3/5

The Manchester

100/10 Independence Avenue, Colombo (Next to Agra)


Occupying the former Agra bar, Shimmer, the Manchester dons the mantle of the previously Indian themed space, changing pretty much nothing except its name.


නිදහස් චතුරශ්‍රය පැත්තෙ දැන් ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන්. ලස්සනට පාරවල් හදල, ලාම්පු හයිකරලා, මාර ලස්සනයි. ඉතින් හවස් යාමෙක චිල් එකේ ඇත්තටම නිදහසේ කල් ගතකරන්න හොඳ පරිසරයක් තමයි ඔය පැත්තෙ තියෙන්නෙ. ඔහොම නිදහසේ කල් ගතකරලා තිබහට නිදහසේ ඩ්‍රින්ක් එකක් ගන්න තැනක් ඕනේ නං ඔය ළඟම තියෙන මැන්චෙස්ටර් එකට යන්න.

 

තැන

මැන්චෙස්ටර් එක තියෙන්නෙ ටිකක් හොයාගන්න අමාරු තැනක. නිදහස් චතුරශ්‍රය ඉඳන් එනවනං චතුරශ්‍රය පිටිපස්සෙ පාරෙන් එන්න ඕනේ. ඒ කියන්නේ අර දිග පොකුණු දෙක පහුකරලා ආර්කෙඩ් එක පැත්තට යන අඩිපාර. ඒක දිගේම අර ව්‍යායාම් උපකරණ පහුකරගෙන ගියාම ශ්‍රී ලංකා පදනම් ආයතන පාර හම්බවෙනවා.එතකොට වමට හැරෙන්න. ප්‍රධාන පාරවල් වලින් එනවනං ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් හරි නිදහස් මාවතෙන් හරි ශ්‍රී ලංකා පදනම් ආයතන පාරට දාන්න.  පාරට වැටුනට පස්සෙ Agra කියන ඉන්දියන් රෙස්ටුරන්ට් එකේ විසාල නාමපුවරුවක් අහුවෙනවා. ඒ නාමපුවරුව ගාවම ඇතුලට යන්න පොඩි පාරක් තියෙනවා. පට්ට කළුවරයි වගේ පෙනුණට අර වෙසක්වලට එල්ලන ලයිට් වැල් වගයක් එල්ලලා තියෙනවා. ඒ පාර දිගේ පොඩ්ඩක් පල්ලෙහාට ආවම බාර් එක තියෙනවා.

බාර් එක ඇතුලේ නං කිසිම කලුවරක් නැහැ. ගාණට එලිය දාල තියෙනවා. ඇතුලේ අලංකරණයට කෙලින්ම ලයිට් වැල්වලට බීම බෝතල් එල්ලලා අලුත්ම සැරසිල්ලක් හදාගෙන තියෙනවා. ලස්සනයි. ලී මේස පුටු එක්ක නියම පබ් ගතියක් තැනට අරං තියෙනවා. මැද උස මේස පුටුවල වාඩි වෙලා ඉන්න පුළුවන්, බාර් එකේ උස පුටුවල ඉන්න පුළුවන්, නැත්තං ටිකක් ඇලවෙන්න වගේ හිතෙනවා නං කොනේ තියෙනවා ලෙදර් සෝෆා කිහිපයක්. සැප පහසුවට ඉන්න පුළුවන් ආබාධයක් නැතුව. ඒකම වෙන්නැති ටිකක් විතර සෙනග හිටියේ. තැන ජනප්‍රියයි.

 

බීම

අපි තිබහ නිවාගන්න කියල ගත්තේ විස්කි සවර් එකයි (රු 900), මොහිටෝ එකයි (රු.800), ලයන් කෑන් දෙකයි (එකක් රු 300).

විස්කි එක නියම පදමට තිබුණා. මධ්‍යසාර අඩුකරලා නැහැ. හොඳ ඇඹුලකුත් දැනුනා. රස සමබර වෙන්න ලා පැණිරසකුත් තිබුණා. මොහිටෝ එක රසට තිබුණට එච්චර ඇඟට වැදුනේ නැහැ. මේකට රම් එච්චර දාල නැති පාටක් තමයි තේරුණේ. කමක් නෑ. රසට තිබුණනේ.

 

කෑම

බයිට් එකට මුකුත් නොකා බෑ නේ. කෑම ටිකකුත් අපි ගෙන්නගත්තා. අල වෙජස් පිඟානක් (රු.550), චිකන් ටීකා කෙබාබ් (රු 900), ඩෙවල් කරපු මීට්බෝල්ස් (රු.800) තමයි අපි ඔර්ඩර් කලේ.

අල කෑලි ටිකනං වෙනද තියෙන බැදපු අල කෑලි තමයි. උණු උණුවෙම ආවා. පිට කර කර ගාල හැපුනත් ඇතුලේ මෙලෙක්. සැහැල්ලු කෑමක් නං ඕනේ, මේක සිරා.

චිකන් ටීකා කෙබාබ් නං නැගල ගියා. එහෙ බලල මෙහෙ බලනකොට කට්ටිය පිඟානෙන් බාගෙකට වග කියල. අල්ලපු ගමන් කෑලි වෙන ගාණට මෙලෙක් වෙච්ච කුකුල් මසේ ගාණට තුනපහ පදමත් තිබුණා, මාර රහයි. ආවොත් මේක කාලම බලන්න.

මීට්බෝල්ස්වල නං අමුතු හොඳක් කියන්න නැහැ. සාමන්‍ය මීට්බෝල්ස් තමයි. හැබැයි මේක හදල තිබුනේ හොඳ සැර සෝස් එකක් එක්ක. ඒ මදිවට මිරිස් කෑලිත් දාල. කට සැරට ඕනේ නං මෙන්න භාණ්ඩේ. සැර වැඩිවෙන්නත් පුළුවන්.

සේවයේ නං හොඳ නරක දෙකම තිබුණා. සෙනග වැඩි වෙලාවක ගියොත් වේටර් කෙනෙක් අල්ලගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. තව ඇතුලේ සංගීත රාවේ සද්දේ ටිකක් වැඩි පැත්තට බර හින්ද ටිකක් කෑගහල කතාකරන්න වෙනවා. හැබයි වේටර් කෙනෙක් අල්ලගත්තොත් ඒගොල්ලෝ මෙනුව හොඳට දන්නවා, හොඳට සලකනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් නැහැ.

 

අවසාන වශයෙන්

පොඩි අඩියක් ගහන්න මැන්චෙස්ටර් එක නරක නැහැ. කට්ටියක් එක්ක සෙට්වෙන්නත් මෙතන නරක නැහැ. මේ පැත්තෙ යනවනං වටේ ගස් සෙවනේ පොඩ්ඩක් ඇවිදලා තොල කට තෙමාගන්න මෙතනට ගොඩවෙලා යන්න.


TIP

Good papaya juice. And yummy mayo.

Address

100/10 Independence Avenue, Colombo (Next to Agra)

Directions

Manchester is behind Agra, which is near Independence Square. From Independence Ave, turn down the road past the National Library Board. Then turn left and immediately right again, down Foundation Ave.

Contacts

E-Mail Facebook

Closed right now

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Fish And Chips

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3


Latest