Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

4/5

The Manhattan Fish Market

31 Deal Place, Colombo 3


The Manhattan Fish Market has delicious seafood and ridiculously friendly stuff - it's an awesome place to dine at if you can handle the bill.



මෑන්හැටන් ෆිෂ් මාකට් කියන්නේ විශිෂ්ට මැලේ සියානු නම්වර සමාගමක් හෙවත් ෆ්‍රැන්චයිස් එකක්. ඔවුහු ගුණාත්මක අතින් ඉහළ මුහුදු ආහාර නිපදවනවා. මිළ අධික වුණත් ගුණය එක්ක බැලුවාම සාධාරණයි.

නම්වර සමාගම් ව්‍යාපාර හරිය‍‍ට කරන එක නරක දෙයක් නොවෙයි. මෑන්හැටන් ෆිෂ් මාකට් ඇත්තෙන් ම මෑන්හැටන් පදනම් කර ගත් සමාගමක් නොවෙයි. මැලේසියානු සමාගමක්. එහි ශාඛා සිංගප්පූරුවේ තායිලන්තයේ, ඕමානයේ හා ඉන්දුනීසියාවේ තිබෙනවා. එය ලංකාවේ විවෘත වුණේ 2013 මැයි 31දායි.

අපි ඔවුන්ගේ ආරාධනයෙන් එහි නිරීක්ෂණ භෝජනයක් සඳහා ගියා. අපි සාමාන්‍යයෙන් ස්ථාන බලන්න යන්නේ නිර්නාමිකවයි. අපි සාමාන්‍ය පාරිභෝගිකයන් ගෙවන අන්දමින් ම බිල් ගෙවනවා. ඒත්, අපි මේ ස්ථානය ගැන විශේෂයක් කළා. ඔවුහු සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරණයක් කරනවා. ඒ නිසා අපි හිතුවා, එය විවෘත කරන්න පෙර එය ගැන ලිවිය යුතු ය කියලා. මෙම ලිපිය විවරණයක් ලෙස සලකලා, මේ ස්ථානය සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් වෙනස් අන්දමේ ඒවා නම් මෙහි ඒවා සටහන් කරන්න.

අපේ අත්දැකීම අනුව නම් කළමනාකරණයත්, කාර්ය මණ්ඩලයත් සුපිරියි. ඒත්, ඒ සුපිරිකම රඳා පවතින්නේ ඔබ කවුරුදැයි නො දැන පවා ඔවුන් ඒ අන්දමින් ම ඔබට සලකනවා නම් පමණයි.

පිහිටීම

මෑන්හැටන් ෆිෂ් මාකට් පිහිටා තිබෙන්නේ ඩුප්ලිකේෂන් පාරත්, ඩීල් පෙදෙසත් හමු වන මුල්ලේ. එතැන  BARS Cafe, Chesa Swiss සහ පෙරේරා ඇන්ඩ් සන්ස් වැනි අවන්හල් ගණනාවක් ම තිබෙනවා. එහි කාර් 12ක් පමණ නවත්වන්න ඉඩ තිබෙනවා. පහක් අවන්හල ඉදිරිපිට. අනෙක්වා පාරේ අනෙක් පැත්තේ.

මෙතැන කලින් ඩයලොග් ෆියුචර් සෙන්ටර්. මම හිතන විධියට එය අවකාශය නරක ම විදියට පාවිච්චි කළ එක් අවස්ථාවක්. ඒ අවලස්සන, පටු ගොඩනැඟිල්ල මහල් දෙකක් පුරා විහිදුණු දැවැන්ත විවෘත අවකාශයක් බවට පත් කරලා. ඒ සඳහා භාවිතා කර තිබෙන්නේ කටු සිමෙන්තියෙන් වෙන් කළ පෞද්ගලික භෝජන කුටි, එළිමහන් බංකු ආදියයි. විශේෂයෙන් ම කුස්සිය සඳහා සෑහෙන වියදමක් කරලා. එය තමයි, මම ඇමරිකාවෙන් පිටතදී දුටු නවීන ම කුස්සිය.

මෑන්හැටන් ෆිෂ් මාකට්හි උඩු මහලේ පවුලේ අසුන් කුටි තිබෙනවා. සම්මේලන ස්වරූපී මේසත්, පෞද්ගලික කාමරත් තිබෙනවා. (ඒවායේ iOS උපකරණ සහ iPhone/iPad ආදිය සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධක සකසා තිබෙන නිසා ඔබට ඒවා භාවිතා කරන්න, සංගීතයට සවන් දෙන්න පහසුයි.) වෙනත් අංශවලත්, යාබදව ඇති වහලක් නැති අවකාශයේත් ‍කදිම දැව මේස, යකඩ පුටු ආදිය තිබෙනවා.

තත්වය

අප අතට පත් වුණේ රස ග්‍රන්ථි උත්තේජනය කරන මෙනුවක්. සිංගප්පූරු තරුණයකුත් එක්ක අපි පහත මහලේ අසුන් ගෙන කාර්ය මණ්ඩලය දෙස විමසුම් ඇස යොමාගෙන හිටියා. සාමාන්‍යයෙන් විවෘත කරන දිනයේ රාත්‍රියේ ඔබේ අත්දැකීම වෙනස්. ඒත් මේ අවන්හල වෙනස්. එය සංවිධානය කර තිබෙන්නේ එක ම වර්ගයේ ආහාර ඔබ එහි යන ඕනෑම දිනයක රස විඳින්න පුළුවන් විදියටයි. සමහර වෙලාවට ඒවා සකසන්න ගත වන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ආහාර ඇත්තෙන් ම හොඳයි.

මෑන්හැටන් ෆිෂ් මාකට් විධිමත් භෝජන හා ක්ෂණික ආහාර අතර පිහිටි ආහාර වර්ග පිරිනමන තැනක්. ඔවුහු ඉතා ඉහළ මට්ටමේ, සමහර විට ආනයනික දේ වන අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔවුන් භාවිතා කරන්නේ ඔවුන්ගේ ම සෝස්. සෑම දෙයක් ම තමන්ගේ අනන්‍යතාව පළ වන විධියට සකස් කරගෙන. ඒත්, මෙනූපත‍් හා ඉදිරිපත් කිරීම් TGI Fridays හෝ ඇමරිකානු මධ්‍යම පංතික අවන්හලක් වන Chili'sහි වගේ. ඒත්, මෙහි ගුණාත්මකබව ඩයින්මෝ වැනි තැනකට වඩා ගොඩක් හොඳයි. ලැගූන් වැනි තැනකට වඩා මෙතැන නිදහස්.

ආහාර

කලිනුත් කිව්වා වගේ ම මෙහි කෑම නම් ඇත්තෙන් ම හොඳයි. සුප් වර්ග (රු. 390) රසයි: සරුයි. . රසවත්. අපි රස බැලුවා, හතු සහ clam chowder. මට්ටි (රු. 1200) ගොඩයි. ඒවා ක්‍රීම් වැනි සෝස් වර්ගයක් සමග කදිමට පිසලා. ඒවා කනකොට මට කැනඩාව මතක් වුණා. මෙහි ඇති මුදලට වටිනා ම ආහාරය මාළු හා චිප්ස් (රු. 890). ඒ සමග ආනයනික සුදු ඩෝරි මාළු පෙති දෙකකුත් පිරිනැමෙනවා. මේ ඩෝරි මාළුවා ඔවුන්ගේ මෙනුවේත් තිබෙනවා. එය කාලා බලන්න වටිනවා. පිළී රස නැහැ. මෘදුයි. කටේ ම දිය වෙනවා. අප‍ට නම් වැඩියෙන් ම රසවත් වුණේ සාමාන්‍ය පෙනුමැති කුළු බඩු සමග බේක් කරන ලද මාළු සමග බත්. (මිළ රු. 1090). එහි තිබුණේ ඊයම් කොළයේ ඔතන ලද ඩෝරි මාළු හා බත්. ඒත්, එයට පදමට කුළුබඩු මිශ්‍ර කරලා. මාළු කටේ ම දිය වෙනවා. එය මෙනුවේ තිබෙන වැඩි ම ආකර්ශනීය පෙනුමැති දෙය නො වුණත්, එය කාලා බලන්න වටිනවා.

