Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Bread Teaser Top Banner -temporary
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

The Lava Factory

Delivery only


A home baker specialised in lava cakes.



විශ්වි තමයි ප්ලේස් එක හොයාගත්තෙ. ඒ වගේම එයාම තමයි ඕඩරේ දැම්මෙත්.. 

කොහොම හරී.. මම ඔෆිස් එකට යනකොට දාපු ඕඩරේ කේක් ටික ඇවිල්ලත් එක්ක.

වැඩේ වුණේ ඒ ආවට, ‘ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ’ කියල.. යාන්තම් මගේ කොටස විතරක් ම බේරිලා තිබ්බ එකනෙ.

ආයෙ ඉතින් ඒකත් වාෂ්ප වෙන්න කලින් කියල මම ගියපු අනික් පැත්තටම දස බස ගාලා තිබ්බ ටිකට වැඩේ දීලා දැම්මා.

ම්... මුලින්ම කෑවෙ නටෙලා ලාවා කේක් (රු. 390) එක.

ඇත්තටම ඒ වෙද්දි ඒක ටිකක් නිවිලා තිබ්බෙ. හැබැයි චොක්ලට් රසයෙන් නම් අනූනයි. ඒ වගේම දියාරු චොක්ලට්වලිනුත් අඩුවක් නෑ... විශේෂයෙන්ම කියන්න ඕන එයාලා මේ කේක් එකට පාවිච්චි කරල තිබ්බෙ හොඳ කොලිටි චොක්ලට් එකක්. කේක් කෑල්ලත් හරිම සොෆ්ට්. 

ඒත් අන්න ඒකට කොෆි, චොක්ලට් ලාවා කේක් (රු. 390) එක. ෂැහ්... ටොප් ආ! පදමටම කෝපි රස සෙට්වෙලා.. පංකාදු චොක්ලට් රසකුත් එක්ක නූලට ගැලපෙන්න. අනික කේක් කෑල්ලෙත් අඩු නැතිව ම, කෝපි, චොක්ලට් රසනෙ.

ම්.. වයිට් චොක්ලට් ලාවා කේක් (රු. 420) එකත් හොඳයි. හැබැයි මට සෙට් වුණේ නෑ. මොකද ඒකෙ තියෙන්නෙ තද කිරි රසකුයි, පැණි රසකුයි, කැරමල් වගේ රසකුයි. ඊටත් කට දෙක කාගෙන යද්දි ඒකෙ තියෙන පැණිරහටම මත්වෙන ගතියයිත්, හ්ම්..!

අන්තිමටම කාපූ.. කැෂු ෆජ් කේක් (රු. 420) එක!

පංකාදුයි යාළු මල් හතයි. ආයෙ මදි නොකියන්න කජු දාලා, තද චොක්ලට් රසත් තියෙන්න.. හැබැයි කේක් එක ෆුල් සොෆ්ට්.. 

ආහ්, අනිත් එක. මේ සියළුම කේක් එන්නේ.. පොඩි කප්වල. උපරිම වුනත් ඉතින් එක්කෙනෙක්ට වගේ තමයි..


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment