ස්මාරකය ඉතිහාසය දෙස එබී බලන්න පුංචි කවුළුවක් විවෘත කරනවා. ඒ පැත්තේ යනවානම් බලන්න වටින තැනක්.

TIP

Visit this before or after going to O Bar (Dutch Hospital). It shows that you're an impressive local.

Address

No. 69, Janadhipathi Mawatha Colombo 01

Directions

Follow the Galle Road till you get to the Kingsbury. It's on the corner (opposite side), inside the Ceylinco parking lot.

Report Inaccuracy

Open Daylight hours, depends on the security guard

Similar Places

Have you visited this place?

Write your own review!
See 7 Comments