මේ පරීක්ෂණ සමය තුළ ඔවුන්ගේ ජනප්‍රිය දීසිවලින් එකක් තමයා ‍‍ඉස්සෝ. ඒත් ලොකු, රජ ඉස්සන් (රු. 1790) ටිකක් මිළ වැඩියි. එතරම් ගොඩකුත් නැහැ. ඔවුන්ගේ සියල්ල අඩංගු පළංඟාන (රු. 3000) ගෙවන මිළට වටිනාකම වැඩියි. එය තුන් දෙනෙකුට පමණ ප්‍රමාණවත්. මඩ පයි  (රු. 590) අතුරුපසත් රසවත්. ඒත්, එහි රටකජු අඩංගු බව පෙනුණ නිසා ශ්‍රැති විතරයි ඒවා කෑවේ.

නැවතත් කියනවා නම් කෑම අති විශිෂ්ටයි. ඔවුන් පැහැදිලිව ම හොඳ අමුද්‍රව්‍ය සපයා ගැනීම ගැන සැලකිලිමත්. ඔවුන් බැදුම්වල හා පාන්වල තත්වය දක්වා ම හැම දෙයක් ගැන ම සොයා බලනවා. එහි දැඩි තත්ව පාලනයක් වගේ ම කාර්ය මණ්ඩලයට හොඳ පුහුණුවකුත් තිබෙනවා.

හැබැයි මිළ නම් අඩු නැහැ. මත්පැන් නො වන ඔවුන්ගේ රස ම රස බීම බීලා බැලිය යුතුයි. ඒ බීමත් එක්ක දෙදෙනෙකුගේ වියදම රු. 3000ත් 5000ත් අතර වේ යි බලාපොරොත්තු වන්න. එය මුදලට වටින බවත් කිව යුතුයි. ඔබ ගෙවන්නේ ජාත්‍යන්තර මට්ටමේ තත්වයෙන් යුත් ඩෝරි මාළු, පොකිරිස්සන් ආදී අමුද්‍රව්‍යවලින් පිසූ ආහාරවලටයි. ඊට අමතරව ඔබ ගෙවන්නේ කුස්සියේ ‍සිට මේසය හා මෙනූ පත දක්වා සෑම දෙයකට ම නො අඩුව වියදම් කරන අවන්හලකටයි. ඒ අනුව ගත් කල මෙහි මිළ සාමාන්‍ය චෛනීස් හෝටලයක මිළට සමානුපාතිකයි.

සේවාව

අප ආරාධිතයන් වූ නිසා කළමනාකරණයේ සිට පහළට කාර්ය මණ්ඩලය අපට ඉතා හොඳ සේවාවක් සැපයුවා. එක් තැනකදී අපට අපගේ ඇණවුම වෙනස් කරන්න ඕනෑ වුණා. අපේ වේටර්වරයාට මේ ප්‍රශ්නය කුස්සියත් ‍එක්ක තමන් ම සාකච්ඡා කර විසඳීමේ හැකියාව තිබුණා. ඒත්, සේවාව ගැන හරියට විවරණය කරන්න නම් අපි නිර්නාමිකව ම පැමිණිය යුතුයි.

ඔවුන් ප්‍රතිචාර ගැන සැලකිලිමත්. සමාජ මාධ්‍ය ජාලයන්හි ඉතා සක්‍රියයි. ඒ නිසා කිසියම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ෂෆ්රාස් අමතන්න.

නිගමනය

මෑන්හැටන් ෆිෂ් මාකට් කොළඹට අවශ්‍ය අලුත් එකතු කිරීමක්. ඒ වගේ ම විශිෂ්ට අවන්හලක්. කෑම විශිෂ්ටයි. පිහිටීමත් හොඳයි. සැලකිලිමත් වුණොත්, ඔවුන්ට වාහන නැවැත්වීමේ ඉඩ වැඩි කරන්න පුළුවන්. අප දන්නා හැටිය‍ට කාර්ය මණ්ඩලය හොඳින් පුහුණු කළ, හොඳ සේවාවක් සපයන එකක්. මිළ අඩු නැතත්, සියලු කාරණා සැලකිල්ලට ගත්තා ම ගෙවන මුදලට වටින අත්දැකීමක්.

මෑන්හැටන් ෆිෂ් මාකට් කියන්නේ ක්ෂණික කෑම නො වන ක්ෂේත්‍රයේ පළමු නම්වර සමාගම. ආයෝජනයක් ලෙසත්, තත්වයෙන් හා රසයෙනුත් එය ඉහළයි. හැම දෙයක් ම ඉහළ පෙළේ. අපේ අදහස නම් පිටත ගොස් කෑම සඳහා එය හොඳ තැනක්.

TIP

The Spicy Baked Fish Rice or anything involving the Dory fish (imported from Vietnam, not from Finding Nemo) is excellent.
All Reviews

We went back to The Manhattan Fish Market recently to see how they're doing.

Manhattan Fish Market is pretty much Colombo’s only seafood franchise to date. They started off a bit iffy with their pricing, but they’ve matured well over the past year to become one of the city’s more frequented eateries.

The Manhattan Fish Market has delicious seafood and ridiculously friendly stuff - it's an awesome place to dine at if you can handle the bill.

The Manhattan Fish Market is an excellent Malaysian franchise brought to Sri Lanka with no expense spared. They do consistently high quality seafood with a fair but high price.

The Manhattan Fish Market is an excellent Malaysian franchise brought to Sri Lanka with no expense spared. They do consistently high quality seafood with a fair but high price.

සිංහල මෑන්හැටන් ෆිෂ් මාකට් කියන්නේ විශිෂ්ට මැලේ සියානු නම්වර සමාගමක් හෙවත් ෆ්‍රැන්චයිස් එකක්. ඔවුහු ගුණාත්මක අතින් ඉහළ මුහුදු ආහාර නිපදවනවා. මිළ අධික වුණත් ගුණය එක්ක බැලුවාම සාධාරණයි.

Address

31 Deal Place, Colombo 3

Directions

From the Liberty Road junction head down Duplication Road, past St. Anthony's Mawatha till Deal Place. You can turn either way to park.

Contacts

Facebook Website

Report Inaccuracy

Closed right now

Price Range

More than Rs.1500

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
T
2

4/5

0

thamashi

Awesome place. The food was excellent. Staff was very nice and helpfull.

B
6

4/5

0

BaileyDar

The drinks @ MFM are amazing!!! I tried some banana drink (monkey something, i can't exactly remember the name) it was delicious. and I love the hot food they serve. They greet each and every customer so loud once they arrive, I kinda don't like it :P

Avatar for damieanyamu
3

2/5

0

damieanyamu

One of the #worstfood I have tasted… #tasteless #oldprawns #verybland all I tasted was the sause #nevergoingback #manhattanfishmarket #rajagiriya

T
2

4/5

0

thamashi

Awesome place. The food was excellent. Staff was very nice and helpfull.

B
6

4/5

0

BaileyDar

The drinks @ MFM are amazing!!! I tried some banana drink (monkey something, i can't exactly remember the name) it was delicious. and I love the hot food they serve. They greet each and every customer so loud once they arrive, I kinda don't like it :P

Avatar for damieanyamu
3

2/5

0

damieanyamu

One of the #worstfood I have tasted… #tasteless #oldprawns #verybland all I tasted was the sause #nevergoingback #manhattanfishmarket #rajagiriya

M
1

5/5

0

mwarapitiya

Best place to visit. Food is awesome. Love the service also.

A
1

5/5

0

Arunabandra

A good dinner with friends and seafood what else. Had this so many time and always love it. No body is perfect guys but they always try never disappointed us. A must try Fish n Chip.

G
1

2/5

0

Giules

Food is okay to good, but way overpriced. In case people weren't aware, Manhattan Fish Market is on the lower end of the scale in it's native Singaore. But much like other imported brands (Breadtalk) they'll be charging astronomical prices that aren't worth what they sling.

For what you pay here you're better off going with some tried and true establishments that can't be beat like the Lagoon Restaurant at Cinnamon Grand.

J
1

5/5

0

Janaka360

Grilled Glory Dory එක නම් නියමයි, Spicy baked Fish එක නම් දහ ජරාවක් සමහර විට ඒකේ හැටිද දන්නේ නෑ …

See 94 Comments